Contact us now +61(0) 433 638 610

Articles

එකැස් අම්මා

Posted in ආකල්ප by on March 9, 2013

මගේ අම්මාට තිබුණේ එක් ඇසකි. ඒ නිසාම ඇගේ පෙනුමත් අවලස්සන විය. එහෙත් ඇය පවුල නඩත්තු කරනු වස් ආහාර පිස විකුණුවාය.

මා පාසලේ අධ්‍යාපනය ලබන අතර දිනක් ඇය මා බැහැ දැකීමට ආවාය. ඇගේ දසුනින් මම බලවත් අපහසුතාවයට පත්විමි. මගේ මිතුරෙක් පැමිණ, ‘‘ඊයා.. ඔයාගේ අම්මට තියෙන්නේ එක ඇහැයි’’ කියා කීවේය. මම බොහෝ සෙයින් අපහසුතාවට පත් විමි.

ඒ නිසාම මින් පසු මා අපහසුතාවට පත් නොකරන ලෙස කියමින් මම ඇයට බැණ වැදුණෙමි. මගේ මව කිසිවක් නොකිවාය. ඇත්තෙන්ම එදින ඇයට කියූ දේවල් ගැන වැඩිදුර නොසිතුවේ මා එතරම්ම කෝපයට පත් වී සිටි නිසාය. මට අවශ්‍ය වුනේ නිවසින් පළා යාමටය. ඒ නිසාම මම හොඳින් ඉගෙන ගෙන විදේශ රටක අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබ නිවසින් පිටවුණෙමි.

පසුව මම විවාහ වී සුවිසල් නිවසක් ගොඩනැගුවෙමි. දරුවන්ද ලදිමි. මේ අතර දිනක් මගේ මව අපේ නිවසට පැමිණියාය. ඇය දැක මගේ දරුවෝ බියෙන් කෑ ගැසූහ. මගේ කෝපය ඉමවහා ගියේ ය. ‘‘මගේ ළමයි බය කරන්න මොන කෙහෙල්මලකටද මෙහේ ආවේ ?’’ මම තරහෙන් ඇසුවෙමි.

‘‘සමාවෙන්න වැරදි ලිපිනයක් වෙන්නැති’’යි කියමින් ඇය පිටත්ව ගියාය.

කලකට පසු විසිරුණු පවුල් නැවත එක්කරන සංගමයකින් මට ලිපියක් ලැබිණ. මම මගේ බිරිඳට බොරුවක් කියමින් අම්මා බැලීමට ගියෙමි. අසල් වාසීන්ගෙන් ඇය ගැන විමසූ විට මට දැන ගැනීමට ලැබුණේ ඇය මිය ගිය බවය. ඒ පුවත අසා ඇත්තෙන්ම මගේ හිතට දුකක් නොදැනුණි. ඇය ලියූ ලිපියක් ඇගේ අසල් වැසියන් විසින් මා වෙත පිළිගන්වන ලදි. එහි මෙසේ ලියා තිබිණි.

ආදරණීය පුතේ,

ඔබ මා බැලීමට එන බව අසා මම ගොඩාක් සතුටු වුනා. ඒත් මට ඔබ එනතුරු ජීවත් වන්නට බැරි වේවි.
සමාවෙන්න එදා නොදන්වා ඇවිත් ඔබේ දරුවන් බයට පත් කළාට.

පුතා පුංචි කාලේ අනතුරක් වෙලා ඔයාගේ ඇහක් අන්ධ වුණා. අම්මෙක් හැටියට එක ඇහැක් නැතිව ඔයා හැදෙන හැටි මට බලාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම මගේ ඇහැක් ඔයාට දුන්නා.

මට හරිම ආඩම්බරයක් දැනුනා මං වෙනුවෙන් ඔයා අළුත් ලෝකයක් දකිව බව හිතමින්.

මේ ඔබේ දයාබර,
අම්මා

(කතෘ අඥාතය)

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>