Contact us now +61(0) 433 638 610

Articles

කුඩා දරුවෙකුගේ දතක් මුළින්ම ගැළවී ගියොත් අප කුමක් කළ යුතු ද ?

Posted in කාලීන,වෛද්‍ය විද්‍යා by on August 17, 2013

- දන්ත වෛද්‍ය නිලූමි ගුණවික‍්‍රම (Achernar Dental Care – Bundoora)

විවිධ හේතු නිසා පාසැල් යන වයසේ පසුවන කුඩා ළමුන්ගේ දත් කැඞී යාම අප නිතර දෙවේලේ අත් දකින දෙයකි. කුඩා ළමයෙක් වැටී කිරි දතක් ගැලවී ගියොත් ඔබ අනිවාර්්‍යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. නමුත් එවැනි අවස්ථාවකදී එවැනි දතක් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ළමයෙකුගේ ස්ථිර දතක් ගැලවී යාමේදී නම් අප අනුගමනය කරන්නේ වෙනස් කි‍්‍රයාමාර්ගයකි.

ළමයෙක්ගේ ජීවිතයේ අවුරුදු දොළහේ සිට පහළොව පමණ වන තෙක් ස්ථිර දතක දන්ත මූලයේ (Root Apex) වර්ධනය වෙමින් පවතී. ළමයෙක්ගේ ජීවිතයේ අනතුරු වැඩියෙන්ම සිදුවන අවුරුදු අටත් දොළහත් අතර කාලයේදී ඔවුන්ගේ දන්ත මූලයේ කෙළවර විවර වී පවතී. ඒ නිසා කල්ක කුහරය තුළ ඇති ස්නායූ වලට සහ අනෙකුත් පඨක වලට සැළකිය යුතු රුධිර සැපයුමක් ලැබේ. ඒ වගේ කාලෙදී කිසියම් විදිහකින් දතක් ගැලවිලා එළියට ආවත්, ඉක්මණින් ඒ දත නැවතත් දන්ත කුහරය(Tooth Socket) තුළට දැමීමෙන් ඒ දත නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වීමේ ඉඩ කඩ වැඩිය. අනතුරක් සිදු වී විනාඩි විස්සක් ඇතුළත දත ඒ තිබුණු කුහරයටම දැම්මොත් ඒ දත යථා තත්ත්වයට පත් වීමේ සම්භාවිතාව සියයට අසූවත් අනූවත් අතර පවතී. දත ප‍්‍රතිස්ථාපනය කිරීමට (Replanting) ගත වන කාලය වැඩි වන්නට වැඩි වන්නට දත ජීවත් වීමට තිබෙන සම්භාවිතාවයද අඩුවේ.

ළමයෙක්ගේ දතක් ගැලවී වැටුණු පසු ඒ දත හොයා ගන්න ලැබුණොත්, ඉන් පසුව අප කළ යුත්තේ කුමක්දැයි දැන සිටීම දෙමාපිය වැඩිහිටියන් හැටියට ඉතා වැදගත් වේ. පළමුවෙන්ම ඔබ කළබල නොවී සංසුන් ලෙස ඉක්මණින් කි‍්‍රයාත්මක (Act Quickly) විය යුතු ය.

දත බිම වැටී ඇත්නම් ඔබ ඒ දත ඇල්ලිය යුත්තේ දතේ මස්තකයෙන් (Crown) පමණි. කොයිම මොහොතකවත් දන්ත මූලයෙන් නොඇල්ලීමට වග බලා ගන්න. ඉන් පසුව සේලයින් වලින් හෝ කිරි වලින් දතේ තැවරී ඇති කුණු ¥විලි ඉවත්ව යන සේ සේදිය යුතුය. ඉතා වැගත් දන්ත පඨක ගැලවී යා හැකි නිසා කිසිම මොහොතක තද අතුල්ලා සේදීම නොකළ යුතුය. ඉන් පසුව කළ යුත්තේ එසේ සෝදා පිරිසිදු කරගත් දත අනෙක් දත් පිහිටා ඇති ආකාරය අනුව බලා එය තිබුණු කුහරයටම ඇතුල් කිරීමය. මෙහිදී තද පීඩනයක් නොයෙදීමටත් ඔබ වග බලා ගත යුතුය. ඉන්පසු දත නැවත ගැලවී නොයන පරිදි පිරිසිදු ලේන්සුවක් රඳවා දරුවාට එය හපා තදකරගන්නට උපදෙස් දී ඉතා ඉක්මණින් දන්ත වෛද්‍යවරයෙක් කරා ගෙන යන්න. මෙවැනි අවස්ථාවකදී ලේ ගලා යාමත්, දරුවා කෑ ගසා ගැසීමත් නොවැළක්විය හැකි නමුත් ඔබ සංසුන්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය.
කිසියම් විදිහකින් දන්ත කුහරයට නැවතත් දත දැමීමට නොහැකි නම් කළ යුත්තේ දරුවාගේ දිව යට කෙළත් සමග දත රඳවා දන්ත වෛද්‍යවරයෙක් කරා දරුවා ගෙන යාමය. එසේත් නොහැකි නම් කුඩා බඳුනකට ගැළවී ගිය දත දමා දරුවාගේ කෙළ හෝ සේලයින් හෝ කිරි මුසු කරගත් දතත් සමග ඉතා ඉක්මණින් දන්ත වෛද්‍යවරයෙකු කරා දරුවා ගෙන යාම කළ යුතුය.

ඉතා වැදගත් :- අනතුර නිසා දරුවාගේ සිහි නැතිවී ඇත්නම් හෝ වමනය දැමීම වැනි වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් දත ගැන කි‍්‍රයාත්මක වීමට පෙර ඔබ දරුවා රෝහලක හදිසි අනතුරු ඒකකයට වහාම ගෙන යා යුතුය.

ලබන කලාපයෙන් – දරුවෙකුගේ දතක් එහි මුලින්ම ගැලවී ගියොත් වෛද්‍යවරයෙකු අනුගමනය කරන කි‍්‍රයාමාර්ග මොනවාද යන්න සළකා බලමු ?

කැඩපත මෙම ලිපි පෙළ ඉදිරිපත්කරනු ලබන්නේ සද්භාවයෙනි. ඒ නිසා මෙහි දැක්වෙන කරුණු ගැන ඔබ තවදුරටත් විශේෂඥය උපදෙස් ලබා ඒ අනුව කි‍්‍රයාත්මක විය යුතු බව කරුණාවෙන් සළකන්න.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>