Contact us now +61(0) 433 638 610

Articles

නිදහස හා ජනරජය

Posted in කාලීන,දේශපාලන by on February 11, 2013

national-flag

– ඉංදියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් එස්. පියසේන

දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු (1945) තව දුරටත් ඉන්දියාව යටත් විජිතයක් වශයෙන් තබාගැනීමට නොහැකි බව වටහාගත් බි‍්‍රතාන්‍ය පාලකයෝ ඉන්දියාවට නිදහස ලබා දීමට තීරණය කළහ. එහෙත් එසේ කරන ලද්දේ ඉන්දියානු උප මහද්වීපය ඉන්දියාව හා පකිස්ථානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් බවට පත් කිරීමට කරන ලද සැලැස්මක් අනුවය. මේ නිසා දකුණු ආසියාවේ ඉතිරි යටත් විජිත දෙක වූ බුරුමයට හා ලංකාවටද නිදහස දීමට ඔවූහු තීරණය කළහ.

මේ නිදහස් රටවල්වලටද කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා දකුණු අපි‍්‍රකාව යන රටවල් වලට මෙන් ෙසෙවරී ඩොමීනියන් තත්ත්වයක් දීමට අදහස් කරන ලදි. ඉංගී‍්‍රසි ඔටුන්න සමග කිසිම සම්බන්ධයක් තබා ගැනීම ප‍්‍රතික්ෂේප කළ බුරුමය ෙසෙවරී ජනරජයක් බවට ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන්දියාව හා පකිස්ථානය ප‍්‍රකාශ කළේ තමන් ෙසෙවරී ව්‍යවස්ථාවක් සකස් කර බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මිදුනද පොදු රාජ්‍ය මණ්ඩලයක් තුළ රැුදී සිටීමට එකඟ වන බවය.

ලංකාවේ එකදාස් නවසිය තිස් එකේ පටන් එක්තරා ප‍්‍රමාණයක අන්තර් පාලන බලය සහිත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවක් තිබුණේය. සර්වජන ඡන්දයෙන් තෝරා ගත් මන්තී‍්‍රවරුන් 50 ක්ද, ආණ්ඩුකාරයා විසින් පත් කරනු ලබන මන්තී‍්‍රන් 8 දෙනෙක්ද මේ මන්ත‍්‍රණ සභාවට අයත් වූහ.

ඉන්දියාවේ මෙන් පූර්ණ ජාතික නිදහස සඳහා සටන් වැදුණු බලවත් දේශපාලන පක්ෂයක් ලංකාවේ තිබුණේ නැත. එසේ සටන් වැදුණේ එකදාස් නවසිය තිස් පහේ අරභන ලද ලංකා සමසමාජ පක්ෂය (පසුව විවිධ පිල් වලට බෙදුණු) පමණි. නිදහස් ගිවිසුම අත්සන් කරන ලද්දේ එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභානායක ධූරය දැරූ ඞී. ඇස්. සේනානායක මහතා සහ බි‍්‍රතාන්‍යයේ යටත් විජිත භාර මහලේකම් වරයා යන දෙදෙනාය. නිදහස් පනත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කරන විට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ සිටි මහජන ඡන්දයෙන් පත්වුනු මන්තී‍්‍රවරු 48 දෙනෙක්ම එංගලන්ත කිරුළට පක්ෂපාතිත්වය දක්වන ඉංගී‍්‍රසි භාෂාවට ගරු කරන මන්තී‍්‍රවරු වූහ. පනතට විරුද්ධ වූයේ තෝරා පත් වූ මන්තී‍්‍රවරුන් අතරින් දෙදෙනෙක් පමණකි. ඒ දෙදෙනා නම් බිබිලේ මන්තී‍්‍ර ඩබ්ලිව්. දහනායක හා හැටන් මන්තී‍්‍ර වතු කම්කරු නායක කේ. නතේසඅය්යාර් යන මහතුන්ය. ඒ දෙදෙනා පනතට විරුද්ධ වූයේ නිදහස කොන්දේසි සහිත වීම නිසාය. ඒ කොන්දේසි අතර කැපී පෙනෙන කොන්දේසිය වූයේ ති‍්‍රකුණාමල වරායේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ බලයද බි‍්‍රතාන්‍ය සතුව තබාගැනීමය.

1950 ජනවාරි මාසයේදී, ඉන්දියාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මිදී ෙසෙවරී ජනරජයක් බවට ප‍්‍රකාශයට පත් කරන ලදි.

1950 ජනවාරි මාසයේම පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමති වරුන්ගේ සමුළුවක් කොළඹදී පැවැත්වුණි. ඒ සමුළුවට බි‍්‍රතාන්‍ය හෙවත් එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව සහ දකුණු අපි‍්‍රකාව යන රටවල විදේශ ඇමතිවරු සහභාගි වූහ. මේ සමුළුවේදී ගත් සමූහ ඡායාරූපයේ ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙක හැර අනික් සෑම රටකම විදේශ ඇමතිවරු සැරසී සිටියේ බටහිර සම්ප‍්‍රදායික (ටයි – කෝට්) ඇඳුමෙනි. ඉන්දියාවේ හා පකිස්ථානයේ විදේශ ඇමතිවරු ඒ ඒ රටවල සම්ප‍්‍රදායික ජාතික ඇඳුම් වලින් සැරසී සිටියහ. (ලංකාව අයත් වූයේ බටහිර කලාපයටය)

ලංකාව නිදහස ලැබූ පසු අවුරුදු අටක්ම ති‍්‍රකුණාමලය සහ කටුනායක පාලනය කරන ලද්දේ බි‍්‍රතාන්‍ය රජය විසිනි. 1956 බණ්ඩාරණායක රජය එම කඳවුරු වල අයිතිය ආපසු ලබා ගත්තේය.

නිදහස ලබද්දී යාපනයේ අන්තවාදී දෙමල දේශපාලන කණ්ඩායම් දෙකක් උතුරු නැගෙනහිර කලාප වලට වෙනම දෙමළ රාජ්‍යක් ඉල්ලා සිටින ලෙස ඒ පලාත් වල දෙමල මන්තී‍්‍රවරු හත් දෙනාට බලකර සිටියහ. එහෙත් ඔවුන් ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ මන්ද ?

1. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිංහල හා දෙමල මන්තී‍්‍රවරු සියලූ දෙනාගේම පාහේ ව්‍යාපාරික, වෘත්තීමය, සාමාජික හා ආර්ථික කේන්ද්‍රස්ථානය වී තිබුණේ කොළඹ නගරයයි. එසේම ඒ පළාත් දෙකේ වෙළෙඳුන්ගේ සම්පූර්ණ කි‍්‍රයාදාමය කොළඹ නගරයට සීමා වී තිබුණි.
2. එම මන්තී‍්‍රවරුන්ද තම සිංහල සගයන් වැඩි දෙනා මෙන්ම ඉංගී‍්‍රසි අනුකරණවාදීන් වීමය.

1948 පාර්ලිමෙන්තුවේ පෙළ ගැස්ම අනුව සේනානායක මහතාට රජයක් පිහිටුවා ගත හැකි වූයේ ආසන 42 ක් පමණක් දිනා ගැනීමෙනි. එසේ රජයක් පිහිටුවීමටද උතුරු නැගෙනහිර දෙමළ මන්තී‍්‍රවරුන්ගේ සහාය ලැබිණ.

කෙසේ වුවද නිදහස ලැබී මාස 10 ක් ගතවීමට පෙර සේනානායක රජය ඉන්දියානු සම්භවය ඇති කම්කරුවන්ට ඡන්ද බලය අහෝසි කිරීමේ පනතක් ඉදිරිපත් කළේය. මේ පනතට වාමාංශික පක්ෂවල මන්තී‍්‍රවරු සිය දේශපාලන අනාගතය පරදුවට තබා විරුද්ධ වූහ. එහෙත් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා දෙමළ සංගමයේ (ACTC) මන්තී‍්‍රවරුන් හත් දෙනාගෙන් පස්දෙනෙක්ම පනතට පක්ෂ වූහ. එම පක්ෂයේ මන්තී‍්‍රවරු දෙදෙනෙක්, එනම් ඇස්. ජේ. වී. චෙල්වනායගම් සහ සී. වන්නියසිංහම් යන මන්තී‍්‍රවරු පනතට විරුද්ධව ඡුන්දය දී පක්ෂයෙන් ඉවත් වී පෙඩරල් පක්ෂය පිහිටුවා ගත්හ.

දිවයිනේ සිංහල දෙමළ වාර්ගික ගැටුම ඇරඹුණේ එදාය.

1947 අගෝස්තු 15 වෙනිදා නිදහස ලැබූ ඉන්දියාව ව්‍යවස්ථාදායක මන්තී‍්‍ර මණ්ඩලයක් පත්කොට ව්‍යවස්ථාවක් සම්පාදනය කොට අවුරුදු දෙක හමාරක් ඇතුළත ෙසෙවරී ජනරජයක් බවට පත් වූ අතර නිදහස් දින වූ අගොස්තු 15 සහ ජනරජ දිනය වූ ජනවාරි 26 ද උත්සවශී‍්‍රයෙන් සමරති. මෙයින් මුල්තැන ගන්නේ ජනවාරි 26 ජනරජ දිනයයි.

1948 පෙබරවාරි 4 වෙනිදා (කොන්දේසි සහිත) නිදහසක් ලැබූ ලංකාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මිදී ෙසෙවරී ජනරජයක් බවට පත්වීමට අවුරුදු 24 ක් ගතවීය. ෙසෙවරී ජනරජය ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 1972 මැයි මස 22 දාය.

ලංකාව, දේශපාලන පක්ෂ අතර පසමිතුරුකම්වලින් ගහණ වූ රටකි. එක පක්ෂයක් කරන දේ වළක්වාලීම අනෙක් පක්ෂයේ ප‍්‍රමුඛතාවයකි. නිදහස් දිනයට හා ජනරජ දිනයටද මේ ඇබැද්දියම සිදුවීය.

1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු එවකට බලයේ සිටි රජය 1977 දක්වා නිදහස් දින නිවාඩුව සහ උත්සව (පෙබරවාරි) අහෝසිකර දැම්මේය. ඒ වසර පහේම උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ ජනරජ දිනය පමණි.

1978 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය, ජනරජ දිනය අමතක කොට පෙබරවාරි 4 වැනිදාට යළිත් නිදහස් උත්සව සැමරුම ගෙන විත් (කිරුළු පළදා) මැයි 22 ජාතික වීරයනගේ දිනය නමින් ‘භෞතීස්ම’ කරන ලදි. කෙසේ වුවද එජාපය පරදවා 1994 දී බලයට පත් රජයද ජනරජ දිනය (මැයි 22) ‘කුණුකූඩයෙන්’ එළියට ගත්තේ නැත.

පක්ෂ ක‍්‍රමය බදාගෙන නිදහස හා ජනරජය පාරිශුද්ධ වශයෙන් සලකන්නට බැරි රටක අනාගතය කෙබඳු වේද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>