Contact us now +61(0) 433 638 610

Articles

මෙල්බර්න් ලොක්කාගේ කෙටි සටහන්

Posted in Uncategorized by on December 13, 2012

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් එන්න ළඟයි. මට මේ දවස් වල හම්බ වෙන ඈයින් ගෙන් වැඩි හරියක් ගෙවිලා යන අවුරුද්ද ගැන කතා කරන්නේ තරමක සිත් තැවුළකින්. ටිකක් විවේක පාඩු තිබුණු වෙලාවක මම ආළින්දයේ හාන්සි පුටුවේ ඇළවිලා මේ ගැන කල්පනා කොරණ්ඩ ගත්තා. ඉස් ඉස්සෙල්ලාම හිතන්න ගත්තේ මේ අවුරුද්ද ගැන මට සතුටු වෙන්න පුළුවන්ද කියලයි. ඉතිං එකින් එක මම කල්පනා කළා පහුගිය අවුරුද්දේ මම කොරන්න හිතාගෙන හිටපු දේවල් ගැන. සංචාරයක් යන්න, දරු මුණුපුරොත් එක්ක එකට කාලය ගත කොරන්ට, කොම්පියුටරේ ටයිප් කොරන්ට ඉගෙන ගන්ට, පොත් කියවන්ට වගේම මගේ දැනුම දියුණු කොර ගන්ටත් පුළුවන් වුනා නේද කියලා හිතනකොට මට දැනුනේ තන්තෝසයක් ආයුබෝවංඩ.

මං ඔහොම කල්පොනා සාගරයේ කිමිදි කිමිදී ඉන්නකොට අපේ එක්කනා කහට කෝප්පයක්කුත් වක්කොරාන ඇවිත් උන්දැට පහසු පුටුවක වාඩි ගත්තේ ආළින්දයේ පිලිසදරකට ලක ලෑස්ති වෙලාමයි ඔන්න. ඉර බැහැගෙන යනකොට අපේ තනිනොතියනට ඉන්න අපි දෙන්නා කහට උගුර උගුර තොළ ගාන ගමන් අතීතය මතක් කොරන්න ගත්තා. ඒ කාලේ ගැන මතක් කොරන එක හරියට චිත‍පටියක් බලනවා වගේ නොවෑ. හැබැයි ඉතිං ඕනවට වඩා අතීතය හාර අවුස්සලා ඒක වරුතමානෙත් එක්ක එක්ක සසදලා හූල්ලන එක නම් අන්තිම මෝඩකමක් නොවෑ.

ඊට පස්සේ අපි අතීතය පැත්තකොට කොරලා ලබන අවුරුද්ද ගැන කතා කොරණ්ඩ ගත්තා. ලබන අවුරුද්දේ කොරන්න හිතාගෙන හිටපු වැඩ ගැන කතා කොරලා ඉවර වුණාම තමයි අපිටම මතක් වුනේ අතීතයයි අනාගතයයි ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව වර්තමානයේ ජීවත් වෙඑකේ තියෙන වැදගත්කොම ගැන. හරියට අපේ පුංචි මුණුපුරෝ සෙල්ලම් කරනකොට වගේ. දරුවෝ සෙල්ලම් කරන්න කොට ජීවත් වෙන්නේ ඒ මොහොත තුළනේ ආයුබෝවංඩ. ඒකට සෙන් දර්ශනයේ කියන්නේ Beginners Mind  - ළදරු මනස කියලයි. වයසට යන කොට අපට අමතක වෙන මේ දරුසනේ ගැන වෙනින් දවසක වෙනනමම කතා කොරන්න ඕන දෙයක්.

ඉතිං කොහොමින් කොහොමින් හරි අපේ කහට කෝප්ප දෙකම ඇල් වෙලා ගිහින්. ඒ නිසා මේ වතාවේ හාමිනේට විවේක ගන්ට කියලා මම ගිහින් උණු උණු කහට කෝප්ප දෙකක් හදාගෙන ආවා. ඇවිත් ජපන් තේ උත්සවයක වගේ හාමිනේයි මායි මූණෙන් මූණ බලාගෙන තේ කෝප්පේ තොළ ගෑවේ අතීතයයි අනාගතයයි පැත්තක තියලා ජීවිතේ පළවෙනි වතාවට තේ කෝප්පයක් බොනවා කියලා හිතාගෙනයි ආයුබෝවංඩ.

 

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>