Contact us now +61(0) 433 638 610

Articles

සංසාරේ අම්මා

Posted in සාහිත්‍ය by on December 16, 2012

img4

ඇය මා මෙන්ම ඇගේ සියලූ සිසු සිසුවියන් ගෙන් වෙන්වී මද කලකට ඕස්ටේ‍්‍රලියාව බලා හෙට පිටත් වන්නීය. ඇගේ පැරණි සිසුවකු වූ හෙයින් ඇයගෙන් සිප් සතර හැදෑරීමට පින් පිරූ වත්මන් සිසු සිසුවියන් ඇයට සමු දෙන තෙක් ඔවුන්ගේ පන්තිය අසලට වී මම බලා සිටියෙමි. වෙන්ව යාම අසීරු කරුණක් නිසාදෝ ඔවුහු බොහෝ වේලාවක් ඈ වටා රොක්ව දිගු කතා බහක නියැලී සිටිති. ඇතැම් විටක උස් ස්වරයක් ගන්නා ඇගේ සුපුරුදු කටහ`ඩ මගේ දෛවය විසින් මට දායාද කළ අතලොස්සක් වූ සැබෑ ගුරු දෙගුරුන් අතර නිසැකවම ඈ ද සිටින බව මට සිහි ගන්වයි. එය මගේ බොහෝ මිතුරන්ට ද පොදු කාරණයක් වූ බව අප ඇගෙන් උගත් කාලයේදී ඔවුන් හා කෙරුනු කතා බස් වලින් මම තේරුම් ගෙන සිටියෙමි. සිසු දරුවන් වෙනුවෙන් කැපවන ගුරුවරුන් හි`ග සමාජයක ඇය ගැන එසේ හැ`ගීී යාමේ අරුමයක්ද නැත. කෙසේ වෙතත් ඇය මට ගුරුවරියක් පමණක් ම නොවූවාය. වචනෙයෙන් විස්තර කළ නොහැකි හිතවත්කමක් ඇය දුටු මුල් දිනයේ පටන්ම මට දැනෙන්නට ඇත්තේ සංසාර පුරුද්දෙන් විය හැකිය.

කෙමෙන් කෙමෙන් අවසාන සිසුවාද ඇගෙන් ඉවත් ව ගිය පසු ඈ පන්තියෙන් පිටතට ආවාය. මා දුටු කෙනෙහිම සුපුරුදු සිනහවෙන් විකසිත වූ ඈ දෙනෙත් විදහා ම’දෙස බැලූවාය. මා ඈ පාමුළ ඉමහත් භක්තියකින් වැඳ වැටුණෙමි. ඇගේ පා ස්පර්ශ වන මොහොතේ මගේ සිත ඉතා වේගයෙන් අතීතයට දිව ගියේය.

බොහෝ කලෙකට පෙර, තෙවන වසරේදී මුල්ම ඉංගී‍්‍රසි පෙළ පොත අතට ගත් දා මට අද මෙන් මතකය. පොතෙන් හමා ආ නැවුම් සුවඳ මෙන්ම උගැන්මට නියමව තිබූ නුපුරුදු භාෂාවද මා සිත බොහෝ සතුටට පත් කළේය. සෑම වාර විභාගයකින් ම පන්තියේ පළමු වැනියා වූ නිසාම මේ නව විෂය ඉගෙනීම පහසු වනු ඇතැයි මම අනුමාන කළෙමි. එහෙත් සියල්ල වෙනස් වන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ඒ ගැන අදටත් මම විශ්මයට පත්වෙමි.

මගේ පළමු ඉංගී‍්‍රසි ගුරුවරිය පන්තියේ දී නිදා ගැනීමට බෙහෙවින් පි‍්‍රය කළාය. නිදා නොගන්නා දිනවලිනුත් වැඩි ගණනක් ඇය කැන්ටිමට ගොස් තේ පානය කිරීමට පි‍්‍රය කළාය. ඒ පිළිබඳව මට ඇති වූ අපුල මගේ මුහුණින් පිළිබිඹු වීම නිසාදෝ ඈ මා ද පි‍්‍රය නොකළාය. අතිරේක පන්ති ගොස් ඉංගී‍්‍රසි මදක් ඉගෙන ගෙන තිබූ සිසුන් කිහිප දෙනෙක් ළං කර ගත් ඇය වැඩ බැරි ළමයෙකු ලෙස මා වර්ගීකරණය කර පන්තියේ පසු පස පෙළට යාමට අණ කළාය. අනෙත් ගුරුවරුන්ගේ නියමයෙන් පන්තියේ ඉදිරියට යන මා ඉංගී‍්‍රසි කාල පරිච්ඡේදයේ දී පසු පසට යාමට හුරු වීමි. එසේ කිරීමට නොහැකි වූ දිනෙක යටි ගිරියෙන් බෙරිහන් දුන් ඈ වැඩ බැරි වුන් පන්තියේ පසු පසට යායුතු බව මට මතක් කර දුන්නාය. එවකට තුන්වන හෝ හතරවන වසරේ සිටි කුඩා මට එය තදබල මානසික පීඩනයක් ගෙන දුන් බව නොකිවමනාය. කෙසේ හෝ අනෙක් සෑම විෂයයකටම ලකුණු අසූවකට වඩා ගනිමින් සෑම විභාගයකින්ම පන්තියේ පළමු වැනියා වූ මා ඉංගී‍්‍රසි විෂයට ලකුණු විස්-සක් ගත්තේ ද මහත් අසීරුවෙනි. මේ වන විට මම මගේ ගුරුවරියටත් වඩා ඉංගි‍්‍රසි භාෂාවට වෛර කරන්නට හුරුවී සිටියෙමි.

කෙසේ හෝ ශිෂ්‍යත්ත්ව විභාගයට පෙර සම්දානුකූලව ඇය කරා ගොස් මම ඇයට වැන්දෙමි. ඒ මොහොත අදටත් ම’සිත නොමැකී පවතී. ඇගේ දෙපා වැඳ නැගී සිටි මා දෙස අවඥාවෙන් බැලූ ඇය, ‘‘අපෝ ඔයා පාස් වෙන ශිෂ්‍යත්ත්ව’’ යැයි පැවසුවාය. එය ශිෂ්‍යත්ත්වය වැනි විභාගයකට මුහුණ දීමට සූදානමින් සිටින කුඩා දරුවෙකුගේ මනස බිඳ දමන වදන් පෙළක් මුත් ඒ වන විට ඇගේ වෙනස්කම් වලට මුහුණ දීමේ ශක්තියක් මම ලබාගෙන සිටියෙමි. ඒ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. මම ඇගේ දෙනෙත් දෙස බලා සුහදව සිනාසුනෙමි. එහෙත් ඈ මගේ කුඩා සිත කියැවූවා නම් එහි රැුඳුනු උපහාසයත්, ‘මම පාස් වෙලා ඔයාට පෙන්නන්නම්’ යන සිතුවිල්ලත් හඳුනා ගන්නට ඈ සමත්වනු නිසැකය. ප‍්‍රතිඵල පැමිණි විට, මම ශිෂ්‍යත්ත්ව විභාගය සමත්ව සිටියෙමි. ඒ සමඟම මගේ අනාගත මග අවුරා මා පීඩනයට පත් කරන බාධක හා මිනිසුන් ඉදිරියේ සවිමත් ව නොසැලී සිටීමේ පාඩම් විභාගය ද සමත් ව තිබූ බව එකල මම දැන නොසිටියෙමි.

මගේ පළමු ඉංගී‍්‍රසි ගුරුවරියත්, මෙම ලිපි-යට පාදක වූ ඉංගී‍්‍රසි ගුරු මවත් අතර වෙනස අහසට පොළව මෙනැයි මට සිතේ. නමින් මාලිනී වන ඈ මට මුණ ගැසෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලය මෙහෙයවන සිව් වාර්ෂික ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවේ තෙවන වසරේදීය. බොහෝ විට අප‍්‍රසන්න වන ඉංගී‍්‍රසි ලිවීමේ කොටස ඉගැන්වීම ඇයට බාර වූ අතර එකී බාධකය මැඩ පැවැත්වූ ඇය පන්තියේ සියලූ දෙනාගේම පි‍්‍රයතම ගුරුවරිය බවටද පත්වූවාය. නිරතුරුවම සිනහවෙන් සිය වත සරසාගෙන ඇය පන්තියට එන තුරු සියල්ලෝම නොවිමසිල්ලෙන් බලා සිටිති. ඇය මදක් හෝ ප‍්‍රමාද වුවොත් ඒ ගැන සොයා නොබැලූ මිතුරෙක් හෝ මිතුරියක් මගේ මතකයට නොනැගෙයි. පන්තියට පැමිණි විගස අපට සුබ පතන ඇය පසුගිය සතියේ සිසුන් ඇයට බාර දුන් ගෙදර වැඩ (පැවරුම්) පත් මිටිය අතට ගනී.

‘සාලිය අයියා.. දැන් බැණුම් අසන වේලාවයි .. ටිං ටොං ටිං’ ගුවන් විදුලි නිවේදකයෙකු අනුකරණය කරමින් පොඩි සංජීව මගේ කණට කොඳුරයි. අපි සැවොම මේ මොහොතට බොහෝ සේ පි‍්‍රය කළෙමු. ඈ එකිනෙකාගේ නම් කියවමින් පැවරුම් වල ඇති දෝෂ ගැන ආඩපාලි කියන්නීය. “Saliya, again you have done so many spelling mistakes” විසල් කර ගත් දෑසින් සහ ආරූඩ කර ගත් තරහවකින් ඈ මට බැණ වදින්නීය. එසේ බැණ වදින විට මම ඇගේ නෙත් දෙස බලන්නට පි‍්‍රය කළෙමි. ඇගේ දෑස සහ නළියන කම්මුල් වල බොරු තරහවට යටින් ඇති සෙනෙහස මට පෙනෙන්නට පටන් ගනී. මා මෙන් නිතර නිතර බැණුම් ඇසූ හසංගිකාද මේ අත්දැකීමම ලැබ තිබුණි.
ඉගැන්වීමට ඇති කොටස ගැන මනා සූදානමකින් පන්තියට පැමිණෙන ඇය බොහෝ විට ඊලඟ සතියේ පාඩමට අවශ්‍ය අමතර කාරණා සෙවීම අපටම බාරකරයි. එහෙත් ඊලඟ සතියේ ඇය පැමිණෙන්නේ අපට සොයා රැුගෙන එන්නට පැවරූ දෑ ඈ විසින්ම සොයා මුද්‍රණයද කරගෙනය. එවන් කාර්යයන් සඳහා අප වෙනුවෙන් ඈ ඇගේ සැමියාවද වෙහෙස කරවූ බව අපි දැන සිටියෙමු.

එවක ඕස්ටේ‍්‍රලියාවට යාමේ අරමුණෙන් තවත් බාහිර විභාගයකට සූදානම් වෙමින් සිටි ලොකු සංජීව ඇගෙන් ඊට සහය පැතුවේය. නිදහසට කාරණාවක් කියා එය මග හැරීමට හැකි වුවද ඇය එසේ නොකළාය. ඒ වෙනුවට ඇය තම උපරිම සාහය ඔහුට ලබා දුන්නේය. සිසුන්ට වැඩක් පැවරා ලැබෙන සුළු විවේකයද සංජීවට අමතර යමක් ඉගැන්වීමට ඇය යෙදුවාය. සිසුන්ගේ කිසිදු ප‍්‍රශ්නයක් ඇය කරදරයක් ලෙස නොසැලකූවාය. නැවත නැවත ඇතැම් කාරණා කියා දෙන්නට ඇය තුළ වූ ඉවසීම පිලිබඳව මම ඇයට අතිශයින්ම ගරු කරමි. ඒ මට හමු වූ බොහෝ ගුරුවරු ප‍්‍රශ්න කිරීම් වදයක් ලෙස සැලකූ නිසාය.

මා ඇගෙන් උගත්තේ ඉංගී‍්‍රසි පමණක්ම නොවේ. මා සිතැඟි වටහා ගෙන ඇය කියවූ ඇතැම් දහම් පොත්ද මට ගෙනත් දුන්නාය. ඇය කළ පිංකම් ගැන ඇතැම් දිනවල පන්තිය අවසන් වූ පසු අප හා පැවසූයේ ඉමහත් සතුටකිනි. ඈ සමග කළ සංවාදයන් සෑම විටකම මට සිතන්නට යමක් ඉතිරි කළේය. එකී සංවාදයන් දෙවැනි වන්නේ කැඩපත සංස්කාරක සොයුරාත් මගේ තවත් සහෘදයෙක් වන පාලිත අයියාත් අතර සිදුවන සංවාදයන්ට පමණි. ඈ සැබැවින්ම ගුරු මවක් වූවා යැයි කීමට තවත් උපහැරණ අනවශ්‍ය යැයි මට සිතේ.

දැන් ඇය මද කලකට අප අතහැර යාමට සූදානමින් සිටින්නීය. ඇගේ දෙපා නැමද මම නැවතත් ඇය ඉදිරියේ නැගී සිටියෙමි. මින් පෙර සෑම දිනයක මෙන්ම සුපුරුදු මව් සෙනෙහසින් ඈ මා දෙස දෑස් දල්වා බලා සිටින්නීය. බිඳුනු සිතින් යුතුව ඇයට යමක් කීමට මම අසීරු උත්සාහයක යෙදුනෙමි. ‘සාලිය. ඔයා මට මගෙම පුතෙක් වගේ මට දැනෙන්නෙ. සමහර විට මේ සංසාරෙ මීට කලින් ආත්මෙක ඔයා මගේම පුතෙක් වෙලා ඉන්න ඇති’ ඈ මා කියන්නට තැතනූ දෙයම ඇගේ වචනින් කියන්නීය. සිසුවෙකුට තම ගුරු මෑණියකගෙන් මීටත් වඩා ලද හැකි තවත් පැසසුමක් ගෞරවයක් ඇත්දැයි මට නොතේරේ. මම ඒ වදන් පෙළ ඉමහත් අභිරුචියෙන් ආශ්වාදනය කළෙමි.

මගේ පුහුදුන් සිත පළමු ඉංගී‍්‍රසි ගුරුවරිය ඈ සමග සසඳන්නට වෙර දරයි. ගුරුවරයෙකුට තම සිසුන් කෙරෙහි කොතරම් සුවිසාල බලපෑමක් කළ හැකි දැයි එවිට මට සිතේ. ගුරුකම රැුකියාවක් පමණක් ලෙස කරන බහුතරයක් ගුරුවරුන් අතර තම දිවිය සිසුන් වෙනුවෙන් කැප කරන ගුරු ගීතයේ දුයිෂෙන් ට සමාන ගුරුදෙවිවරු අදත් සිටින බව සිතට දනවන්නේ කෙතරම් උණුසුම් හැ`ගීමක්ද?.
මේ ලිපිය කැඩපතේ පල වන විට ඇය ලංකාවෙන් බැහැරව ඕස්ටේ‍්‍රලියාවේ වසන්නීය. කෙතරම් දුරක සිටියත් ඇය සිහිවෙන සෑම විටකම මතක පොතේ ඇති ගීතයක කොටසක් නිරායාසයෙන්ම මගේ මතකයට නැගේ.

‘‘සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට,
මවක් සේ ලැදී
අම්මා යන සමාධියට හිඳිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

සිව් බුදුවරු දුටු ලෙස එක දින එක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුළ මතු දින බුදු වනු අම්මේ’’

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>