Contact us now +61(0) 433 638 610

Articles

සුනාමි රළ

Posted in කාලීන by on December 24, 2014

Gall Face 26th Dec 2004-Photo By Saamantha Tennege

සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි

(දස දහස් ගණනකගේ ජීවිත බිලිගත් සුනාමිය ඇති වී 2014, දෙසැම්බර් 26 දාට දස වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

මනුස්සකම
සුනාමි රළ සමග පැමිණ
ආපසු ගිය

මේ පද කිහිපයෙන් යුත් කෙටි කවිය මාතින් ලියැවුණේ සුනාමි විපත සිදුව ටික කලෙකිනි. ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය සිදු වුණේ 2004 දෙසැම්බර් මස 26 වැනි දා ය. එය එසේ මෙසේ විපතක් නොවී ය. ජනගහණයෙන් සෑම 600 කින් ම එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළ විපතකි. එමෙන්ම ලංකාවට පෙර නොවූ විරූ විපතකි. කැළ‚ තිස්ස රජු දවස මුහුද ගොඩ ගැලීම ගැන කියැවෙන පුරාවෘත්තයක් ඇත. එමෙන් ම පන්සිය පනස් ජාතක පොතෙහි 459 වැනි ජාතකය සමුද්ද වානිජ ජාතකය යි. එහි සුනාමියේ පැමිŒම සටහන වන්නේ මෙලෙසිනි.
“….කී පරිද්දෙන්ම පෝ දින රාත්‍රියෙහි මුහුද ගොඩ ගලන්නට විය. පළමු රළ දණහිස දක්‌වා අවුත් ආපසු ගියේය.”
2004 දෙසැම්බර් 26 දිනට දවසකට පසු එනම් 28 වැනි දින සහන සේවා කටයුතු වෙනුවෙන් මම ද තවත් කණ්ඩායමක් සමගින් හම්බන්තොට බලා පිටත් වුණෙමි. එවක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා- කාරිකයෙකුව සිටි මම එහි රතු තරුව සහන සේවා බලකාය නියෝජනය කළෙමි. අපගේ නවාතැන් කඳවුර වූයේ මිරිජ්ජවිල මහා විද්‍යාලය යි.
ඒ සහන සේවා කටයුතු මට දිවි ඇති තෙක් අමතක නොවේ. අලූ‍පාට හැන්දෑවක ට්රැ-ක්ටර් රථ වලින් ගෙන යන මෘත ශරීර දෙස අකම්පාලව බලා හුන් මගෙ හිත බලවත් චිත්ත සන්තාපයෙන් වෙලී ගිය අයුරු මට දැනුදු සිහි කළ හැකි ය. වයස අවුරුදු 22 ක හිරිමල් යොවුනෙකු ව සිටි මට එය බලවත් පහරක් වැනි විය. ප්‍රදේශ‍යේ පරිපාලන යාන්ත්‍රයණය සම්පූර්ණයෙන් ම පාහේ බිඳ වැටී තිබු‚. තරුණ ක්‍රියා- කාරිකයන් නායකත්වය ගත්තෝ ය. විසාලා මහනුවර තුන්බිය දසතෙහි පිළිිබිඹුව තිබි‚. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන පුස්තකාලය ආදී ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු පිළිසකර කිරීම් කටයුතු වලට මැදිහත් වූයෙමි. නගරය පවිත්‍ර කිරීම කරන අතර දුටු දසුන් විස්තර කිරීම යනු හුදෙක් සිත් තුළ වැසී ඇති ශෝකය ඇවිස්සීමක් වැන්නකි.
කෙසේ වෙතත් සුනාමි විපත සිදුව වසර 10 ක් ඉක්ම ගොස් ඇත. අපිදු වසර 10 කින් වයස්ගතවූවෝ වෙමු. එනමුත් සුනාමි ව්‍යසනයෙන් පසු රටක් ලෙස අපට ගොඩනැගෙන්නට නොහැකි වූ බව නම් තර්ක විරහිතව පිළිගත යුත්තෙමු.
ජාතික ගීය පමණට අපිට සමීප එක් ගීයක් වෙයි. එය සුනිල් සාන්තයන් ගැයූ zලංකා ලංකාZ නම් ගීය යි. එහි එක් තැනෙක මෙසේ කියැවෙයි.

කන්දට කෙන්ද කොන්දට හුරුවී
රන්වන් අත හුරු වී
විපත පවා සැපතට හරවාලා
පෙරටම යමු ලංකා

ජාතික චිත්ත සන්තානයටම කා වැදුණු ගීයක පවා මෙලෙස කියැවුණ ද විපත සැපතට හරවන්නට අපට හැකි වුණේ නැත. මුළු රටක් ම එකාවන් ව නැගී සිට විපත සැපතට හරවන්නට උත්සාහ කළ හැකිව තිබු නිමේෂය අපතේ ගියේ ය.
විපත සැපතට හරවා ගන්නට තිබුණු පළමු අවස්ථාව නම්, සංකීර්ණ ලෙස ඛෙදී තිඛෙන සමාජය එකවරම විපත කෙරෙහි එකමුතුව මුහුණ දීමට ඉට ගත් අවස්ථාව යි. එයට නිසි නායකත්වයක් ලැබුණේ නැත. එය ඉබාගාතේ ගියේ ය. ඉතා ඉක්මනින් පෞද්ගලික න්‍යායපත්‍ර කරළිගත විය. අවස්-ථාව අවාසනාවන්ත ලෙස මගහැරු‚.
මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද බරපතලම අපරාධවලින් එකක් වූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට ගොදුරු වුණු ජපානය නැවත ගොඩ නැගුණු අයුරු වැන්නකට යා හැකිව තිබුණු ස්වර්ණමය අවස්ථාවක් අපට මගහැරුණේ එලෙසිනි. ජපානය සිය ජන අධ්‍යත්මය නැවත ගවේෂණයට පවා පෙළඹුණු අයුරු එහි දී අපට දැක්ක හැකි ය. පසුකාලීන ව හජිමෙ නකමුර මහාචාර්යවරයා වැන්නෙක් ලියූ zපෙරදිග මිනිසුන්ගේ චින්තන විධිZ වැනි මහරු කෘතියක් පවා එහි ප්‍රතිඵල ලෙස සිතිය හැකි ය.
ශ්‍රී ලංකාවේ සැලසුම්සහගත නගර නිර්මාණය වී නැත. ඇත්තේ ස්වාභාවිකව ගොඩනැගුණු නගරයන් ය. ඒවා හි ස්ථාන පිහටා ඇත්තේ ජනයා බොහෝ අපහසුතාවට පත්වන ආකාරයෙනි. නැවත නගර ගොඩ නැගීම යනු අතිශය අසීරු කටයු-ත්තකි. නගරවල පදිංචිව සිටින කිසිවෙකුත් ඒවා කඩා බිඳ දමා අලූ‍තෙන් නගරයක් ගොඩ නගනවාට නොරිසියෝ ය. අවම වශයෙන් සුනාමියට හසුව විනාශ වූ නගරවත් නිවැරදි ව සැලසුම්සහගතව ගොඩ නගා ගැනීමට නොහැකි වීම අපට පවසා සිටින්නේ කුමක් ද? සුනාමිය හුදු ජනනාශක විපතක් වූ බවත්, වැලපීමකට වඩා දෙයක් අපට කර ගැනීමට නොහැකි වූ බවත් ද ?
අප සහෝදර ජනයාගෙන් අතිශය බහුතරයක් මිය ගිය එකී ඛේදවාචකය ගැන මහරු කලා නිර්මාණයක් වත් කර ගන්නට හැකි වුණා ද යන්නත් පැනයෙකි.
සුනාමි ව්‍යසනයෙන් පසුව අප පළාත්වල ප්‍රමාණයෙන් මදුරුවන් තරම් එනමුත් දෂ්ට නොකරන මැස්සන් වර්ගයක් පැතිරී ගියේ ය. ජනයා මෙම මැස්සන් හඳුන්වනු ලබන්-නේ සුනාමි මැස්සන් යනුවෙනි.
සුනාමිය කෙරෙන් අපට ඉතිරි වූයේ සුනාමි මැස්සන් පමණ ද?

සුනාමි දින ගාලු මුව දොර
(ඡායාරූපය – සාමන්ත)

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>