Contact us now +61(0) 433 638 610

Articles

හිම යානය හා පිනි මුවෝ

Posted in ආගමික,ඉතිහාසය by on December 24, 2014

photodune-5580922-santa-and-reindeer-with-the-sleigh-s

මුනිදාස වංශපුර විසිනි

නත්තල් සමය එළඹීමත් සමග කුඩා දරුවන්ගේ සිහියට එන්නේ නත්තල් සීයා පිලිබඳ මතකයයි. මුහුණ පුරා සුදෝ සුදු රැවුලක් වවාගත් නත්තල් සීයා පිණිමුවන් බැඳි හිමයානයේ තෑගි පුරවාගෙන ඈත හිමකඳු පසුකරමින් පොඩිත්තන් සොයා එයි. පොඩිත්තන්ද හොඳ ළමයින් වී පුල පුලා බලා හිඳින්නේ නත්තලට පෙරදින රෑ නත්තල් සීයා තමන්ටත් හොරා ඇඳ පා මුල තෑග්ගක් තබා යනතුරුය.
බාල මහලූ කාගේත් ආදරයට ලක්ව සිටින නත්තල් සීයා කිතු සිරිතට හෝ කිතු දහමට සෘජු සබඳතාවයක් දක්වන්නෙකු නොවේ. ඔහු නත්තලට එක්වන්නේ හතරවන සියවසෙහි විසූ ග්‍රීක බිෂොප්වරයෙකු හා සාන්තුවරයෙකු වූ ශාන්ත නිකොලස් (270 මාර්තු 15 – 343 දෙසැම්බර් 6) දේවගැතිවරයාගෙන් පසුවය. කාරුණික හදවතක් තිබූ එතුමා දුකට පත්වූවන්ට, වෙනත් කිසිවෙකුට නොදැනෙන ලෙස උදව් කළේය. ඇතැම් විට ළමුන්ගේ සපත්තු හෝ මේස් තුළ මුදල් ස`ගවා ඔවුන්ට ලැඛෙන්නට සැලැස්සුවේය. අදත් දරුවන් නත්තල් සීයා ගෙන එන තෑගි ලබා ගැනීමට පා ආවරණයක් ඇඳ පා මුල තබන්නේ ඒ නිසා විය යුතුය.
පසු කාලයක එතුමා ස්වර්ගස්ථ වූ දිනය එනම් දෙසැම්බර් හය වනදා ශාන්ත නිකොලස් දිනය ලෙස සමරා ත්‍යාග දීමේ චාරිත්‍රය ආරම්භ වී තිබේ. පසුව එම දිනය නත්තල හා සම්බන්ධ වූ අතර, අවසානයේ Saint Nicholas හෙවත් Sinterklaas ලෙස හැඳින් වූ එතුමා නත්තල් සීයා (Santa Claus)බවට පත් වී ඇත. නත්තල් දිනයට පෙරදා රාත්‍රියේ ලොව පුරා විසිරී සිටින දරුවන්ට තෑගි රැගෙන එන නත්තල් සීයා අද නත්තලේ සුන්දර සංකේතයක් බවට පත්ව ඇත.
සුදු පැහැ වාටි හා කොළරයක් ඇති රතු පාට කබායක් ඇඳ, කලූ පැහැති බඳ පටියක් පැළඳ නත්තලට පෙරදින රෑ ලෝ පුරා සියලූ දරුවන් සොයා එන නත්තල් සීයා සිටින්නේ ඈත උත්තර ධ්‍රැවයේ ය. ඔහුට මෙතරම් තෑගි කන්දරාවක් තනිව සකසා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඔහුට කුඩා උදව් කරුවන් ඇත. නත්තල් සීයා රතුපාට ඇඳ සිටියද මේ උදව් කරුවන් ඇඳ සිටින්නේ කොල පැහැ-ති ඇඳුම්ය. පැළඳ සිටින තොප්පිය මෙන්ම ඔවුන්ගේ කන්ද උල්ව ගොස් තිඛෙනු දැකිය හැකිය.
හිම කඳු අතරින් පදවාගෙන එන නත්තල් සීයාගේ හිම යානය ඇදගෙන එන්නේ ඉගිල යන පිනි මුවන් නව දෙනෙකු විසිනි. මොවුන් ගෙන් පළමු අට දෙනා ඊට එකතු වන්නේ 1823 දී ක්ලමෙන්ට් ක්ලාක් ලියූ “නත්තලට පෙරදින රෑ” යන පැදි පෙළ හරහා ය. රතු පැහැති නාසයක් ඇති පෙරමුණ ගෙන සිටින නවවන පිනි මුවා අපට හඳුන්වා දෙන්නේ එයින් ශත වර්ෂයකට පමණ පසු රොබර්ට් එල් මේ නැමති ලේඛකයා විසින් 1939 දී ය.
මෙවැනි පියාඹන පිණිමුවන් පියවි ලෝකයේදී දැකගත නොහැකි වුවත් සතර පයින් දුව පැන යන හැබෑ පිණිමුවෝ ආර්ක්ටික් හා උප ආක්ටික් ප්‍රදේශවල තුන්ද්‍රා හා ටයිගා බයෝමයන්හි බහුලව දකින්නට ලැඛෙති. Rangifer tarandus ලෙස විද්‍යාත්මක නමින් හඳුන්වන cervidae පවුලට අයත් පිනිමුව උප විශේෂ ගණනාවක් කැනඩාව, උතුරු ඇමෙරිකාව, ග්‍රීන්ලන්තය, පින්ලන්තය, නෝර්වේ, රුසියාව, මොන්ගෝලියාව ආදී රටවල විසිරී සිටිති.
ඇතැම් ප්‍රදේශවල මස් හා කිරි ලබා ගැනීම පිණිස පිණිමුවන් ඇති කරනු ලබන අතර කඳුබිම් ආශ්‍රිත ස්වභාවික පරිසරවල විශාල රංචු ලෙසද ඔවුහු දක්නට ලැඛෙති. හිමෙන් වැසීගිය අධික ශීතලෙන් යුත් ප්‍රදේශවල පැතිර සිටියද ඔවුන්ගේ ගහණ ඝණත්වය ඉතා ඉහළ ය.ඇතැම් පිනිමුව රංචුවක විවිධ වයස් කාණ්ඩවලට අයත් සමාජිකයෝ 50,000 ත් 500,000 ත් අතර ප්‍රමාණයක් සිටිති ෟ ඒ ඔවුන් එම කටුක පාරිසාරික තත්ත්වයන්ට හොඳින් අනුවර්තනය වී ඇති නිසාය.
පිනිමුවන්ගේ දේහය හා ලොම් සහිත සම අධික ශීතල ඔරොත්තු දීමට සුදුසු පරිදි සකස්ව ඇත. නාස් කුහර තුළ ඇති සංවලිත බව නිසා පෙනහළු තුලට ඇතුල් වීමට පෙර වාතය උණුසුම් වේ. ඔවුන්ගේ කුර වල ස්වභාවයද දේශගුණය අනුව වෙනස් වෙයි. පොළව තෙත් වන ගිම්හානයේ පිනි මුවන්ගේ කුර මදක් මොලොක් බවට පත්වෙන අතර පරිසරය හිමෙන් වැසී යන සිසිර සමයේ ඔවුන්ගේ කුර වඩාත් ඝණ බවට පත්වේ. මේ නිසා ඝණ හිම තට්ටු පයින් බිඳ දමා යට වී ඇති ලයිකන පහසුවෙන් මතුකර ගැනීමේ හැකියාව ඔවුන්ට හිමි වී ඇත. තවද පිණි මුවන්ගේ ආග්‍රාහණ සංවේදනයද ඉතා ඉහළ මට්ටමක පවතී. මේ නිසා ඔවුන්ට හිම තට්ටුවලට යටින් ඇති ලයිකන හා අහරට ගත හැකි දේ හඳුනාගත හැකිය.
මිනිසා සහ වෙනත් බොහෝ සතුන්ගේ මෙන් නොව පිණි මුවන්ගේ ඇස් පාරජම්බූල කිරණ වලට සංවේදීය. ඒ නිසා සුදු පැහැති හිම මත ඇති ඉතා ලා පැහැති කුඩා යමක් වුවද ඔවුහු හොඳින් හඳුනාගනිති.
රෝමාන්තිකයෙකු වූ පිනිමුවා ප්‍රධාන වශයෙන් ලයිකන හා පාසි වර්ග ආහාරයට ගන්නා ශාක භක්ෂකයෙකු වුවද ශීත කාලයේදී අහාර ක්ෂයව ගියවිට ලෙමින්ගුවා වැනි සතුන්, කුරුලු බිත්තර හා මසුන්ද අහාරයට ගන්නා අවස්ථා ඇත.
ශීත කාලයේ ඇතිවන අහාර හිගය හා දැරිය නොහැකි අධික ශීතල නිසා ඔවුහු සුව පහසු පෙදෙස් සොයා පර්යටනයෙහි යෙදෙති. ගොඩබිම වෙසෙන සතුන්ගෙන් වැඩිම දුරක් පර්යටනයෙහි යෙදෙන පිණිමුවන් වසරකදී කිලොමීටර 5,000 ක් පමණ මග ගෙවා යති. මෙවන් සංචාර වලදී ඔවන්ට දිනකට කිලොමීටර 19 ත් 55 ත් අතර දුරක් ගමන් කරන්නට සිදුවේ.
පිණිමුවන් පිහිනීමට ද දක්ෂයෝ ය. සාමාන්‍ය ගමනකදී ඔවුහු පැයට කි.මී. 9 ක පමණ වේගයකින් පිහිනා යති. මේ නිසා පර්යටනයන්හිදී ගංගා තරණයද ඔවුන්ට ගැටලූවක් නොවේ. පිරිමි මෙන්ම ගැහැනු සතුන්ටද අතු ඛෙදුනු අලංකාර අං යුවලක් තිබුණද එයද, ඔසවාගෙන ඔවුන්ට වේග- යෙන් දිවීමට පුලූවන. පිනිමුවෙකුගේ දිවීමේ වේගය පැයට කි.මී. 60 ත් 80 ත් අතර වේ.
මේ අයුරින් නත්තල් සීයා තම සහායට මෙවන් සහජ හැකියාවන් හැඩකාරයෙකු තෝරා ගැනීම ගැන අප පුදුම විය යුතුද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>