Contact us now +61(0) 433 638 610

Articles

ලස්සන කතාවක්

Posted in ආකල්ප,ජීවිතය by on September 3, 2013

— එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ

එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.

ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. වහිනකොට එයා තෙමීගෙන ගිහින් කාර් එක ගේ දොර ළගටම පැදගෙන ආවා අනික් අයට නගින්න. කාට හරි සනීප නැති වුණොත් එයා ඕන වෙලාවක ගිහින් ඛෙහෙත් අරගෙන ආවා. එයා ගොඩාක් පිංතූර ගත්තා. ඒත් ඒ පිංතූර වල එයා හිටියේ නැහැ. සෙල්ලම් ගෙවල් හදනකොට මට හිටියා අම්මා බෝනික්කෙකුයි, තාත්තා බෝනික්කෙකුයි. සෙල්ලම් ගෙදර වුනත් වැඩිපුර වැඩ තිබ්බේ අම්මා බෝනික්කාට. තාත්තා බෝනික්කත් එක්ක මොනවා කරන්නද කියලා මම හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඉතිං දවසක් මට තාත්තා බෝනික්කා වගේ —මම දැන් වැඩට යනවා කියලා එයාව ඇද අස්සට විසිකරලා දැම්මා.

තාත්තාගේ මිනිය තිබ්බේ අපේ ගෙදර සාලේ. එදා ගොඩාක් අය කේක් වගේ හොඳ හොඳ කෑම ජාති මහ ගොඩාක් හදාගෙන ආවා. කවදාවත් අපේ ගෙදරට එච්චර සෙනග ඇවිත් තිබුණේ නැහැ. මම මගේ කාමරේට ගිහින් ඇඳ අස්සට නැමිලා තාත්තා බෝනික්කා එළියට අරගෙන දූවිලි පිහලා ඇඳ උඩින් තිබ්බා. එයා වෙනදා වගේම මොකුත් කළේ නැහැ. ඒත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයා අපි දාලා ගියාම අපට මෙච්චර දුකක් දරාගන්න වෙනවා කියලා.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>