Contact us now +61(0) 433 638 610

Articles

ලස්සන කතාවක්

Posted in ජීවිතය by on August 17, 2013

නැති බැරි අයට පරිත්‍යාග කිරීම නිසා ඒ අය සිය ගුණයකින් සතුටට පත් වන බවත්, තව තවත් අයට පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් ධෛර්යමත් වන බවත් මම දන්නවා. මගේම අත්දැකීමට අනුව හිසට වහළක් පවා නොමැති මිනිසෙක් දවසක් මට නිවසට යාමට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් අරන් දුන්නා. සාමාන්‍යයෙන් සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර පවල් දුම්රිය නැවතුම් පොළේ ඉඳන් විශ්ව විද්‍යාලයට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක ගාන ඩොලර් දෙකක්. මම නිතරම ඒ ගමණට අවශය කාසි රැගෙන යාමට අමතක කරන්නේ නැහැ. දවසක් මම දුම්රිය ප‍්‍රවේශපතක් ගන්න යනකොට ඉන්න හිටින්නට තැනක් පවා නැති පුද්ගලයෙක් මගේ ළගට ඇවිත් එයාට බර්ක්ලි වලට යන්න ටිකට් පතක් අරන් දෙන්න කිව්වා. ඉතිං මම එයාට කිව්වා, ‘‘සමාවෙන්න මගේ ළග තියෙන්නේ මට ගෙදරට යන්න ටිකට් එකක් ගන්න සල්ලි විතරයි’’ කියලා. කොහොම වුනත් ටිකට් එකට සල්ලි ගෙවන්න බලනකොට මගේ ළග තිබ්බේ ඩොලර් 1.75 ක් විතරයි. එදා ඒ ඉන්න හිටින්න තැනක් නැති මනුස්සයා ටිකට් එකක් ගන්න මට ඉතුරු සත විසිපහ දුන්නා. එයා දැක්කා මගේ මූණ වෙනස් වෙන හැටි. දැකලා එයා මගෙන් ඇහුවා සත විසිපහක් ඕනද ? කියලා. මට එක විදිහක ලැජ්ජාවක් වගේම එයා ගැන කෘතවේදී බවකුත් ඇති වුනා. මම එයාගෙන් සත විසිපහ ගන්න ගමන් ‘‘බලන්න මම ඔයාටත් වඩා අසරණයි’’ කියලා විහිළුවකුත් කළා. කොහොම වුනත් එදා දවසේ ඉතිරි කාලය මම ගත කළේ කියන්න බැරි තරම් සතුටකින්. ඒ මට ඇති වුණු ප‍්‍රශ්නය දැක්ක කෙනෙක් මං වෙනුවෙන් පරිත්‍යාගයක් කළා කියන සතුට නිසා. එදා මම මටම මෙහෙම කියා ගත්තා. ‘‘මීට පස්සේ උදව්වක් අවශ්‍ය නැති බැරි අයට මම අනිවාර්්‍යයෙන්ම මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරනවා.’’
ක්‍යූන් න්ග්‍යුන්

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>