Contact us now +61(0) 433 638 610

Articles

ආත්මාර්ථය

Posted in ආකල්ප,ජීවිතය by on September 9, 2013

- තිමිර විනිවිද

ආත්මාර්ථය නැතිනම් තමා ගැන පමණක්ම සිතීම සියලූ සතුන්ගේ පොදු ලක්ෂණයක් නමුත් මිනිසුන් වශයෙන් අප තුළ ඇති මෙම ස්වභාවය තේරුම් ගැනීම හැම අතින්ම සතුටුදායක ප්‍රථීපල ළගා කර දෙයි. අන් අය තුළ පමණක් නොව ඔබ තුළැති ආත්මාර්ථකාමී ගති ලක්ෂණ ගැන විමසා බලන්න. ඔබ සතු එබඳු ලක්ෂණ සාධාරණීකරණය කර ගැනීමට ඔබ දරන උත්සාහය ගැන විමසිලිමත් වන්න. කිසි ලෙසකින්වත් සාධාරණ නොවූ ඔබේ එබඳු හැසිරීම් හඳුනා ගැනීමට කෙතරම් අසීරුද යන කාරණය ගැන සියුම්ව නිරීක්ෂණය කරන්න. ඒ සිත නිතරම තමන්ට මුහුණ දීමට නොහැකි කාරණා සගවා තබා ගන්නා නිසාය.

යම් යම් සංස්කෘතීන් සහ ආගම් ආත්මාර්ථය හෙළා දකින නමුත් ආත්මාර්ථය යනු උගත් දෙයකට වඩා උප්පත්තින් ගෙන ආ දෙයක් සේ හඳුන්වා දිය හැක. සාමාන්‍ය මිනිස් ස්වභාවය නිතරම පළමුවැනියා වීමට උත්සාහ දැරීම ය. එහෙත් ඒ නිසාම කෙනෙකු ආත්මාර්ථකාමියෙකු බවට පත්වීම අනුමත කළ නොහැකි ය. අවශ්‍ය වන්නේ අසාධාරණ ලෙස කටයුතු නොකරන කෙනෙකු බවට පත්වීම ය. වෙනත් වචන වලින් කිවහොත් සාධාරණ ලෙස කල්පනා කරන පුද්ගලයෙකු බවට පත් වීම ය. ඔබ අන් අයගේ හැගීම්, අවශ්‍යතා හා ආශාවන් ගැන තේරුම් ගැනීමට උගත යුතුය. සාධාරණ පුද්ගලයෙක් වීමට ඔබ “ඔබටම වංචාකරුවෙක්” වීමේ අවශ්‍යතාවක් නොමැත.

සාධාරණ ලෙස කල්පනා කරන කෙනෙකු බවට පත් වූ විට ඔබ අන් අයගේ අවශ්‍යතාවන් හා අයිතිවාසිකම් ගැන කල්පනා කරන්නේ ඔබගේ අවශ්‍යතාවන් හා අයිතිවාසිකම් හා සමානවය. ඒ අනුව ඔබ ඔබගේ ආත්මාර්ථයන් ජය ගැනීමට ඉගෙන ගනු ඇත. ඔබගේ මතයෙන් පිටතට පැමිණ අන් අයගේ දෘෂ්ඨීන්ගෙන් බැලීමට ඉගෙන ගනු ඇත. සාධාරණ ලෙස කල්පනා කරන පුද්ගලයෙක් වශයෙන් ඔබ ඔබගේ චරිතය හැඩ ගස්වා ගැනීමේ අගය හඳුනා ගනු ඇත.

සාධාරණ ලෙස සිතන අයෙකු බවට පත්වීමට

  1. ඔබ අන් අයගේ අදහස් නොසලකා හරින අවස්ථා ගැන විමසිලිමත් වන්න.
  2. ඔබ ආත්මාර්ථකාමී ලෙස කටයුතු කළ අවස්ථාවන් සටහන් කර ගන්න.
    (අද මා මේ ආකාරයෙන් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කළා…………..
    මගේ ආත්මාර්කාමීත්වය නිසා අන් අයට මේ ආකාරයෙන් බලපෑමක් ඇති වුනා………….
    අනාගතයේදී මෙවැනි අවස්ථාවකදී මම කටයුතු කළ යුත්තේ ………….)
  3. ඔබගේ මනස ඔබ එල්බ සිටින අදහස් වලට පක්ෂපාතීභාවයක් දරන බව උපකල්පනය කර හැකි සෑම අවස්ථාවකදීම විවිධ දෘෂ්ඨිකොණයන්ගෙන් පුළුල්ව සිතා බලන්න.

ඔබගෙන්ම විමසිය යුතු ප්‍රශ්න

  1. මේ අවස්ථාවේදී මම ඇත්තටම සාධාරණ ලෙස කල්පනා කරන අයෙක් ද ?
  2. මම මගේ ආශාවන් අන් අයගේ අයිතීන් උල්ලංගනය කර ලබා ගන්නට උත්සාහ දරනවා ද ?
  3. සත්‍ය වසං කිරීමට මම මගේ ආත්මාර්ථය උපයෝගී කර ගන්නවා ද ?
  4. මම සැලකිය යුතු මට්ටමකටවත් සාධාරණ ලෙස කටයුතු කරනවා ද ?
  5. මම ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන අවස්ථා මොනවා ද ? මගේ සහකරුවා හෝ සහකාරිය සමග ? මගේ දරුවන් සමග ? මගේ මිතුරන් සමග ? මගේ සේවාස්ථානයේ දී ?
no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>