Contact us now +61(0) 433 638 610

Articles

ආඳපානේ සිටාණෝ

Posted in දේශපාලන by on March 16, 2013

- එස් පියසේන [ඉන්දියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්]

අකුරැස්ස ප‍්‍රදේශයේ විජේසිංහ පරපුර පාරම්පරිකවම ඉඩම් හිමි ධනවතුන් වූහ. ඒ පවුලේ සමාජිකයන් හා සාමාජිකාවන් විවාහ වූයේද ප‍්‍රභූ පවුල්වල සාමාජික සාමාජිකාවන් සමගය. අපේ කතානායක වන සරත් විජේසිංහයන් ආඳපාන වත්තේ හිමිකරැ වූයේ එකදාස් නවසිය තිහ දශකයේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වූයේ සේදවත්තේ විජේවර්ධන පවුලේ වෝල්ටර් විජේවර්ධන මහතා සමගය. වෝල්ටර් විජේවර්ධන ලේක් හවුස් නිර්මාතෘ ඞී. ආර් විජේවර්ධන මහතාගේ බාල සොහොයුරාය. ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ ඇවැස්ස මාමාය. ආන්දෝලාත්මක උපාලි විජේවර්ධන මහතාගේ පියාය.

සරත් විජේසිංහ විවාහ වූයේ අතුරලියේ වික‍්‍රමසිංහ පවුලේ කොමියුනිස්ට් නායක දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ මහතාගේ සොහොයුරිය සමගය.

එකදාස් නවසිය හතළිස් හතේ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි සරත් විජේසිංහ උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ (සෙනෙට් සභාවේ) මන්ත‍්‍රී පදවියක් ලැබීය.

දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් වූ සරත් විජේසිංහ එකදාස් නමසිය පනස් දෙකේ මැතිවරණයේදී අකුරැස්ස ආසනය සදහා තරඟයට ඉදිරිපත් වීය. ඔහුට විරැද්ධව තරඟයට ඉදිරිපත් වූයේ ඔහුගේ මස්සිනා වූ දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහගේ බිරිද ඉංග‍්‍රීසි ජාතික ඩොරින් වික‍්‍රමසිංහය. නාම යෝජනා පත‍්‍ර භාර දෙන දිනයේදී කොළඹ සිට ප‍්‍රධාන පෙලේ නීතිඥ කණ්ඩායමක් මාතර කච්චේරියට පැමිණ සිටියහ. එම නීතිඥවරැන්ගේ සහය ඇතිව සරත් විජේසිංහ මහතා ඩොරීන් වික‍්‍රමසිංහගේ අපේක්ෂකත්වයට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය.

‘‘ඩොරින් වික‍්‍රමසිංහ විදේශික කාන්තාවකි. ඇයට ලංකාවේ අසුනක් තරග කිරීමට අයිතියක් නැත. එම නිසා ඇගේ නාම යෝජනා පත්‍රය ප‍්‍රතික්ෂේප කළ යුතුය.’’

ඒත් තේරීම් භාර නිලධාරියා මේ විරෝධය ප‍්‍රතික්ෂේප කළේය. මැතිවරණ නීතිය අනුව අවශය සුදුසුකම වන්නේ ලියාපදිංචි ඡන්ද දායිකාවක් වීම පමණි. ඒ අනුව වික‍්‍රමසිංහ මහත්මියට තරඟ කළ හැකි විය.

තරඟයෙන් වික‍්‍රමසිංහ මහත්මිය ජයගත්තාය.

කෙසේ වුවද එකදාස් නමසිය පනස් හයේදී සරත් විජේසිංහ ශ‍්‍රිලනිපයට හා බණ්ඩාරණායක මහත්මියට එක් වී ඇමති පදවියක්ද ලබාගත්තේය. එකදාස් නමසිය හැට මාර්තු සහ එකදාස් නමසිය හැට ජූලි යන මැතිවරණ වලදී ඔහු ශි‍්‍රලනිපයට ආධාර කළේය.

එකදාස් නමසිය හැට හතරේදී, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ බණ්ඩාරණායක මැතිනියගේ රජයට එක්වීමත් සමග සරත් විජේසිංහ මහතාගේ ‘‘වාමාංශික විරෝධියා’’ යළිත් කළ එළි බැස්සේය. ඔහු සිරිමාවෝ බණ්ඩාරණයක රජය පෙරලීමට මන්ත‍්‍රීවරැු ‘‘බිළීබෑමේ’’ කර්තව්‍යටද විශාල වශයෙන් මුදල් වැය කළ බවද නොරහසකි. එහෙත් එකදාස් නමසිය හැටපහේ එක්සත් ජාතික පක්ෂ රජයට ඔහු එක්කර නොගන්නා ලදි. එකදාස් නමසිය හැත්තෑවේ සමගි පෙරමුණ රජය පත්වීමත් සමග සරත් විජේසිංහ දේශපාලන කරලියෙන් ඉවත් වීය.

එකදාස් නමසිය හැත්තෑහතේ එජාප රජය පත්වීමෙන් පසුව එම මැතිවරණයේදී කඹුරැපිටිය ආසනය ජයගත් මල්ලවආරච්චි නැමති මන්තී‍්‍රවරයාට අල්ලස් චෝදනාවක් නිසා මැති සබයෙන් ඉවත් වීමට සිදු විය. මේ වන විට මන්තී‍්‍රදුර පුරප්පාඩුවේදී අතුරැ මැතිවරණ පැවැත්වීම නවත්වා දමා තිබුණි. හිටපු මන්ත‍්‍රී වරයා අයිති පක්ෂයේන් මන්තී‍්‍රවරැන් නම් කිරීම ව්‍යවස්ථානුකූල වීය. වත්තල මන්තී‍්‍ර ෂෙල්ටන් ජයසිංහ මහතා මියගිය විට ඒ වෙනුවට පක්ෂයෙන් ජෝන් අමරතුංග මහතා පත් කිරීමෙන් මේ ක‍්‍රමය කි‍්‍රයාත්මක වීය. පුරප්පාඩු වූ කඹුරැපිටිය අසුනට තමා පත්කරන ලෙස ඉල්ලූ උපාලි විජේවර්ධන මහතා තම මෑණියන්ගේ ගම කඹුරැපිටිය බවද තරයේ කියා සිටියේය. උපාලිගේ ඇවැස්ස මස්සිනා වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙහිදී දැඩි අපහසුතාවයකට පත්විය. එසේ වූයේ උපාලි විජේවර්ධනගේ දැඩි ප‍්‍රතිවාදීන් වූ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාත්, මුදල් ඇමති රොනීද මෙල් මහතාත් ඉතා තදින් ඊට විරැද්ධ වූ නිසාය.

ඉන්පසු උපාලි විජේවර්ධන දිගින් දිගටම සිය පුවත්පත් මගින් පේ‍්‍රමදාස හා රොනීද මෙල් යන ඇමතිවරැන් විවේචනය කළ බව නොරහසකි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>