Contact us now +61(0) 433 638 610

Articles

අප්පච්චි

Posted in ජීවිතය by on September 9, 2013

ලංකාවේ පිරිමින් සිය දරුවන්ට විවෘතව ආදරේ කරනු මා දැක ඇත්තේ කලාතුරකිනි. මවක සිය සෙනහස දරුවන් වෙත පාන්නේ නිතර ඔවුන් සිප වැළඳ ගැනීමෙනි. දරුවන් කුස තුළ හොවාගෙන ඔවුන් මෙලොවට බිහි කිරීමට මව දරන වෙහෙසම කිසිවක් නොදොඩාම පියවරු ද දරති. එනිසා ඔවුන්ගේ ආදරය ලොවට පෙනෙන්නේ අඩුවෙනි. මව් සෙනහස ගැන අපි නිතර කතා කරමු. එහෙත් පිය සෙනෙහස ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.

කිසිත් මුවෙන් නොබැණ, සිත් තුළ තම දරු සෙනෙහස සගවාගත් පියවරුන්හටයි “පියවරුන්ගේ දිනයේ” මේ උපහාරය…

පොඩ්ඩිගේ අප්පච්චි තරම් පොඩ්ඩිට ආදරේ කරන තවත් පිරිමියෙක් මේ මුලූ ලෝකෙම නැතුව ඇති. පොඩ්ඩිත් මේ මුලූ ලෝකෙන්ම වැඩියම ආදරේ කරන පිරිමියා එයා. ඒ වගේම ලෝකෙම ඉන්න හොඳම පිරිමියත් එයා. කවදාවත්, කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොවී ආදරේ කරන එකම පිරිමියත් එයයි. අර 200% ආදරේ දෙන්ට පුලූවන් එකම තැනැත්තත් එයයි. මේක ඔප්පු කරන්ට පොඩ්ඩි වගේම මේ ලෝකේ ඉන්න හැම ගෑණු ළමයෙක්ම වගේ සාක්කි දෙයි. පොඩ්ඩි, පොඩි කාලේ අම්මා සාප්පු ගානේ ඇවිදිනකොට පොඩ්ඩිව වඩාගෙන, සාප්පුවේ වෙනත් පැත්තක තිබුණු සෙල්ලම් බඩු පෙන්නුවේ අප්පච්චි.

හැමදාම නිදන්ට ගියාම පොඩ්ඩිගේ කිරි බෝතලේ පොඩ්ඩිට පෙව්වේ අප්පච්චි.

පොඩ්ඩි වැටිලා අඬනකොට ඉස්සල්ලාම එයා දුවන්නේ අප්පච්චි ළගට.

මිනිස්සු ගොඩාක් දැකලා බය වෙන පො-ඩ්ඩිව වඩාගන්නෙත් අප්පච්චි. ඒ උණුහු-මේ දැනෙන, ආරක්ෂාව, ආදරය, ආය නම් කවදාවත් දැනෙයිද කියලා පොඩ්ඩිට නම් හිතාගන්ටත් බෑ. අප්පච්චි ඔළුව අතගාපුවාම ලෝකේ තියන හැමදේම හරියන බව තමයි පොඩ්ඩි හිතුවේ. ඒ එක්කම අම්මා දෙන හාදු ගොඩ පොඩ්ඩිගේ ලෙඩ ඔක්කොම සනීප කළා. ඔය කැඩුම්, බිඳුම්, ඉදිමුම්, කැපිලි, හීරිලි එහෙම කාටහරි තියනවා නම්, මෙන්න හොඳ ඛෙහෙතක්. අත්දුටුවයි. සහතිකයි.

අප්පච්චි පොඩිකාලේ අවුරුද්දට කෙහෙල් කැන් වල දාලා, දුම් ගස්සනවලූ ඉක්මනින් ඉදෙන්ට. පොඩ්ඩිට වයස හතරක, පහක කාලේ, අප්පුහාමි ලව්වා කෙහෙල් කැන් වලලලා, දුම් ගස්සනකොට, ඒක පෙන්නලා පොඩ්ඩිගේ මූලික රසායන විද්‍යා පාඩම ඉගැන්නුවේ අප්පච්චි.

වතුර වලවල්වල උඩ පනින ඉස් ගෙඩියන් පෙන්නලා ජීව විද්‍යාවේ මුල් පාඩම් ඉගැන්නුවෙත් අප්පච්චි.

පොඩ්ඩි ඉස්සල්ලාම අවුරුදු අටේදී කාරෙකක් එලෙව්වේ අප්පච්චිගේ ඔඩොක්කුවේ ඉඳන්. ඒක ඉතින් වැරදිලා ගිහින් ගහක ඇනුනා කියලත් එයා මුකුත්ම කීවේ නෑ.

අප්පච්චි ගෙට ගොඩ වෙන්නේ පොඩ්ඩිව අහගෙනයි.

අප්පච්චිගේ සිරිතක් තිබුනා කොහේ හරි යනකොට “අම්මාව බලාගන්ට” කියලා හිනාවෙලා කියන එක.

අප්පච්චිට මොනා හරි උනොත් කියලා හිතනකොටත් පොඩ්ඩිගේ හදවත කඩාගෙන වැටෙනවා වගේ දැනෙනවා. අප්පච්චි තමයි පොඩ්ඩිගේ ලෝකේ ඉර. ඒ ඉර නොපෑව්ව දාට මොනවායින් මොනවා වේවේද කියලා පොඩ්ඩිට නම් හිතා ගන්ටත් බෑ.

අප්පච්චි, අප්පච්චිට මම ගොඩක් ආදරෙයි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>