Contact us now +61(0) 433 638 610

Articles

අත්හල පියාපත

Posted in සාහිත්‍ය by on March 26, 2013

pic-1303-06

- වත්සලා උපමාලි ලේකම්ගේ

“මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න …. වෙන වැඩ නැද්ද මෙතන.”

දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද , පාසල් දරුවන් කන්දේ ඉහළ සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එබීමට පොරකයි.

ගුරුතුමිය ගේ වචන පයිසෙකට මායිම් නොකළ කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬල මුව වසා ගත් ඇඟිලි අතරින් පැන විත් රැව් දේ.

ඔවුන් දෙස බලා උපදෙස් දුන් ගුරුතුමිය ගේ මුහුණේ ද ඔවුන් පිලිබදව උපන් අමනාපයක් නොමැති බව මා දුටුවේ මට පිටුපා සිටි ඇය සඟවා ගන්නට උත්සාහ කරපු සිනාවක් මුව රදවා ගනිමින්ම මා වෙත හැරෙනු දුටු විට ය.

“මොක ද මිස් . . .”

“මෙහෙ වරෙන් බන් කියන්න.”

මාගේ දකුණතින් ඇද ගෙන පුපුරන්නට ආසන්න සිනාව ද අපහසුවෙන් නමුත් වසාගෙන ඇය මා ද කැටුව පිය නැගුවේ ගුරු විවේක කාමරය දෙසටයි.

ගුරු විවේක කාමරයට කිසිම විවේකයක් නොමැත . හීන් ගුමුගුමුවකින් ද විටෙක ගුමුව අතරින් මතු වෙන කැකිරි සිනාවකින් ද ගුරු විවේක කාමරය එළිය වෙයි.

විටෙක දැනුමි සාගරයක් වන් වූ ගුරු විවේක කාමරය බොහෝ විටඑකම රස ආකරයකි.

මම මිතුරිය දෙස නෙත් හෙලූවේ මොකක් නමුත් මා නැති අතරේ සිදු වී ඇති දේ කුමක් දැයි දැන ගන්නා අටියෙනි.

“මිස් දැක්කයි . . ?”

එකෙකු මගෙන් විමසයි.

“මොකක් ද?”

සියල්ලෝම හඩ නගා සිනාසෙයි.

මගේ සිතේ සියමි කෝපය මුසු වූ නොපහන් බවක් පීදේ.

“මොකක් ද බන් වෙලා තියෙන්නේ කියහන් කො මටත්.” මසිත නොයිවසිලි මත් ය යෙහෙළිය වගේ වගක් නැතිව සිනා සේ.

“කියහන් කෝ.” නොයිවසිල්ල අමනාපයක් බවට හැරෙයි.

“හෙ හේ අන්න අරය වැඩලා.”

“කවුද?”

“හාමුදුරුවෙ බන් හාමුදුරුවො.”

“මොන. . ?”

“අයියෝ කොයි ලෝකෙ ද ඉන්නේ ගල් ඉබ්බ්.” මසිත උපන් කුකුස අමතක වී ගිය යමක හැපී නතර වේ.

“ඇයි බන් උඹට මතක නැතෙයි අපේ හාමුදුරුවෝ.”

“ආහ් ඔවු මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මේ වාරෙටම ආවේ නැහැ නේද උන්නාන්සේ.”

“මොන උන්නාන්සෙ ද අන්න සෝමපාල මහත්තයා ඔපිස් එකට වැඩලා.”

“ඒ කීවේ. ?”

“සෝමරතන බන් සෝමරතන.”

“උඹ දැක්ක ද ?” එකියක මැදට පැන අසන්නේ මුහුණ පුළුටු කර ගනිම්නි.

“ඔවු.”

“කොහොම ද හැඩයි ද . ?” ඒ තවකෙකි.

“අනේ මන්දා මගෙ නමි හිත කළකිරුනා.” ඒ විශරාු ම යෑමට ආසන්න වයසේ පසුන ගුරුතුමියකි.

“කියහන් කෝ.”

“මක්කයි. ?”

“කලිසමට හැඩෙයි.”

එයට පිළිතුරු දීමට මුව විවර කළ නැටුම් ගුරුතුමියගේ කට වසා ගැනුමට නොහැකි ව මුහුණ ඇඹුල් වී යන සැටි දුටු මා ඇගේ නෙත් යොමු වී ඇති ඉසවිව දෙස බැලූවෙමි.

පැහැපත් සිහින් උස දේහය වසා ගත් කහචීවරය වෙනුවට රෝස පැහැති පසුබිමේ සිහින් සුදු ඉරි වැටුණු අත් දිග කමීසයකි. කවදාවත් සිවුර මිස හැඩයක් නොදුටු ඒ දෙපා වසා ගත් අලූත්ම පන්නයේ කලූ පැහැති යන්තමින් දිලිසෙන කලිසමකි.හොදින් මැද දිස්න දෙන කුණු පොදක් නොරුදි කලූ සපත්තු ජෝඩුවකි.

මා හුන් තැනින් නැගටිටුනේ නිරායාසයෙනි.

වෙටි උන් අය මුවඟට නැගි සිනාව ආයාසයෙන් මැඩ ගනු මම දුටුවෙමි.

වඩින්න හාමුදුරුවනේ විහිලූවට උපන් හපන්කම් ඇති ගණිත ගුරුවරයා ගෙ හඩයි ඒ.

ඔහුගේ මුහුණ බැලීමට මා සිත වූයේ චකිතයකි. අනිත් වුන් හා ඔහු සංවාදයේ යෙදෙද්දී හොර රහසේ මම ඒ මුහුණ පිරික්සමි.

හිමිනමක් ව වුන් එදවස ද හිමිනමකට හිමි වූ තටිට හිස වෙනුවට රටාවක් නොමැතිව ඔහේ වැවී තිබූ කොණ්ඩයට රටාවක් වැටී පැත්තට බෙදී පීරී ඇත .

එකළ ඇතැමි ගුරුවරයෙකු හාමුදුරුවනේ අට පිරිකරට දැන් දැලි පිහි ලැබෙන්නෙ නැතෙයි විමසූ විට සිනා වී බිම බලා ගන්නා හාමුදුරුවන් මට සිහිවිය.

කිසි දා රැවුල් ගසක් දැක නොතිබුනු ඒ සුදු සෝබර මුහුණට හදිසියේම පැමිණි රැවුල් ගස් නවතම තාලයට කැපී ඇත . මා ඒ රැවුල් කට් එකට ආසා කරන වග සිහිවී සිතේ උපන්නේ සතුටකි. මා එකළ පරිඇ ය කළ මාගේ පෙම්බරා ගේ රැවුල් මෝස්තරය ද ඒ හා සමවූවකි.

එය පොයින්ටින් කට් නමින් පෙර හැදින් වූ කට් එකට සමාන වූව ද කට් එකේ ස්වරූපය ඉතිරි කරමින් මැද හරිය නොමැතිව වටෙන් හැඩය තබා කපන ලද්දකි.

ඔහු දොඩවයි. කිසිවෙකුට සෘජුව මුහුණ නොදීමට පරිස්සම් වෙයි. නමුත් සියලු දෙනාම අසන පැනයන්ට කුමක් ම හෝ පවසයි. වරින් වර ඇදුම් සකසයි. පුටුවේ අසුන්ගෙන සිටින්නේද අපහසුවෙන් මෙනැයි මට සිතේ.

මා සිත ඔහු ගැන උපන්නේ අපරිමිත අනුකම්පාවකි.

පර ස ශ්නෝත්තර වැඩසටහන ට ලැබී ඇති කාලය අවසන් බැව් හැගවීමට මෙන් ඔහු යන්නට නැගී සිටියේ ය. සියල්ලෝම පුරුද්දට මෙන් තම තමන් හුන් අසුන් වලින් නැගී සිටියේ පුරුද්දට මෙනි.

මම ද නැගී සිටියෙමි. උපන් අනුකම්පාව නිසාම ඔහුගේ මුහුණ දෙස සෘජුව බැලූවෙමි. ඔහු මා මග හැරි නමුදු ඇස් වල වූ යම් එඩිතර ගතියක සේයාවක් යන්තමින් මම දුටුවෙමි.

“ඔහොමම පන්ති වලටත් වැඩිය නම් හාමුදුරුන්නේ” ගුරු විවේක කාමරයෙන් පිටතට පා තබත්ම තවත් පුංචි විහිලූවකි.

ගමනේ කිසිදු වෙනසක් නැත . ඒ සාන්ත ගමන එදා මෙන්මය. පිටුපා යන ඔහුගේ සිත තුළ පැන නැගි ගැටලු කුමක්දැයි මට කිව නොහැකි වූව ද ඔහු අප හට නම් ගැටළු රාශියක් ඉතිරි කර ගිය බැවි සහතික වශයෙන් කිව හැක්කේ තව දින සති මාස ගණනකට ම ඔහු ගුරු විවේක කාමරයේ ප්‍රධාන මාතෘකාව වන බැවි හැගුණු පෙර නිමිති පහළ වූ බැවිනි.

තව ටික දවසකින් කෙල්ලෙකුත් උස්සන් එයි බන් ඒ අවිවාහක තරුණ කාර්යාල සහයක නිළධාරියාය.

දැනටත් ඇති.

අපියි බන් මෝඩයෝ.

සාසනේ පැවැත්ම ගැන අහන්නත් දෙයක් ද

මට නම් කළකිරුණා.

ඒ උනාට එක අතකින් ඔහොම වෙනේක හොදයි බන්.

හැබැයි මෑන්ගෙ වම් උරහිස ටිකක් උසයි නේද දැනුත්.

පැවදි අවදියේ සිවුරෙන් වැසුනු වම් උරහිසේ බර දරාගත නොහැක්කේ ඔහුට ද අපි ට දැයි ඇසීමට සිත් වූව ද මට මතක ඇති කාළය පුරා මේ පාසලේ සිසුනට සහ ගුරුවරුනට පන්සිල් දුන් දිග වේවැලක් අත දරමින් නොහික්මුණු දඩබ්බරයන්ට දඩුවම් දුන් පාලි ගාථා ශබ්ද නගා කියමින් බුදු දහම ඉගැන්වූ ඒ අපූරු පැවිද්දාගේ උපැවදි ජීවිතයට සුබාශිංසන පැතීමට නොහැකි වීම ගැන මසිත දොස් නගන්නට විය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>