Contact us now +61(0) 433 638 610

Posts by:

අප්පච්චි

Posted in ජීවිතය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on September 9, 2013

ලංකාවේ පිරිමින් සිය දරුවන්ට විවෘතව ආදරේ කරනු මා දැක ඇත්තේ කලාතුරකිනි. මවක සිය සෙනහස දරුවන් වෙත පාන්නේ නිතර ඔවුන් සිප වැළඳ ගැනීමෙනි. දරුවන් කුස තුළ හොවාගෙන ඔවුන් මෙලොවට බිහි කිරීමට මව දරන වෙහෙසම කිසිවක් නොදොඩාම පියවරු ද දරති. එනිසා ඔවුන්ගේ ආදරය ලොවට පෙනෙන්නේ අඩුවෙනි. මව් සෙනහස ගැන අපි නිතර කතා කරමු. එහෙත් පිය සෙනෙහස ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.

කිසිත් මුවෙන් නොබැණ, සිත් තුළ තම දරු සෙනෙහස සගවාගත් පියවරුන්හටයි “පියවරුන්ගේ දිනයේ” මේ උපහාරය… read more

no comments.

පාන් නැත්නම් කේක්!!!

Posted in ජීවිතය,දේශපාලන,සාහිත්‍ය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on June 10, 2013

pan-neththan

අතීත කතාව

යොවුන් දැරිය වටපිටාව දෙස බැලුවේ කුතුහලයෙනි. ගිම්හානයේ උනත්, ඇයට හිරු එලියේ රස්නයක් දැනුනේ නැති තරම්ය. මී මැස්සෙක් මලකින් පැණි බීවේය. ඒ මේ අත පාවී යන සමනලුන් ඇගේ දෙතොලට එක්ක කලේ සිනාවකි. ‘අනේ මටත් මේ වගේ සමනලියක් වෙලා ඈතට ඈතට පියාඹලා යන්ට ඇත්නම්’ ඈ සිතුවාය. ඒත් මව දමා කෙසේ නම් යන්ටද? ඈ තම නලලට වැටුනු කෙස් රොදක් සකස් කලාය.

‘මේ මගුල කෙරෙන්ටම ඕනි, අපි හැමෝම අතරේ සාමයක් පවත්වාගෙන යන්ට ඕනි නම්’ අම්මා කියද්දී ඇය උන්නේ අම්මාගේ පිටුපසට මුවාවෙලාය. ‘කුමරිය තාම පොඩි වැඩී නේද ‘ ඇසුවේ කවුදැයි ඇයට මතක නැත්තේය. ‘නිසි වයස එනකල් ඇයව එහේ තියාගත්තාවේ’ අම්මා ඊට පිලිතුරු දුන්නාය. read more

no comments.

පොඩ්ඩිගේ රඟපෑම

Posted in සාහිත්‍ය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on April 12, 2013

මේ දවස්වල පොඞ්ඩිගේ වැඬේ, ඉඩක් ලැබුනු හැටියේ ටෙලිඩ‍්‍රාමා බලන එකය. ලංකාවේ මොහොතකට හරි ජීවත් වෙන්ට ලැබෙන්නේ ඒ වෙලාවට ය. ඒ වගේම ලංකාවේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන රටාවත් මේවායින් තේරුම් ගත හැක. පේන විදියට හැම තැනකම වෙන්නේ එක්කෝ පෝසත් කොල්ලෙක්, දුප්පත් කෙල්ලෙක් එක්ක යාළුවෙන එකය. නැත්නම් දුප්පත් කොල්ලෙක්, පෝසත් කෙල්ලෙක් එක්ක යාළුවෙන එකය. ගෙවල්වලින් එන කරදර, රස්සා නැතිව තියෙන ප‍්‍රශ්න, සමාජ දූෂණ, වගේ දේවල්ය. කෙටියෙන් කීවොත් එකම දේවල්ය. දුප්පත් පවුලක උනත් කෙල්ලන් ඉන්නේ, ලස්සනට ඇඳලා, මේක් – අප් කාරිය දාලාය. මේවා දැක්කාම ඉතින් පොඞ්ඩිටත් හිතුණේ, රඟපාලා බලන්ට තියනවා නම් කොච්චර හොඳද කියලාය. read more

no comments.

කන්‍යාවි

Posted in කාලීන by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on December 18, 2012

උදෑසනම සීත දිය පහරක දියකෙළින සිඟිති දැරියන් රොත්තකි. ලහි ලහියේ ඔවුන් පිස දා සූදානම් කරන මැදිවියේ ගැහැනුන් කීපදෙනෙකි. පසුබිමෙන් පෙනෙන කිරි පැහැයෙන් දිලෙන ගොඩනැගිල්ලකි. මා මේ දර්ශනය දුටුවේ කුමන සිනමා පටයක දී දැයි හරියටම නිච්චියක් නැතත්, තාමත් වැඩිවියට පත්වී නැති නිර්මල කන්‍යාවන් ලෙස සැලකුනු මේ දැරියන් මෙසේ පිරිසිදු කරනු ලැබුවේ පසුබිමින් පෙනුනු දෙවොලෙහි දේව කන්‍යාවන් ලෙස පුද කිරීමට බව නම් මතකය.
read more

1 comment.