Contact us now +61(0) 433 638 610

Posts by:

හෙට දවසට අපට කළ හැකි දෙයක් නැත

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on August 4, 2014

දහනම වන සියවසේ මුල් කාලයේදී පමණ ලංකාවට ආනයනය කෙරුණු ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රය එකල ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ කතා කරන මැෂිම ලෙසයි. නාගරික ධනවත් සමාජයේ සුවිශේෂී ගෘහ භාණ්ඩයක් බවට පත්ව තිබුණු මෙම යන්ත‍්‍රය සිංහල ගීත ගායකයන්, සංගීතඥයන් සහ රසිකයන් අතර සම්බන්‍ධයක් ඇති කල මුල්ම අතරමැදියා විය.

නූර්ති හා නාඩගම් නරඹමින් දෘෂ්‍ය රසවින්දනයත් ශ‍්‍රව්‍ය රසවින්දනයත් ලබමින් සිටි රසිකයන් ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙන් මෙම නූර්ති හා නාඩගම් ගී රස වින්දනයට පටන් ගන්නවාත් සමගම දෘශ්‍ය රසවින්දනයෙන් ඈත් වී ගියේය. මෙම ග‍්‍රැමෆෝන් තැටිවල ඉල්ලූම ඉහළ යෑම සිදුවුණ අතර නව වෙළඳපළක් බිහිවීමේ ප‍්‍රවණතාවයද ඇතිවිය.
read more

no comments.

නෙත් අඳ මුත්

Posted in ජීවිතය,සාහිත්‍ය by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on June 7, 2013

anda-sira

මට හදිසියෙන්ම වගේ සිරිසේනව මතක් වුනා. සිරිසේන පිළියන්දල ප‍්‍රධාන බස්නැවතුම් පොලේ අනුන්ට අතපාලා කීයක් හරි හොයාගත්තු අන්ධ මනුස්සයෙක්. පිළියන්දල හරහා මොන පැත්තකට යන බස් එකක වුනත් නැංග ඕනම කෙනෙකුට සිරිසේනව අමතක වෙන්න විදියක් නෑ.

සිරිසේන , එහෙම නැත්නම් ගමේ කවුරුත් කතා කරන ‘‘අන්ධ සිරා’’ නිතරම ඇන්දේ සුදුපාට අත්කොට බැනියමක් හා සරමක්. බැනියම සුදුපාට අනාට ඒක කළුපාටයි බස් නැවතුම හරහා යන බස්වල දුම වැදිලම ඒක කළුපාට වෙලා. ඉදලා හිටලා අත්කොට කාකි කමීසයක් අදිනවා. බස්නැවතුම් පොලෙන් ඒ මේ අත යන බස්වල නගින අයට සිරිසේන කලේ අපූරු සේවයක්.
read more

no comments.

මයුරිගෙ කතාව

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on March 11, 2013

ශීලා ජීවත් වූනේ ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ නම්සාර් කියන ප‍්‍රදේශයේ. වෘත්තියෙන් බොම්බායේ ආයතනයක ගණකාධිකාරීවරියක්. වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් එංගලන්තයේ ජීවත් වෙනවා. ශීලාගේ මවත් ඔවුන් සමග එංගලන්තයේ ජීවත් උනා. ශීලාගේ සැමියා ජග්දීශ්. ඔහු තමාගේම ව්‍යාපාරයක් ජීවිත වෘත්තිය කරගෙන සිටියා. ශීලාටත්, සැමියාටත් දියණියන් දෙදෙනෙකු සිටියා. වැඩිමහල් දියණිය ජයශ‍්‍රී. දෙවැන්නිය මයුරී. ජග්දීශ් ටිකෙන් ටික බීමට ඇබ්බැහි වෙලා. අන්තිමට හොඳම බේබද්දෙක් උනා. read more

no comments.

සුබ උපන් දිනක් වේවා

Posted in සාහිත්‍ය by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on February 11, 2013

1947 ජනවාරි මාසය සිංහල සිනමාවට අතිශයින් වැදගත් දවසකි. ජනවාරි 07 හෝ 21 වනදා (මේ ඉතිහාසය පොත් දෙකක සඳහන් වී ඇත්තේ දෙවිදියකට) ශ‍්‍රී ලංකාවේ තිරගත වූ මුල්ම සිංහල චිත‍්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වුණා. ඉතින් අපේ සිනමා රාජිනියගේ 66 වන උපන්දිනය සමරන්නේ 2013 ජනවාරි මාසයේ.

කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා තිරගත වූ චිත‍්‍රපට සියල්ලම පිළිබඳව කතා කරන්නට අසීරු වුවත්, සිනමාවේ වැදගත් මං සලකුණු සනිටුහන් කළ විත‍්‍රපටි කීපයක් ගැනවත් මතක් කරන්නට හොඳම වෙලාවයි මේ.
read more

no comments.

ලයිටර් මුදලාලි

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on December 16, 2012

යම් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ දෛවය මතද, කර්ම ශක්තිය මතද, නොඑසේනම් උත්සාහය මතදැයි තීරණය කරන්නේ කෙසේද?
ලයිටර් මුදලාලිගේ කතාව දැනගත් පසුවද මෙම ප‍්‍රශ්න පත්තරයට පිළිතුරක් සොයා ගන්නට අසීරුය. එදා කවුරුත් කතා කළ පරිදි ලයිටරයා අද මා ඔහුට කතා කරන ලයිටර් මුදලාලි වූයේ තවමත් මා ඔහුගේ නියම නම නොදන්නා බැවිනි.
read more

no comments.