Contact us now +61(0) 433 638 610

Posts by:

ලෙන්ටිල් ඈස් එනිතිං

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on July 18, 2013

shanaka

ලෙන්ටිල් ඈස් එනිතිං අවන්හල ගැන දැන ගන්නට ලැබුණේ චරිත දිසානායක මිතුරාගෙනි. ඒ නම අපූරු වැඩක් බව තේරුම් ගියේ එතැනට ගිය පසුවයි.

සෙන්ට් හිල්ඩා හි පිහිටි මේ අවන්හල හිමිකරු ශානක ෆනෑන්ඩු ශී‍්‍ර ලාංකිකයෙකි. මේසයක් පුරා ඇති බත් මාළු පිණිවලින් කැමති පමණ බෙදාගෙන කා බී සතුටු තරමේ මුදලක් ගෙවීමට හැකි වීමයි මෙහි ඇති විශේෂත්වය. නිර්මාංශ ආහාර පමණක් ඉදෙන මේ අවන්හලේ ශී‍්‍ර ලාංකික කෑම බීම මෙන්ම ඉන්දියානු හෝ දකුණු අපි‍්‍රකානු වෑංජනත් පිසෙයි.
අත ඇති පමණට මුදල් ගෙවා යා හැකි වුවත් මෙය සමාජ සේවා ආයතනයක් නොවේ. වැඩපළ කරන කෝකියන්ට, අවන්හල් සේවකයන්ට වැටුප් ගෙවන්නටත්, හාල් එළවළු මිලට ගන්නටත්, ගොඩනැගිලි කුලී සහ ජල විදුලි බිල්පත් ගෙවන්නටත් ආදායමෙන් වැඩි කොටසක් වියදම් වෙයි. ශානක ඒ සියලූ වියදම් පියවා ගන්නේ ’සල්ලි පෙට්ටියේ’ උදව්වෙනි.
read more

no comments.

ඔබමාගේ නැගණිය සිය මව ගැන කියයි

Posted in ආකල්ප,දේශපාලන by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on June 8, 2013

obamas-sister

පුස්තකාලයේ ළමා පොත් අතර තිබී මට අපූරු පොතක් හම්බ වුණා. “Ladder to the Moon” පොතේ නම. කතාවේ අපූරුවටත් වඩා හිත ගියේ එහි පසුබිම් කතාවටයි. පොත ලියා තිබුණේ මායා සොඑටොරෝ නම් ලේඛිකාවක්. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ (අර්ධ) සොහොයුරියයි. මායා අතින් මේ පොත ලියවී තිබුණේ ඇගේත්, ඔබාමාගේත් මව වූ ඈන් සොඑටෝරෝ ඇයට කියා දුන් කතන්දරයක් පසුබිම් කරගෙනය.
read more

no comments.

දරුවෝ නැති අම්මාලා

Posted in කාලීන by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on February 10, 2013

නිරන්තරයෙන්ම ‘‘අම්මා – අම්මා’’ කියමින් මා පසුපස ඒම මගේ කුඩා දැරියන් දෙදෙනාගේ සිරිතකි. කියන්නට යමක් ඇතිවත් නැතුවත්, ඔවුහු අම්මා කියමින් ඇ‍ඟේ දැවටෙති. වැඩක් පළක් කරගන්නට තියා මට තනියම යමක් හිතන්නටවත් ඉස්පාසුවක් නැත. ‘‘ඒක එහෙම වුනේ කොහොමද ?, මේක මෙහෙම වෙන්නේ කොහොමද ?’’ වැනි දහසක් ප‍්‍රශ්න ඔවුන්ට ඇත. read more

2 comments.

ලෝකයේ ධනවත්ම අම්මා කෙතරම් අසරණද ?

Posted in කාලීන by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on December 16, 2012

අවුරුද්දක්ම අප සමග ගත කරමින් අපේ දරු පැටවුන් බලා කියා ගත් අම්මා ආපසු ලංකාවට යන්නටයි සූදානම.
මහ රෑ මැදියම නින්ද අතරමග කැඞී අවදි වෙන පුංචි දෝණිට තමන්ගේ නිදිමත නොසලකා හැර ඇය කොතරම් හැඩ වැඩ දමා කතා කියා දුන්නාද ? මුළු ගෙදරම වැඩත් දෙදරුවන්ගේ වැඩත් කර හොඳ හැටි මහන්සි වී ඇඳට යන අම්මාට රෑටවත් නිදහසේ නිදා ගන්නට නොලැබුණේ ඒ කතා කීමේ හැකියාව නිසයි. තුන් නින්දෙනුත් එහා ඉඳලා අතරමගදී ඇහැරුණ විට කෙනෙක් මේ තරම් ආයිත්තම් කර ඉවසීමෙන් කතන්දර කියන්නේ කොහොමද ? අපි කතා වුණා.
read more

no comments.