Contact us now +61(0) 433 638 610

Posts by:

පච්ච කොටනු ලැබේ ….

Posted in ආකල්ප,කාලීන,සාහිත්‍ය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on June 12, 2014

tatoo

[Illustration by Saamantha Tennege]

චාරිත‍්‍ර පුද පූජාවන් කෙරෙහි පමණක් සැළකිලිමත් වූ එක්තරා වයස්ගත භික්ෂුවක් පන්සලේ තිබුණු වටිනා ලී මුවා පිළිමයකට නිතර දෙවේලේ පුද පූජාවන් පැවැත් වී ය. දිනක් උදෑසන පොරවකින් ගසකට කොටන හඬ ඇසී පිටතට පැමිණි නායක ස්වාමීන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ඉතා ආදර භක්තියෙන් සුරකින ලී මුවා ප‍්‍රතිමාව පොරවකින් සැහැ දමමින් සිටි කුඩා සාමනේර හිමි නමකි.
ඉතා කලබලයට පත් නායක ස්වාමීන් වහන්සේ වහා සාමණේර හිමිනම කරා පැමිණ ‘‘අය්යෝ පොඩි තැන මොකක්ද මේ කරන අපරාධය ?’’ කියා ඇසූහ.
‘‘මම මේ බුදු හාමුදුරුවෝ හොයනවා.’’
‘‘ ඕකේ කොහේද බුදුහාමුදුරුවෝ ?’’ නායක ස්වාමීන් වහන්සේ විශ්මයෙන් ඇසූහ.
‘‘එහෙනම් මම මේ පිළිමය කැපුවම මොකද වෙන්නේ.’’
සිත විනිවිද දකින්නට (කර්තෘ ඃ ලියුම්කරු 2002)
read more

no comments.

මට වැරදුන තැන් – යමන් බණ්ඩො වෙසක් බලන්ඩ

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on May 23, 2014

wesak thorana

අපේ අප්පච්චීට කරන්නට බැරි වැඩ දෙකක් තිබුණි. එකක් සරුංගල් හැදීම ය. අනෙක වෙසක් කූඩු හැදීම ය. පුංචි මගේ වදෙන් බේරෙන්න බැරි තැන දිනක් අප්පච්චී මට සරුංගලයක් හදා දුන්නා මතක ය. එය ඉරටු කූරු දෙකක් මැදින් බැඳ සෑදූ පැතළි සරුංගලයකි. සරුංගලයක් තනිවම සදා ගැනීමට බැරි වුනත් එය උඩ යාමට නම් බොක්කක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. කොතෙක් පැහැදිළි කළත් අප්පච්චිට සරුංගලයට බොක්කක් දැමීමට නොහැකි විය. මගෙන් බේරෙන්නම බැරි තැන ඔහු සරුංගලයේ ඉදිරි කොණේ නූලක් බැද එය පසුපස කොණට අල්ලා බැඳ සෑදූ බොක්ක ගැන මම නම් කිසිසේත්ම සතුටු නොවිමි. සියල්ලටම වඩා අප්පච්චී සරුංගලයේ නූල බැන්දේ ඉදිරි කෙළවරෙනි. සරුංගලයේ නූල බැඳිය යුත්තේ මැදින් බව මම ඔහුට පැහැදිළි කර දුන්නෙමි. එසේ කිරීමේදී සව් කොළ ඉරී යා හැකි බැවින් එම අදහසට ඔහු එක හෙළාම විරුද්ධවිය. read more

no comments.

මට වැරදුනු තැන් – එළකිරි

Posted in ආකල්ප,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on September 9, 2013

කලකට පෙර ලංකාවේ එළකිරි යනුවෙන් හැදින් වූයේ එළකිරි ය. එකල ලංකාවේ ගම් සහ වතු වල පිහිටි බොහෝ නිවෙස් වල එළ හරකෙක් සිටියා මට මතක ය. ඉන්පසු ලක්ස්ප්‍රේ හෝ ලැක්ටෝජන් වැනි පිටි කිරි මෙන්ම කල් කිරි ද විය. ඒ සියල්ලද එළ කිරි ගණයටම අයත් විය. ඒ සමගම අසූව දශකයේ මුල් භාගය වන විට ගම්වල සිටි එළ හරක් පට්ටි වලින් දොට්ට බසින්නට විය. ඊට සමගාමීව කුඹුරු වල සිටි මී හරක් යකඩ හරකුන්ගෙන් ප්‍රතිස්ථාපනය වන්නට පටන් ගත්තේ ය. එකල ගොයම් ගස් අතරින් මාළුන් පිහිනා යාම සුලබ දසුනක් වීය. ඔයවල් වල ආදා මාලූවෝ ඇති පදන් සිටිය හ. නියර වල කක්කුට්ටෝ ත් සිටියහ. අද වන විට ලංකාවේ ගවපට්ටි ගවයන්ගෙන් සිස් ය. කුඹුරු මී හරකුගෙන් සිස්ය. නියර කක්කුට්ටන්ගෙන් සිස් ය. ඔයවල් ආදා මාලූන්ගෙනුත් සිස් ය. එසේ වුවද අදටත් එළ හරක්, මී හරක්, කක්කුට්ටන් සහ ආදා මාලූන්ගෙන් එරටද නො සිස් ය. එපමණක් නොව අද එළකිරි කියා කියන්නේ අඩු තරමින් කිරිවලටවත් නොවන්නේ ය. වෙනම දේකට ය. කිරි කෑල්ලද හැළී ගොසින් ය. දැන් ඉතිරිව ඇත්තේ එළ එළ පමණය. read more

no comments.

ලස්සන කතාවක්

Posted in ආකල්ප,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on September 3, 2013

— එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ

එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.

ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. read more

no comments.

ලස්සන අදහස්

Posted in කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on

විමුක්තිය තනි තනිව

සොයා ගත යුතුය - ඕෂෝ

මම විප්ලවය ගැන දේශනා කරන්නේ නැහැ. ඇත්තටම මම විප්ලවයට ඉඳුරාම විරුද්ධ කෙනෙක්. මම කතා කරන වචන අයිති වෙන්නේ අනාගතයට. වර්තමානයේ බුද්ධිමත්ව කටයුතු කරන හැමෝම විප්ලවවාදියෝ හැටියටයි මම දකින්නේ. මොකක්ද මේකේ තියෙන වෙනස ?

විමුක්තිය කියන්නේ තනි තනිව ලබා ගතයුතු දෙයක්. මහ සෙනගක් එකතු කරගෙන කරන්න දෙයක් එතන නැහැ. ඒ වගේම දේශපාලනය, බලය වගේම ප්‍රචණ්ඩත්වයට වුනත් විමුක්තිය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. විමුක්තිය කියන්නේ ඔබේ සිතීමේ ක්‍රමය, ඔබේ නිහඬත්වය සහ ඔබ ඔබ සමගම කටයුතු කර ලබා ගත යුතු දෙයක්. ඒක අධ්‍යාත්මික විපර්යාසයක්. read more

no comments.