Contact us now +61(0) 433 638 610

Posts by:

ගී කැණි මඬළ – මරණයේ භාවනාව

Posted in Art,සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on June 8, 2013

maranaye-bhawanawa

(සිත්තම – සාමන්ත තැන්නගේ)

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
මේ පාලූ යාමයේ
පරඬැලා පත් මත
සර සර හඬින්
මරණයේ පා සලන
ස්වරයේ නද අසමි
read more

no comments.

අඳුරු කුටිය තුළ

Posted in සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on March 17, 2013

අඳුරු කුටිය තුළ දොරගුලූ ලාගෙන
ගයන ගීතිකා… යදින යාතිකා
දෙවියන් හට නෑසේ…
පොළව කොටන තැන.. පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ….
බලන් කඩතුරා හැර දෑසේ…..
read more

no comments.

සරෝජා මගෙ දෝණියේ

Posted in සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on February 10, 2013

saroja

ධනේශ්වර ලෝකයේ පැවැත්ම සඳහා යුද්ධය අවශ්‍ය සාධකයකි. දැනුමෙන්ද, විද්‍යාවෙන්ද පොහොසත් යැයි සැලකෙන නූතනයෙහි ම්ලේච්ඡ යුද්ධය ද විවිධ මුහුණුවරින් සමාජ ගත කෙරේ. චින්තනමය, බුද්ධිමය, ජානමය මෙන්ම ආයුධමය ආදී වශයෙන් අති සංවිධානාත්මකව සිදු කෙරෙන විවිධ සංග‍්‍රාමයන් සඳහා ඉසියුම් ලෙස ජන මාධ්‍යය ද ඉවහල් කොට ගැනේ. විශ්වයෙහි පවතින ජීවී, අජීවී සියලූ සම්පත් තමන් වෙත නතු කොට ගෙන අදිරද බලය තමන් වෙත පවරා ගැනීම යුද්ධයේ පූර්ව නිමිත්ත වේ.

එසේම ආර්ථික, සාමාජික දේශපාලනික හා වාර්ගික අර්බුදයන්ගෙන් සපිරි ලෝකයට ලෙහෙසි පහසු විකල්ප විසඳුම යුද්ධය බවට පත්කොට තිබේ. එසේම යුද්ධය හා සාමය එකිනෙකින් ඇඳී පෝෂණය වන යැපුම් මාර්ග දෙකක් වී තිබේ. read more

2 comments.

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Posted in සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on December 18, 2012

img2

පේ‍්‍රමය යනු මානව ජීවිතය හා බැඳී පවතින ප‍්‍රබල ලාලසාවකි. ලාලසාව යනු යම් මානවයකු ස්වකීය සමස්ත කයින් හා අධ්‍යාත්මයෙන් කිසියම් නිශ්චිත වස්තුවක් තිරසරව අරා සිටීමයි. පන්ති සමාජයෙහි පේ‍්‍රමය කෙතරම් තීව්රකර ප‍්‍රකාශනයකට භාජනය කොට තිබේද යතහොත් එය තත්කාලීන සීමාවලින් විනිර්මුක්තව එතෙක් මෙතෙක් පැවති යුග පවුරු පදනම් විනිවිද අපගේ අධ්‍යාත්්මය අමතා එය පුබුදුවයි. read more

no comments.