Contact us now +61(0) 433 638 610

Articles - ඉතිහාසය

හිම යානය හා පිනි මුවෝ

Posted in ආගමික,ඉතිහාසය by on December 24, 2014

photodune-5580922-santa-and-reindeer-with-the-sleigh-s

මුනිදාස වංශපුර විසිනි
read more

no comments.

ක්‍රිස්තු ධර්මය සහ ශ්‍රී ලංකාව

Posted in ආගමික,ඉතිහාසය by on

Basilica of Our Lady of Lanka, Tewatta, Sri Lanka
Photo by Fr. Sunil De Silva

සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි
read more

no comments.

අශෝක අධිරාජ්‍යයා

Posted in ඉතිහාසය,ජීවිතය by on June 12, 2014

ashoka

-පියුමි ප්‍රේමරත්න

එච්. ජී වේල්ස් මෙසේ කිය යි.

“ඉතිහාසය පුරාවට තමන්ව ‘උත්තමයාණන් වහන්සේ, නරෝත්තමයන් වහන්සේ, නරේන්ද්‍රයාණන් වහන්සේ’ ආදී ලෙස හඳුන්වා ගත් දහසකුත් රජවරු මෙන්ම අධිරාජ්‍යයෝද සිටිය හ. නමුත් ඔවුන්ගේ බැබලීම කෙටි කාල වකවානුවකට සීමා විය. නමුත් අශෝක අධිරාජ්‍යයා වර්තමානයේදීත්, අනාගතයේදීත් බැබලෙ න්නේ ප‍්‍රභාමත් තාරකාවක් පරිද්දෙනි.” read more

no comments.

සිය වසකට පෙර නැගී ආ – සරත් සඳ

Posted in Art,ඉතිහාසය,සාහිත්‍ය by on June 8, 2014

sarachchandra1

- රංග ප්‍රසාද් පෙරේරා

මා මේ සටහන ලියනුයේ 2014 මැයි මස 26 වැනිදාය. අද මට මේ සටහන ලිවීමට සිදුව ඇත්තේ අදින් වසර සියයකට පෙරාතුව මෙලොවට පහලවූ පුද්ගලයකු නිසාය. නිතිපතා ලොව බොහෝ අය ඉපදෙත ි. මියයති. එසේ වුවද 1914 ජුනි මස තුන් වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ ගම්මානයේ දී උපන් මේ වෙසෙස් මිනිසා තවත් එක් මිනිසකු ලෙස ඉපිද මියයාම වෙනුවට ලෝකයට බොහෝ දේ ඉතිරි කර නික්ම ගියේය. ඔහුගේ පියා චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වාය. හේ තැපැල් ස්ථානාධිපතිවරයෙකි. මව ලිසියා මොරගොඩය. ඔවුන් කලාවට සංගීතයට නැඹුරුවක් තිබූ පවුලක් වුවද තම පුත්‍රයා කලාව, ශාස්ත්‍රය ඔස්සේ ඒසා දුර ගමනක් යනු ඇතැයි ඔවුන් එදා නොසිතන්නට ඇත. එහෙත් එම පුත්‍රයා ගිය දුර කොතෙක්දයත්, මිනිස් සංහතිය නොනැසී පැවතුණහොත් වසර සියයකට නොව තව වසර දහසකට පසුව පවා ඔහු ගැන මෙවන් දේ ලිවීමට මතු පරම්පරාවන්ටද සිදුවනු නොඅනුමානය.
read more

no comments.

වැදි තොරතුරු

Posted in ඉතිහාසය by on September 9, 2013

- හේමමාලා හේරත් | H. Parker f.a ‘Ancient Ceylon’ නැමති ග්‍රන්ථය ආශ්‍රිතව රචනා කරන ලදී…

ශරීර ලක්ෂණ

වර්ගය අනුව වැදි ජනයා දුඹුරු වර්ගයකටත්, සිංහලුන් ලා කහ පැහැ වර්ගයකටත් අයත්වේ. එහෙත් මූලික වශයෙන් මේ දෙවර්ගයම ඔලිව් මිශ්‍ර කහ පැහැයක් ගත්තවුන් ලෙස හැඳින්විය හැක

ගම් හා කැලෑ වැදි ජනයාගේ සම රතට හුරු දුඹුරු පැහැයක් ගනී. උඩරට කුලහීන ජනතාව හා මොවුන්ගේ සමේ පැහැයේ වෙනස දැනගත හැක්කේ යාන්තමිනි. එහෙත් සමහර කැලෑ, ගම් හා වෙරළබඩ වැදි ජනතාව ද්‍රවිඩ ජනයා හා මිශ්‍ර වීම නිසාදෝ තද දුඹුරු කලු පැහැ සමක් ඇත්තෝය.

වැදි ජනයාගේ රතු දුඹුරු පැහැය කැපී පෙනෙන ලෙස දැකිය හැක්කේ උඩරට සිංහලයන් අතරේය. මින් සමහරු තද තඹ පැහැයක් ගනිති. මෙවන් පැහැයක් දෙමළ මිනිසුන් අතර සොයාගත නොහැක්කේය. ලා දුඹුරු කහ පැහැය සිංහලයන්ට උරුම වෙන්නට ඇත්තේ ගංගා නදිය ආශ්‍රතව වාසය කළ මුල් ජනපදකරුවන්ගෙන් බව කියවේ. අද දක්නට ලැඛෙන වර්ණ සෑදෙන්නට ඇත්තේ පසු කාලයකදී විවිධ ජාතීන් හා ඇතිවූ මිශ්‍රණ නිසා විය හැක. read more

no comments.