Contact us now +61(0) 433 638 610

Articles - හසරැලි

ඊට පස්සේ පැවති ඉබ්බා සහ හාවා අතර තරගයේ ප‍්‍රතිඵලය

Posted in සාහිත්‍ය,හසරැලි by on August 17, 2013

ඉබ්බා සහ හාවා අතර පැවති තරගයෙන් ඉබ්බා දිනුවාට පස්සේ අනිත් සත්තු ඉබ්බාට ඔහුගේ ධාවන වේගය වැඩි කරගැනීමට නොයෙක් විදිහෙ උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒත් මේ එක්කෙනෙක්වත් තරගයේදී හැබෑවටම වුණු දේ දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ගෙන් කොටසක් හිටියෙ තරගය පටන්ගන්න තැන. අනෙක් කොටස හිටියෙ තරගය අවසන් වන තැන. හාවා වේගයෙන් ඈතට දුවගෙන යන හැටියි පළමු කොටස දැක්කෙ. අනිත් කොටස දැක්කෙ ඉබ්බා ගාටමින් දිනුම් කණුව පසුකරද්දී හාවා අසුරු සැණින් ආ බවත් විතරයි. ඉබ්බා වේගයෙන් දුවනවා කවුරුවත් දැක්කෙ නැතුවට කොතනකදී හරි ඉබ්බා වේගයෙන් දුවපු බව ඔවුන් විශ්වාස කළා. තරගයේ මුලදී ඉබ්බා වැඩි වේගයකින් ඇවිත් හාවා පසු කරල සැළකිය යුතු පරතරයක් තබාගෙන ඉන්පස්සෙ වේගය අඩුකරන්නට ඇති බව ඔවුන් විශ්වාස කළා. තරගයේ දිනීම ගැන තිබුණු හොඳම හා එකම පැහැදිලි කිරීමත් එය විතරයි. කැළේ සත්තු ඔරලෝසු පාවිච්චි කරන්නෙ නැති නිසා තරගෙට කොච්චර වෙලාවක් ගියාද කියලත් කවුරුත්ම දැන හිටියෙ නෑ. read more

no comments.

කැඩපත හසරැලි

Posted in හසරැලි by on April 12, 2013

දිනක් ලා ඕට් සූ තුමා බූරුවෙකු පිට නැගී එක් නගරයක සිට තවත් නගරයකට යමින් සිටියේ ය. ඒ අතර තුර චීන අධිරාජ්‍යයාගේ පණිවුඩ කාරයෙක් පැමිණ ‘‘අපේ අධිරාජ්‍යාට ඔබ තුමා ගැන අසන්නට ලැබී තියෙනවා. එතුමාට අවශය වෙලා තියෙනවා ඔබතුමා වගේ බුද්ධිමතෙක් එතුමාගේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ කර ගන්ට’’යි පවසා ඇත.

මේ පණිවිඩ කරුට ප‍්‍රතිචාර දැක්වූ ලා ඕට් සූ තුමා, ‘‘නෑ ඒක එහෙම වෙන්න බැහැ. මම මට මෙවැනි යෝජනාවක් කිරීම ගැන අපේ අධිරාජ්‍යාට ස්තූති වන්ත වෙනවා. ඒත් එතුමාට කියන්න මට ඒ තනතුර බාර ගන්න හැකියාවක් නැති බව’’ කියා ඉතා විනීත ලෙස පණිවුඩ කරුට දන්වා සිටියේය. read more

no comments.