Contact us now +61(0) 433 638 610

Articles - Nature

අලි කලබල

Posted in Nature by on August 11, 2015

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි
read more

no comments.

ඇයි මේ වොම්බැට්ලා මෙහෙ විතරක් ?

Posted in Nature by on August 6, 2014

- මුනිදාස වංශපුර
wombetla

ශ්‍රී ලංකාවේදී මෙන් ඕස්ටේ‍්‍රලියාවේදීත් මයිනන්, ගිරවුන්, කොබෙයියන් වැනි සතුන් නිතර දකින්නට ලැබුණත් කොටි වලසුන් හෝ අලි ඇතුන් වන්නාන්තර වල පවා දැකිය නොහැකිය. එසේම කැන්ගරුවන්, එකිඞ්නාවන් හෝ ප්ලැටිපසුන් ශ‍්‍රී ලංකාවේ කිසිදු ස්වභාවික පරිසරයක දකින්නට ලැබී නැත. අලි ඇතුන් අප‍්‍රිකාවේත් ආසියාකරයේත් විසිර සිටින අතර වලසුන්, ගෝණුන්, මුවන් ආසියාවේ, අප‍්‍රිකාවේ මෙන්ම යුරෝපයේ හා ඇමෙරිකාවේද පැතිර සිටිති. එහෙත් තාරා හොට ප්ලැටිපසා, එකිඞ්නා, වොම්බැට් හෝ කැන්ග වරුන් දකින්නට ලැබෙන්නේ ඕස්ටේ‍්‍රලියාව හා ඒ ආසන්න දිවයින්වල පමණි. read more

no comments.

සැල්දිරි යුෂ වල මාහැඟි බලය

Posted in Nature by on August 17, 2013

සැල්දිරි යුෂ ඉතා ගුණදායකය.එය බෙහෙවින් ජලය අඩංගු පානයකි.ශරීරයේ අසමතුලිත රසායන තත්වයන් තුළනය කිරීමට ඊට ඇත්තේ අසමසම හැකියාවකි.ඈත අතීතයේදී සැල්දිරි වැඩිමත් වශයෙන් භාවිත වූයේ ලෙඩරෝග වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙසිනි.සැල්දිරි කොළ වල විටමින් ඒ බහුලය.එමෙන්ම විටමින් බී 1,බී2,බී6, සහ විටමින් සී ද පොටෑසියම්,ෆෝලික් අම්ලය,කැල්සියම්, මැග්නීසියම්, යකඩ, පොස්පරස්, සෝඩියම් සහ අත්යවශ්ය ඇමයිනෝ අම්ල වලින්ද එය පරිපූර්ණය.

මේ සුපිරි ඔසුව ශාක හෝමෝන සහ තෛලෝදක වලින්ද පිරිපුන්ය.සැල්දිරිවලට ආවේනික සුවඳ ලැබෙන්නේ එහි අඩංගු තෛලෝදක හේතුවෙනි.එම තෛලෝදක ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට හේතුකාරක වන අතර ශරීරය සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තය. සැල්දිරි වල සෝඩියම් අඩංගුය.එම සෝඩියම් සාමාන්‍ය මේස ලුණු වලින් සපුරා වෙනස්ය. සාමාන්‍ය මේස ලුණු වල ජලයේ ද්‍රාවනය නොවන අකාබනික සංඝටක අඩංගු වී ඇති අතර ඒවා රුධිර නාල වල තැන්පත් වීමෙන් අවහිරතා ඇතිවේ.අපි දිනපතා පරිභෝජනයට ගන්නා ලුණු සුදු පැහැයෙන් යුක්ත වන්නේ ඒවා “සකස් කළ” තත්වයෙන් පැවතීම නිසාය.මෙම ක්‍රියාවලියේදී සාමාන්‍ය ලුණු වල අන්තර්ගත ලවණ හා පෝෂණ කොටස් විනාශ වී යන්නේය. read more

no comments.

නෑසූ නුදුටු සුන්දරත්වය හක්ගෙඩි ඇල්ල – ගාල්ල

Posted in Nature by on March 9, 2013

සටහන – දිල්ශාන් දිසානායක

දියඇල්ලක සුන්දරත්වය නොවිඳි කෙනෙක් හෝ එහි විචිත‍්‍රත්වය විඳින්න අකමැති කෙනෙක් අප නොසිටිය හැකිය. දියදහරක් යනු එතරම්ම සිත නිවන සොඳුරු ආරම්මණයක් වීම ඊට හේතුවය. අපේ වාසනාවට අප ඉපදුණු දේශය එවන් අපූරු දියඇලි වලින් ගහණ අතිශය මනරම් දිවයිනකි. නමුත් ශී‍්‍ර ලංකාවේ දියඇලි ගැන සඳහන් කරන විට බොහෝ අයගේ මතකයට නැගෙන්නේ දුන්හිඳ, දියලූම, රාවණා, බඹරකන්ද වැනි ප‍්‍රචලිත ඇලි කිහිපයක් පමණය. ඒ නමුත් සංචාරකයන්ගේ ඇස් වලින් වසන් වුනු සරා සොඳුරු දියඇලි කීයක් නම් මේ පුංචි දිවයිනේ පිහිටා ඇත්ද ? read more

no comments.

ඉකෙබනා – ජපන් මල් සැකසුම් කලාව

Posted in Art,Nature by on February 17, 2013

- අචිනි ඉනෝකා

ඉකෙබනා – ජපන් මල් සැකසුම් කලාව ජපන් සංස්කෘතිය තුල ඉතා වැදගත් තැනක් ගනී. මෙම කලාව බොහෝ පෞරාණික වටිනාකමකින් යුක්ත වන බැවින් ජපන් ජාතිකයෝ එය ඉතා ගෞරවයෙන් යුතුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යති.

ඉකෙබනා මල් කලාවේ මුල් ආරම්භය බෞද්ධාගම ජපානයට හඳුන්වා දීම දක්වා දිවයයි. එම නිසාම එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනකට හිමිකම් කියයි. මෙම ජපන් මල් සැකසීමේ කලාව බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ආරම්භ කරන ලදි. read more

no comments.