Contact us now +61(0) 433 638 610

Articles

කතුවැකිය | Editorial [ Sep 2013 ]

Posted in ආකල්ප,කාලීන by on September 3, 2013

මට මගේ සීයා ගැන එතරම් අවබෝධයක් නැත. ඒත් මම වඩාත් විමසිලිමත් වන්නේ ඔහුගේ මුණුපුරා කෙබඳු කෙනෙක් විය හැකිද යන කාරණය ගැනය

- ඒබ්රහම් ලින්කන්

දෙදෙනෙකකු මුණ ගැසුනු විට අවිනිශ්චිත අනාගතය ගැන විස්සෝප වීම අද දවසේ නිතර දෙවේලේ අප අත් දකින සාමාන්‍ය දෙයකි. මදක් අතීතයට ගිය විට අපේ වැඩිහිටියෝ විස්සෝප වූයේ අපේ වර්තමානය ගැන නොවේ ද ? තවත් ටිකක් ඈතට ගියොත් අපේ වැඩිහිටියන්ගේ වැඩිහිටියන් විස්සෝප වූයේ ඔවුන්ගේ අනාගතය ගැනය. එනම් අපේ වැඩිහිටියන්ගේ අතීතය ගැන ය.

මේ නම් පරම්පරාවකින් පරම්පරාවකට ලැඛෙන දායාදක්දැයි සිතෙන තරමට සාමාන්‍යකරණීය වී ඇති දෙයකි. බුදුන් වහන්සේ මෙසේ වදාළ හ.

ගිය කල ලූහුබැඳ නොයන්න

මතු කල නො පතා සිටින්න

ගිය දේ ගිය සේ මැ ගන්න

මතුව නොපත් සේ දකින්න

- භද්දෙකරත්ත සූත්රය

දැන් එබ්රහම් ලින්කන් කියූ දේ හා බුදුහු දේසූ දේ සසඳා බලන්න. අතීතයෙන් පාඩම් උගෙන අනාගතය වෙනුවෙන් යම් දෙයක් කිරීමට උත්සාහ දැරීම වරදක් නොවේ. එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙහිදී අපද පනින පිම්මක් ඇත. ඒ වර්තමානයේ අපෙන් සිදු විය යුතු කාර්ය බාරය හෙවත් ක්‍රියාත්මක වීම අමතක කර දමා එය අනාගත පරපුරෙන් අපේක්ෂා කිරීම ය. මේ නම් සැබවින්ම ගගට ඉණි කැපීමකි. ඒබ්රහම් ලින්කන් සැළකිලිමත් වන්නේ ඔහුගේ සීයාගේ ගැන නොවේ. ඔහුගේ සීයාගේ මුණුපුරා ගැනය. එනම් තමා ගැනය.

අප දුක් විය යුත්තේ ද මිය ගිය අපේ මුතුන් මිත්තලා ගැන හෝ අනාගත දරු මුණුපුරන් ගැනද නොවේ. අප සතුටු විය යුත්තේ වර්තමානයේ ජීවත් වන අප ගැනය. වර්තමානයේ අප කරන හොඳ ගැනය. ඒ අනාගතයේ සරු ඵල ලැඛෙන්නේ අද සරු පොළවක වපුරන සරු බිජු වලින් නිසාවෙනි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>