Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන | Editorial [ 5th June 2014 ]

Posted in ආකල්ප,කාලීන by on June 5, 2014

කැඩපත ස්ථීර ලේඛක ලේඛිකාවන් අතරින් වයසින් ලාබාලම ලේඛකයා වන්නේ රන්දික විජේසිංහය. ඔහුගේ සිනමා විචාරය හරහා ඔහු කැඩපත පාඨකයින්ව නොදුටූ විරූ ඉතා අපූරු ඉසව්වන් කරා කැඳවා ගෙන යයි. මෙවර ඔහු කතා කරන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ ගැන ය. ගරිල්ලා මාර්කටින් යන වචනය අපට මුලින්ම හමුවන්නේ ජේ කොනාර්ඩ් ලැවින්සන් විසින් 1984 දී රචිත ‘Guerrilla Advertising’ යන ග්‍රන්ථයෙනි. ගරිල්ලා මාකටින් යනු එහි මතුපිටින් සහ ඇතුළතින් ඉතා ගැඹුරින් විග්‍රහ කළ හැකි ව්‍යාපාරික ක්‍රමවේදයකි. ඉතා කෙටියෙන් එය ‘උපරිම ප්‍රතිඵලයක් ළගා කරදෙන ඉතා ලාභදායී දැන්වීම් ප්‍රචාරාත්මක උපක්‍රමයක්’ ලෙස විග්‍රහ කළ හැකිය. එහෙත් අතීතයේ පටන් මෙම ක්‍රමවේදය භාවිතා කළ බොහෝ ව්‍යාපාර දෙස බැලු විට අපට පැහැදිළි වන දෙයක් ඇත. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණාත්මකව පාරිභෝගිකයා වෙත ළගා කරවීමට දරණ උත්සාහයකි, ඒ. එහි වරදක් ඇතැයි අපි නොසිතමු. වරද ඇත්තේ වෙන තැනකය. ඒ නම් සැබෑම ගරිල්ලා මාර්කටින් ය. එනම් යහපත අයහපතක් ලෙස හුවා දැක්වීමට ගරිල්ලා මාර්කටින් භාවිතා කිරීම ය. එසේම අයහපත යහපත් කර පෙන්වීමත්, එහිම අඩංගු වන නිසාය.

SWOT විශ්ලේෂණය යනු කිසියම් භාණ්ඩයක්, ස්ථානයක්,ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධව භාවිතා කළ හැකි සැලසුම් කිරීමේ ක්‍රමවේදයකි. ව්‍යාපාරයක නම් වෙළඳපොලේ
එම ව්‍යාපාරයට ඇති ශක්තිය (Strengths) සේම දුර්වලත්වය (Weakness) ගැනත්, අවස්ථාවන් (Opportunities)හා තර්ජන (Threats) ගැනත් කරනු ලබන විශ්ලේෂණයකි. සැබවින්මී SWOTවිශ්ලේෂණය ගැන නිතර නිතර විමසා බැලිය යුත්තේ අප විසින් නිරත කර්තව්‍යන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ය. එහෙත් අද දවසේ විවිධ අය SWOT විශ්ලේෂණය කරන්නේ ගරිල්ලා මාර්කටින් සඳහා ය. වරද ඇත්තේ එතැනය. එනම් වෙනත් ව්‍යාපාරයක හෝ පුද්ගලයෙකුගේ කීර්ති නාමයන් පළුදු කිරීමට නොහොත් අතුගා දැමීමට ගරිල්ලා මාකටින් භාවිතා කිරීමය. නමුත් අප කවර හෝ දෙයක් මාර්කට් කළ යුත්තේ තවෙකෙක් නැති කිරීමට ද ? මෙවර අපි ගරිල්ලා මාර්කටින් ගැනත් SWOT විශ්ලේෂණය ගැනත් කතාකරන්නේ බුද්ධිමත් කැඩපත පාඨකයන් වෙත සිතන්නට යමක් දෙන්නට ය. මෙබඳු වෙළඳ බූවල්ලන් විසින් අපව වෙලා ගනු ලැබීමට ඇති ප්‍රවණතාව ගැන කීමට ය. එසේම කිසිම කුළියක්වත් නොගෙවා මාවත්, ඔබවත් කඩේ යැවීමට තරම් ගරිල්ලා මාර්කටින් උපක්‍රමශීලී බව පෙන්වා දීමටය. තෘප්තිමත් සිතින් සාරවිටක් විකුණන මුදලාලිත්, අවබෝධයෙන් යුතු අංකුර නිර්මාණකරුවාත්, ලෝකය ගමන් කරන දිශාව වෙනස් කළ ස්ටීව් ජොබ්ස් වැනි පරිණත මිනිසුනුත් අපට කියා දුන් ලස්සන පාඩමක් ඇත. දැනුවත්ව සහ නොදැනුවත්ව ගරිල්ලා මාර්කටින්හි ගොදුරු බවට පත්ව වල්මත්ව සිටින අපටත්, නොදැනුවත්ව හෝ ගරිල්ලා මාර්කටින්හි නිරතව සිටින අයටත් එකසේ එය වැදගත් වනු ඇත. එය පැහැදිලි කර ගැනීමට පහත උපුටා දැක්වීම් හැර සුදුසු වෙනත් වචන අප තුළ නැත.

Sell dreams not products – Steve Jobs
- ඔබ අළෙවි කළ යුත්තේ ඔබේ සිහින මිස භාණ්ඩ නොවේ.ස්ටීව් ජොබ්ස් යනු ඔබේත් මගේත් සිහින ලෝකය වර්ණවත් කළ අපේ කාලයේ සිටි අසහාය නිර්මාණකරුවාය. එසේම අති දක්ෂ ව්‍යාවසාකයෙකි. සැබෑ මිනිසෙකි. විශ්වකර්මයෙකි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>