Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන  Editorial [ June 2013 ]

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by on June 6, 2013

හිරු බැස යන හැන්දෑවක වෙරළ තීරයකට ගසාගෙන ආ තාරකා මාළුවෝ දස දහස් ගණනක් නෙත ගැටුණු එක්තරා මිනිසෙක් ඒ තාරකා මාළුවන් එකා බැගින් අල්ලා නැවතත් මුහුද දෙසට විසිකරමින් සිටියේය. මේ කි‍්‍රයාව දුටු තවත් මිනිසෙක් ඔහු කරා පැමිණ ‘‘වෙරළට ගහගෙන ආ දස දහස් ගණනක් මාළුවෝ ගැන හිතනකොට ඔබට එච්චර වෙනසක් කරන්න බැහැ කියලා තේරුම් ගන්න බැරි ද ?’’ කියා ඇසුවේ ය.
තාරකා මාළුවන්ට අභය දානය දෙමින් සිටි මිනිසා ආගන්තුක මිනිසාගේ ප‍්‍රශ්න කිරීම් නිසා කලබලයට පත් නොවී තවත් තාරකා මාළුවෙක් අතට ගෙන මුහුදට විසි කරන ගමන් ‘‘ඔන්න මම ඒ සතාට වෙනසක් කළා’’ කියා කීවේ ය.

‘‘සිත විනිවිද දකින්නට’’ නම් කෘතියෙන් උපුටා ගත් ඉහත කතාව අද දවසේ අප ජීවත්වන සමාජයේ සැබෑ වෙනසක් ඇති කිරීම පිණිස දර දිය අදින්නෝ බුද්ධියෙන් ගෝචර කරගත යුත්තකි. පසුගියදා ලංකාවේ පුවත්පතක කැති පහරකින් පාදයක් වෙන් වූ ගවයෙකුට රුපියල් දහස් ගණනක් වියදම් කර කෘතීම පාදයක් සවිකළ මිනිසුන් ගැන පුවතක් පළ වී තිබුණි. ඒවා අසන දකින අයට ඇති වෙන්නේ අපමණ සතුටකි. සතෙන් සතේ එකතු කළ කැට කඩා සතුන් මරණයෙන් ගළවා ගත් අය ගැන අපි අසා ඇත්තෙමු. ඉතිහාසය පුරාවටම යහපත් මිනිසුන් යහපත් දේ කර ඇත්තේ බුද්ධියෙන් මිස ආවේගයෙන් නොවේ. එහෙත් යහපත් දේ කරන්නට ආයතනගත වී එහිම සිරකරුවන් බවට පත්වන මිනිසුන් ගැන අපට ඇති වන්නේ බලවත් දුකකි – කණගාටුවකි. මක්නිසාදයත් මානසික සිපිරි ගෙයක කොටුවූ අය, සිය කය සිපිරි ගෙයි සිර කර ගත්වුනට වඩා වැඩි දඩුවමකට තමන්වම යටත් කර ගන්නා නිසා ය.

මෙවර කැඩපතට ලියන ඉන්ද්‍රාණී කරුණාරත්න ඉතා කාලීන ප‍්‍රශ්නයක් අපෙන් විමසයි. ඇයට අනුව ‘ප‍්‍රශ්නයකට දෙපැත්තක් ඇති බව නොපෙනීම නිසා ප‍්‍රශ්න ‘‘ගිරාකරණය’’ වන්නේ ය’. ‘‘ගිරාකරණය’’ යන්න වදන ඉතා කදිම යෙදුමකි. ගිරව් වැඩ දෙකක් කරති. එකක් තේරුමක් නැති කතා කීමය. අනික අනුකරණය කිරීම ය. මේ දෙක පමණක් කරන්නෝ තවත් දෙයක් කරති. ඒ පළක් ඇති වැඩක් නොකිරීමය.

එකම එක තාරකා මාළුවෙකුගේ ජීවිත දානය සැදූ පුද්ගලයා දහස් ගණනක් ජීවිත බේරා ගන්න සංවිධාන ගත වී අවසානයේ තමන්ගේ ජීවිතයත් නැති කර ගත් අයෙකුට වඩා වැඩි වෙනසක් කළා යැයි අපි කල්පනා කරමු. එසේම ඔහු නිර්මාණශීලීය.

සසර අපමණ දුක් සහගතය. එමෙන්ම බියකරුය. සසර ගමනෙහි කුකුළන්, හරකුන්, එළුවන් වී අප හිස් ගැසුම් කෑ පමණ අපමණ බැව් බුදු දහමෙහි දැක්වේ. අසරණ තිරිසන්ගත සතුන් දෙස පවා කරුණාවෙන් බැලීම මිනිස්කම් හඳුනන අයගේ සොබාවය ය. එහෙත් අපට ලෝකයට යහපත් දේ දීමට අවශය නම් පළමුව මැරෙන තුරු අපි ජීවත් විය යුතු වෙමු. දෙවනුව කළ හැකි දේ කොතරම් සුළු වුවද බුද්ධිමත්ව කළ යුතු වෙමු.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>