Contact us now +61(0) 433 638 610

Articles

නෑසූ නුදුටු සුන්දරත්වය හක්ගෙඩි ඇල්ල – ගාල්ල

Posted in Nature by on March 9, 2013

සටහන – දිල්ශාන් දිසානායක

දියඇල්ලක සුන්දරත්වය නොවිඳි කෙනෙක් හෝ එහි විචිත‍්‍රත්වය විඳින්න අකමැති කෙනෙක් අප නොසිටිය හැකිය. දියදහරක් යනු එතරම්ම සිත නිවන සොඳුරු ආරම්මණයක් වීම ඊට හේතුවය. අපේ වාසනාවට අප ඉපදුණු දේශය එවන් අපූරු දියඇලි වලින් ගහණ අතිශය මනරම් දිවයිනකි. නමුත් ශී‍්‍ර ලංකාවේ දියඇලි ගැන සඳහන් කරන විට බොහෝ අයගේ මතකයට නැගෙන්නේ දුන්හිඳ, දියලූම, රාවණා, බඹරකන්ද වැනි ප‍්‍රචලිත ඇලි කිහිපයක් පමණය. ඒ නමුත් සංචාරකයන්ගේ ඇස් වලින් වසන් වුනු සරා සොඳුරු දියඇලි කීයක් නම් මේ පුංචි දිවයිනේ පිහිටා ඇත්ද ?

අද මම ඔබ කැටුව යන්නේ එවන් සැඟවුණු ඉතා සොඳුරු කුඩා දියඇල්ලක් වෙතටය. බොහෝවිට ඔබ මේ ඇල්ල ගැන අසන්නේ පළමු වතාවට වන්නටත් පුළුවන.
මෙම ඇල්ල පිහිටා තිබෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි කනංකේ නම් කුඩා ග‍්‍රාමයේයි. ගාල්ල සිට අකුරැස්ස හරහා දෙනියාය – මාදම්පේ තෙක් දිවෙන A 17 ප‍්‍රධාන – මාර්ගයේ පිහිටි නිසංසල කුඩා ගම් පියසක් වන කනංකේ හන්දිය පසුකර කිලෝමීටරයක් පමණ අකුරැස්ස දෙසට පැමිණෙන විට මාර්ගයේ වම්පස හක්ගෙඩි ඇල්ල වෙත දිවෙන මග සඳහන් නාම පුවරුව දකින්නට පුළුවන්. එම දුෂ්කර මාර්ගයේ කිලෝමීටරයක් පමණ මග ගෙවා මේ අපූරු සුන්දර දියදහර වෙත ළගා විය හැකියි.

මුලින් පැවසූ ආකාරයට මෙය විශාල දියඇල්ලක් නොවේ. හක්ගෙඩි දොළෙන් උපත ලබන මේ ඇල්ල උසින් අඩි දහයක් පමණ වේ.

නමුත් ගල්පර අතරින් සිලිසිලියේ ගලා බසින මෙහි සුන්දරත්වය අනෙක් කිසිම දියඇල්ලකට දෙවෙනි නොවේ. අප බොහෝ අය සිතන්නේ දිය ඇල්ලක සුන්දරත්වය වැඩි වෙන්නේ එය උසින් වැඩි වූ තරමට බවය. නමුත් කෙතරම් කුඩා දියඇල්ලකට වුවද, ඊටම අනන්‍ය වූ සුන්දරත්වයක් ඇති බව මේ හක්ගෙඩි ඇල්ල අපට කියාදෙන පාඩමකි.
හක්ගෙඩි දොළ අවට පිහිටි නොඉඳුල් වනාන්තරය දිවයිනට ආවේණික ජීව විශේෂයන්ට නිවහන සපයයි. සමනල් විශේෂ ඒ අතරින් ප‍්‍රධානය. විවේකශීලීව අවට පරිසරයට නෙත් යොමන්නෙකුට මේ සුවිශේෂතා හඳුනා ගැනීමට ඉතා පහසුය.

බොහෝ සංචාරකයන්ගෙන් සැඟවී තිබීම නිසාම මේ ඇල්ල අවට පරිසරය තාවමත් නොඉඳුල්ව පවතී. ඉතින් මේ ඇල්ල නරඹන්නට යම් දිනක ඔබත් යන්නේ නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ප‍්‍රධාන වශයෙන්ම මෙය ඉතා සංවේදී පරිසර පද්ධතියක් බව සිහිතබා ගන්න. මේ පරිසරයට ආගන්තුක කිසිවක් එහි තබා නොඑන්නටත් එම පරිසරයට අයත් කිසිවක් රැගෙන නොඑන්නටත් තරයේම වග බලා ගන්න. එසේ වුවහොත් පමණක් ඔබේ අනාගත පරම්පරාවටත් මේ සුන්දරත්වය මෙලෙසින්ම ඉතිරිවී පවතීවි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>