Contact us now +61(0) 433 638 610

Articles

මරණයේ මං පෙතින් ජීවිතය දැකීම

Posted in ජීවිතය by on September 9, 2013

- වෛද්‍ය ලලිත් විජේසිංහ, (සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි), මහ රෝහල, මහනුවර.

තාත්තා මිය ගියේය.

සහලේ නෑකමින්, ජානමය පිළිඹිබුවෙන්, සංස්කෘතික පදනමෙන් මා හට මෙලොව සමීපතම තිදෙනාගෙන් ප්‍රමුඛයා මගේ තාත්තාය. අම්මා හා සොහොයුරිය අනෙක් දෙදෙනායි.

මිනිසකුට, ලොව දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතරින් තම පියා සුවිශේෂි වෙයි. ඒ, පියා යනු තමන් හට ඡන්මය ලබා දුන් තැනැත්තා වන හෙයිනි. කෙනෙකුට තමාගේ පියා යනු ලොව එකම එක තැනැත්තකු වන හෙයිනි.

“අත්දැකීම් පෞද්ගලික වූව එය ලෝකයට යහපතක් වන පරිදි සමාජයට දිය හැකි නම් එය සුදුසු පරිදි සමාජ ගත කළ යුතුය.” ඒ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් අප සමග නිරන්තරයෙන් පවසන්නකි. මෙම ලිපිය පෙළ ගැසෙන්නේ එම උපදේශය මාසිත් හි රදවා ගෙනයත බුද්ධිය ද හදවත ද එක සේ ලෝකය දෙසට දල්වාගෙන යත එම ආලෝකයෙහි ලියැවෙන මෙවදන් ලොවට කිසියම් හෝ යහපතක් සදහා පදනම වේවා යැ යි හගිමිනි.

පාදයක් අහිමි වී ආබාධිත අයකුව සිටි තාත්තාට හෘදයාබාධයක් ඇති වූයේ මීට වසරකුත් මාස දෙකකට පෙරාතු ව ය. ඒ මොහොතේ සුපුරුදු රාජකාරී කටයුතුවල මම නිරත ව සිටියෙමි. ඒ පිළිබද ව නිවසින් ලද දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් අසල ම පිහිටි රෝහලට තාත්තා වහා ම ඇතුළු කරන ලෙස උපදෙස් දුනිමි.

මේ මොහොතේ මා සිටිය යුත්තේ තාත්තා අසල ය. හෘදයාබාධයක් යනු ජීවිතය එසැණි-න් නතර කොට පුද්ගලයෙකුගේ ජීවිත ගමනේ දොරටුව වසා දමන්නකි. එකී දොරටුව අබියසට තාත්තා පැමිණ තිඛෙයි. එහෙයින් හැකි විගස මා එහි යා යුතු ය.

වහා ම නිවාඩු ලේඛනයෙහි නිවාඩු සටහන යොදා අනුමැතිය සදහා රෝහල් අධ්‍යක්ෂතුමාට යොමු කළෙමි.

“ඔබ වෙනුවෙන් ඔබේ රාජකාරිය ආවරණය කරන්නෙක් වේ දැ” යි අසමින් ඔහු මා දෙස බැලීය. තාත්තාට හෘදයාබාධ තත්ත්වයක් යැ යි මා කී විට ඔහු පෙර පැනය ම වඩාත් මෘදු ව යළිත් විමසී ය.

මගේ තාත්තාට හෘදයාබාධයක්…. මසිත පසුවන්නේ හැකි විගස කළ හැකි යමක් කිරීමට තාත්තා වෙත යාමට යි. එහෙත් රෝහල් අධ්‍යක්ෂතුමා විමසන්නේ මගේ රාජකාරී ආවරණය පිළිබද ව ය. එම පැනය හේතුවෙන් කලකිරීමේත්, වේදනාවේත් නොඉවසිලිමත්බවේත් අදුරු ගුහාවකට මසිත රිංගීමට වැර දරනු මට දැනෙයි.

ඒ මගේ තාත්තා යි. මගේ තාත්තා මට ලොවෙහි එක ම එක තැනැත්තා යි. එහෙත් ලොවට මගේ තාත්තා තවවත් එක් අයෙකි. මා එක් අයෙකු පිළිබදව සිතද්දී ලෝකය සිතිය යුත්තේ මා ද තාත්තා ද ඇතුළු මුළු ලෝකය ම පිළිබදව ය. ලෝකය ම එක් අයෙකු පිළිබදව පමණක් සිතුවහොත් ඇද වැටෙන්නේ මා ද තාත්තා ද ඇතුළු මුළු ලෝකය ම ය.
එහෙයින් මා හා මගේ අවශ්‍යතාව ද අධ්‍යක්ෂතුමා හා ඔහුගේ අවශ්‍යතාව ද නිවැරදි ය.

එලෙස ඒ මොහොතෙහි ම මට සිතෙයි. අදුරු ගුහාවේ දොරටුව වැසී උපේක්ෂාවේත් ඉවසිලිමත් බවේත් දරාගැ-නීමේත් ආලෝකය මසිතට වැටෙයි.

“ඔව් සර්” මට කියැවෙයි.

“හොදයි, වහා ම ගොස් අවශ්‍ය දේ කරන්න යැ”යි පවසමින් අධ්‍යක්ෂකතුමා නිවාඩුව අනුමත කරයි.

ඇදුම රෝගයෙන් ද පෙළෙන අසූ වියැති තාත්තාට හෘදයාබාධයක් ද වැළදීම, තාත්තාට සේ ම නිවැසි අප සැමට දුකක්, තැති ගැන්මක්, වෙහෙසක් සහ ජීවිතවලට තවත් බරක් එකතුවීමකි. ජීවිතයෙක් කවරක් කවර මොහොතක හෝ සිදුවිය හැකි වුව එය පොදු දහමක් වුව යමෙකුට එය සිදුවන විට එය ඔහුට, ළබැදියන්ට නවමු සිදුවීමකිත ඔවුන් පළමුවරට මුහුණ දෙන්නකි ඔවුන්ට සුවිශේෂී අත්දැකීමකි.

තාත්තාගේ හෘදයාබාධයට ප්‍රතිකාර කිරීම ඇරඹෙයි. රෝග ඉතිහාසය ගෙන නිරීක්ෂණ, පරීක්ෂණ, රෝග නීර්ණය කොට ඖෂධ ලබා දෙමින් රෝගී සත්කාරය සිදු කෙරෙයි. තාත්තා ද රෝහල් කාර්ය මණ්ඩලය ද හිත මිතුරෝ ද අපි සැම ද තාත්තාගේ හෘදයාබාධය සමග සාමූහික සටනක නිරත වෙමු. අවිනිශ්චිත බව එකී සටන් බිම යි. අවසන හෘදයාබාධය තම සටන අතහැර නිහඩ වෙයි. තාත්තා සහ අපි සැවොම ජයග්‍රහණය කරමු. මසිතෙහි වූ අවිනිශ්චිත බවේ මහමෙර ඉවත් කොට සැහැල්ලූ බවේ නිදහස් නිම්නයට මම බොහෝ තුටින් පිවිසෙමි.

පාදයක් අහිමි තාත්තා තම හෘදයේ කොටසක කි්‍රයාකාරීත්වය ද අහිමි කොට ගෙන යළි නිවසට පැමිණෙයි. සියලූ ම අහිමි වීම් සැම විට ම හිමිවීම් ද ලබා දෙයි. මධ්‍යසාරයට ඇබ්බැහිවීම හේතුවෙන් රිය අනතුරකට ලක්ව තාත්තාගේ පාදයක් අහිමි වූ විට මධ්‍යසාරවල ආදිනව පිළිබදව සමාජය දැනුවත් කිරීමට තාත්තාට අත්දැකීමක්, අවබෝධයක් සහ ජීවිත පරිවිඥාණයක් ලැබිණි. එය තාත්තාට, අපට, සමාජයට ලැබුණ හිමිවීමක් විය.

තාත්තා නිවසට යළි පැමිණීම අප සැමට සතුටකි. එහෙත් ඒ සතුට පරයා මහත් බරක් ද දැනෙයි. අප නිවැසියන්ට දැනෙන බරට වඩා මසිතට එය විසල් බරක් වන්නේ හෘදයාබා-ධයක් පිළිබද ව වන මගේ වෛද්‍ය දැනුමෙහි බර ද මා හට දැනෙන බැවිනි. දැනුම, අපට ලොව විවරණය කොට, ලොව විවර කරනවා සේ ම ලොව අප මත හොවයිත ලොවෙහි ඇද බැද තබයි, එහි සිරකරුවෙකු කරයි. තාත්තා දැන් හෘදයාබාධයක් වැළදුණු අයෙකි. මිනිස් සිරුරේ ඉන්ද්‍රියන්හි ෙසෙල නිරන්තරයෙන් මැරෙයි, නව ෙසෙල උපදීයි, ඒවා වෙනස් වෙමින් පවතීයි, යළි මැරෙයි, උපදියි. එහෙත් හෘදයෙහි ෙසෙල මැරුණද යළි නව ෙසෙල නූපදියි. එහෙයින් තාත්තා දැන් ජීවත් වන්නේ කොටසක් මළ එහෙයින් එකී කොටස අක්‍රිය හෘදයකිනි. ඊළග හෘදයාබාධය යනු, බොහෝ විට, තාත්තාගේ මරණ ය යි. පවත්නා වූ එකී අවදානම අනුව තාත්තා විසින් මෙතෙක් සිදුකරනු ලැබූ සුපුරුදු චර්යාවන් සියල්ල ම එලෙස ම දැන් කළ නොහැක. එහෙත් තාත්තා හෝ තාත්තාගේ සිත එය නොපිළිගනියි. උපදෙස්, පිළිපැදීම්, පිළිගැනීම් අරඹයා තාත්තාත් තාත්තාගේ සිතත් අතර ගැටුම් ඇති වෙයි, එකී ගැටුමට වරින් වර අපි සැවො ම ද මැදිහත් වෙමු, ඉල්ලීම්, ඇතැම් විට අණකි-රීම් බවට ද පත් වෙයි, පිළිගැනීම් සේ ම දැඩි විරෝධතා ද දෙපසෙහි ම ඇති වෙයි. ඒ අතර ජීවිතයේ පුරුදු, නුපුරුදු සිදුවීම් නිරන්තරයෙන් එළැඹෙයිත එසේ එළැඹෙන දෑ එළැඹුණ දෑ බවට සැනෙකින් පත් වෙයි.

තාත්තාගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වෙයිත රෝහල් ගත කෙරෙයි, අලූත් රෝගී තත්ත්වයක් හදුනා ගැනෙයි, ප්‍රතිකාර හා ඖෂධ අලූත් කෙරෙයි. තාත්තා නැවත නිවසට පැමිණෙයි.

තාත්තාගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වෙමින් පවතීත රෝහල් ගත කෙරෙයිත දින කිහිපයකින් නැවත නිවසට පැමිණෙයි. තාත්තා රෝහලේ සුපුරුදු රෝගියෙක් බවට පත්වෙයි, එහෙයින් නැවත නැවත රෝහල් ගත කෙරෙයි.

නිවැසි අපගේ රාජකාරී, වැඩ කටයුතු, දින චර්යා, ඇවතුම්-පැවතුම්, කාය-මානසික පීඩා, අවිවේකය අතුරින් තාත්තාගේ රෝගී බව උදම් රළක් සේ නැගෙයිත හැපෙයි, බිදෙයි. සුළි සුළගක් සේ හමයි, බිදෙයි. ඉන් මානසික පීඩාවකට වඩා දැඩි කාය පීඩාවකට ලක්වන්නී අම්මා ය. මීට වසර කිහිපයකට පෙර අංශභාග රෝගී තත්ත්වයකට පත් වූ අම්මාගේ මහලූ බව අබිබවා තම දකුණු පස කයෙහි ශක්ති හීන බව අම්මාට දැනෙයි. එහෙත් අම්මාට සිදු ව ඇත්තේ තමාට ද වාරු නැති තම කයින් තම වැඩ කටයුතු පමණක් නොව තාත්තාගේ වැඩ කටයුතු ද කරදීමට යත තාත්තාට වාරුවක් වීමට ය.

හැකි පරිදි හැකි පමණ සියල්ල සිදු කෙරෙයි. තාත්තාගේ ද අප සැම ගේ ද කරුණා ව, මෛත්‍රිය, උපේක්ෂාව, දරාගැනීම, ඉවසීම, ස්නේහය ප්‍රකට වෙයි, ඉස්මතු වෙයි, ඒ අතරතුර තරහව, කෝපය, ආතතිය, නො-ඉවසීම, වෙහෙස ද ප්‍රකට වෙයි, ඉස්මතු වෙයි.

උපකරණ, රෝගී සත්කාරය, උපදෙස්, දැනුම, ඇවතුම් පැවතුම්, ඖෂධ, පිරිස ආදී දෑ මගින් රෝගියෙකුට රෝගීබවෙන් මිදීමට හෝ එය පාලනය කොට ගැනීමට උපකාර ලැඛෙයි. එහෙත් තම රාජකාරි වැඩ කටයුතුවල සිර වී කායික-මානසික වෙහෙසට පත්, රෝගී උවටනෙහි යෙදෙන අයකුට එකී රෝගය හා රෝගි-යා, පිළිබද ව පැමිණ ඇති බර දරාගෙන අවශ්‍ය කාර්යය කරමින් තම මනස නිරවුල් ව තබා ගැනීමට හැක්කේ කවර විද්‍යාවකින් ද කවර දැනුමකින් ද කවර දහමකින් ද කවර ආකාරයකින්ද ?

“බුදුදහමෙහි දැක්මට අනුව ලෝකයේ සියලූ දෙයෙහි ඇත්තේ දහමයිත අප කැමති දෙ-යෙහි ද අකමැති දෙයෙහි ද ඇත්තේ දහමයි. අපට ඒ ඒ දේ නිමිති වශයෙන් ගතහැකි නම් ලෝකය, ජීවිතය, සංසාරය තේරුම් ගැනීමට ඒවා පාදක කොට ගත හැකියත ඒ සියල්ල තම සිත පුරුදු-පුහුණු කිරීමෙහිලා යොදා ගනිමින් නිවන්ගාමී මගට පිවිසිය හැකියි. කළ යුත්තේ ඒ දේ තුළට නොබැස එය දැකීම යිත එය අවබෝධ කොට ගැනීමට උත්සාහ කිරීම යිත අවශ්‍ය කාර්යයන් සිදු කිරීමයි.”

පූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියෝ ඒ පිළිබද ව බුදු දහමට අනුව දැකිය යුතු අයුරු, එලෙස උපදෙස් දෙති. තාත්තාගේ රෝගී තත්ත්වය සහ ඒ සමග ඇරඹි ක්‍රියාදාමය තුළ සිර වී සිටි මා, එකී සදුපදේශය අනුව සිතන්නට, දකින්නට, ක්‍රියා කරන්නට උත්සුක වෙත් ම කිසියම් සැහැල්ලූවක්, නිදහසක් දැනෙයි.

තාත්තාගේ රෝගී තත්ත්වය උත්සන්න වී යළි රෝහල් ගත කෙරෙයි. වෛද්‍ය උපකරණ වටකළ සයනයක හොවන තාත්තාගේ සිරු-රට ජීවයේ සිසිලස ලබා දෙමින් සේලයින් ගලා යයි. සිහියත් අසිහියත් අතර සිටි තාත්තා මා පැමිණි බව හදුනාගෙන තම සුරත උස්සා යමක් පැවසීමට උත්සාහ කරයි. තාත්තාගේ ඇස් ඇරීමට හෝ මුව විවර කොට වදන් පිට කිරීමට හෝ කිසිදු ශක්තියක් නැත. තාත්තාගේ අවශ්‍යතාවය භික්ෂුන් වහන්සේ නමක වෙතින් පිරිත් ඇසීම බැව් අවසන අපට වැටහේ.

වියෝගයේ එළිපත්තට තාත්තා සපැමිණ සිටී ද ? මගේ සිතට දුක ගලා එනු මට දැනේ. බුදු දහමට අනුව පූජ්‍ය සුදස්සී හිමියන් දුන් උපදෙස් අනුව “මෙම මොහොත” දැකීමට මම උත්සාහ කරමි. එහෙත් එවැන්නකට තවමත් මනා ව පුරුදු – පුහුණු නොකළ මගේ මනස, මෙම මොහොත දැකීමට, අවබෝධ කොට ගැනීමට නො ව මා එය තුළට ම කැදවයි. වෘත්තිකයෙකු ලෙස බොහෝ රෝගීන් හා ඔවුන්ගේ මරණය අත්දකින මම මේ මොහොත ද එකී අත්දැකීම් මතින් දැකීමට උත්සාහ කරමි. එහෙත් ඇති තතු දකින්නට ඉඩ නොදී, වෘත්තීයේ අත්දැකීම්වල රැදෙන්නට ඉඩ නොදී “තාත්තා, තාත්තා සහ පුතා” යන සංකල්පය, දැඩි බැදීම ඉදිරියෙහි මා අසරණ වෙයි. එය මා වෙලා ඇද බැද ගන්නා අයුරු මට දැනේ. මම එයට අවනත වෙමි.

වියෝගයේ එළිපත්තට ඔබ්ඛෙන් ඇති ආලෝකය මට දිස්වෙයි. එහෙත් එහි කිසිවක් මට නොපෙනෙයි. එය දැඩි මීදුමෙන් වැසී ගිය ලෝකයක් බදුය. තාත්තාට, මට හුරුපුරුදු එළිපත්තෙන් මෙපිට ඇති, අප එක් ව විදින ආලෝකය, ජීවිතයේ උණුසුම, සතුට හැර දමා තාත්තා තනි ව ඒ ලෝකයට යන්නට සූදානම් වේ ද ? එකී සිතුවිල්ලෙන් තාත්තාගේ මෙන් ම මගේ ද නෙත්, මුව, හදවත සැණෙකින් අඩපණ වෙයි.

කාලය ගල් ගැසී ඇති ලෝකයක රෝහල් කොරිඩෝවේ රුදී අස්ගිරි මහ පිරිවෙණෙහි ආචාර්යවර පූජ්‍ය ඉදිපරපේ ධම්මසිරි හිමියන් පැමිණෙන තුරු මම බලා හිදිමි. මේ මුළු විශ්වයේම සිටින එක ම එක මිනිසා මා පමණකැ යි මට හැ‍‍ඟෙයි, මෙතෙක් කිසි දිනෙක නො-දැනුණු විසල් තනිකමක් මට දැනෙයි.

පූජ්‍ය ධම්මසිරි හිමියන් විසින් පිරිත් සජ්ඣායනා කරනු ලබද්දී එතෙක් නිද්‍රාවෙන් සිටි තාත්තා සැනෙකින් තම දෙඅත් ඉහළට ඔසවා වදී. තාත්තාට අවශ්‍ය වූ සංඥාව ලැබීණැ යි මගේ සිතට මහත් සතුටක් සහ නිදහස් බවක් දැනෙයි. ඉන්පසු එළැඹෙන්නේ වියෝගය ද ? එය සිතන ඇසිල්ලේ ම මගේ සතුට සහ නිදහස් බව පළා යයිත සිතේ සැහැල්ලූ බව වියැකී දුක් උල්පත සිත තුළට යළි ගලා එයි. පුරා දශක හතරකට අධික කාලයක් තාත්තා හා මගේ සංයෝගයේ මතකයන්, ඒ දුක තුළ දියැ වී මට දැනේ. ඒ, අල්ලා ගැනීමේ අත්විදීම් යත තාත්තෙකුට පුතකු කෙරෙහිත් පුතකුට තම තාත්තා කෙරෙහි ත් පවත්නා ලේ බැදීම්, පිය-පුතු සංයෝගයේ බැදීම්, පිය-පුතු උණුසුමේ බැදීම් යත මගේ සිතේ ඒ සියල්ල තව තවත් සජීවී වෙයිත තාත්තාගේ සිතේ ඒ සියල්ල තව තවත් අජීවී ව වියැකෙයි.

තාත්තා තව තවත් නිද්‍රාවට ම යයි. තාත්තා යන ගමන් මගේ මම පසුපසින් යමි. පියවි ලෝකයේ ආලෝකය තුළින් තාත්තා ඉදිරියට යයි. තාත්තාගේ ගමන් මගේ ඈත දිස්වන්නේ විවර වූ දොරටුවකින් එහා අදුරු නොපැහැදිලි ලෝකයකි. තාත්තාට මා නොපෙනෙයිත නො ඇසෙයි. ඉදිරියට ඇදෙන තාත්තා ඒ මගෙහි මට හදුනා ගැනීමට නො-හැකි තැනකට පිවිසෙයි. කෙතරම් උත්සාහ කළ ද මට ඒ වෙත පිය නැගීමට නොහැක. මම නවතිමිත නැවතී ඒ දෙස බලා හිදිමි. සුවිසල් දුක් සයුරක සිත ගිලී යාමට සැරසෙයි. යන්ත්‍රයක හඩින් මම යළි පියවි ලෝකයට පිවිසෙමි. මෙතෙකුවක් කල් තාත්තා වෙතින් මා දුටු සජීවීත්වය අජීවී යන්ත්‍රවලින් නිර්ණය වනු මට පෙනෙයි. තාත්තා අප අතර සජීවී යැ යි මගේ සිත සියුම් සතුටක වෙළෙයි.

“සියලූ බැදීම් බිදීමෙන් කෙළවර වේ” යන බුදු වදන සිතට පිවිසෙයි. බැදීම් සේ ම බිදීම් යනු ද ජීවිත අත්දැකීම් ය. මා මුහුණ දෙමින් සිටින්නේ බිදීමේ, වියෝගයේ අත්දැකීමට යත මා පමණක් නොව එය ලොව සියලූ මිනිසුන් විසින් අත් දකිනු ලබන දෙය යි. වියෝගය යනු ජීවිතයේ බැදීමෙහි අනිවාර්යය කෙළවර යි. එහෙයින් වියෝගය යනු ද ජීවිතය ම ය. මේ මාගේ සහ තාත්තාගේ සංයෝගයේ වියෝව යිත මේ තාත්තා ගේ වියෝගය සමග මා එළැඹෙන සංයෝගය යි.

ඉදින් මේ එළැඹ ඇත්තේ අල්ලා ගනිමින්, එහි බැ‍‍ඳෙමින් අත් විදි සංයෝගය අත් හැර එළැඹ ඇති වියෝගය අල්ලා ගනිමින් එහි බැ‍ඳෙමින් එය අත් විදීම යි. පූජ්‍ය සුදස්සී හිමියන් විසින් පැහැදිලි කරනු ලබන බුදු වදන් සැනෙකින් සිතට එයි.

“එය තුළට නොගොස් ඉන් බැහැර වී හිද එය දකින්න. එය අවබෝධ කොට ගත හැක්කේ එම සිදුවීමේ තමා කොටස්කරුවකු නො වී එය භුක්ති නොවිදීමෙන් පමණ යි.” එපරිදි උපත හා සමග ම එළැඹි මරණය, උපතෙහි ම අත්‍යන්ත එළැඹීමයි. තාත්තා පැමිණ ඇත්තේ එකී එළැඹීමට ය. මා එය පිළිගත යුතු ය. ඉදින් මා එය නොපිළිගන්නේ නම් මා එළෙස ගැටෙන්නේ ලෝ දහම සමග ය. “මම” යනු ද ලෝ දහම ය. එහෙයින් එවිට මා ගැටෙන්නේ “මා”Z සමග ම ය. ප්‍රතිඵලය, කනස්සල්ල යිත වෙහෙස යිත අසතුට යි.
සොයුරියගේ සැමියා තාත්තා ළග, වාට්ටුවෙහි හිදීම ම’සිතට මහත් නිදහසකිත ශක්තියකි. දැඩි කායික හා මානසික විඩාවක සිටින මම යළි නිවසට පැමිණෙමි. යමක් අල්ලාගෙන, හිමිකොට ගෙන, ජීවිතයෙහි අත්විදින්නාට ඔහු කැමති වුව, අකමැති වුව, එය අත්හැර ද අත්විදින්නට සිදු වේ. තාත්තා, මා හා අප එක් ව ආ ගමනේ එළැඹ ඇති මේ අවස්ථාව, ඒ පිළිබද ව අත්විදින්නට අවස්ථාවකි. හෙට උදෑසන නැවත රෝහලට යන මනසින් යුතු ව, එහෙයින් ම නොඑළැඹෙන නින්දෙහි අවසර-යෙන් සිතෙහි සිතුවිලි, රැය පුරා පත්ඉරුවල සටහන් වෙයි. “අත්හැර අත්විදීම” එකී සටහනෙහි ශීර්ෂය ලෙස ලියැවෙයි.

පසුදා උදෑසන ද තාත්තා සුපුරුදු නිද්‍රාවෙහි පසුවෙයි. කිසියම් හෝ හඩක් නංවන්නේ තාත්තා වටා සවිකොට ඇති යන්ත්‍ර පමණි. එහි රැදී සිටි මම ඉන් බැහැර ව මගේ රාජකාරී කටයුතු සදහා පැමිණියෙමි.

වාට්ටුවල ඇදන් මත සිටින රෝගීන්ගේ මුහු-ණුවල මට තාත්තා පෙනෙයි. අසීරුවෙන් අතපය සොලවමින් හුස්ම ගන්නා රෝගීන්ගේ මුවින් තාත්තාගේ කෙදිරිලි හඩ ඇසේ. පෙර දිනක බොහෝ අසාධ්‍යව සිටි රෝගියෙකු සයනයේ හිද සැහැල්ලූවෙන් සිනාසෙමින් හිදිනු පෙනෙයිත ජීවිතයේ ජීවයේ උණුසම, සතුට ඔහුගේ මුහුණෙහි දිස්වෙයි. මම සැනෙකින් ඒ මුහුණෙහි තාත්තා දකිමි. මා සමග යළි නිවසට යන තාත්තා නිවසේ ඉදිරිපස පුටුවක මෙලෙස ම හිද සිටිනු ම’සිතට පෙනේ. සං-යෝගයේ ජීවය, උණුසුම මගේ හදවත පුරා එසැනින් දැනේ. එය මට බොහෝ ශක්තියක් දෙයි. ඉදින් මගේ අද දවසේ ඉදිරි රාජකාරී කටයුතු ඇරඹෙන්නේ ඒ ශක්තියෙනි.

මා ඉදිරියේ සිටින්නේ තම වම්අතෙහි අස්තියක් බිදුණ තරුණ රෝගියෙකි. මධ්‍යසාර පානය කොට පෙර දින නිවසට පැමිණ, මව සමග අඩ දබර කළ තම පියා ඉන් වැලැක්වීමට තැත් කරද්දී පියාගෙන් ලද පොලූ පහරෙහි ප්‍රතිඵලය මෙය යි. තමාගේ ලෙයින් උපන් තම පුතුගේ අග පසග තමාගේ දහඩියෙන් පෝ-ෂණය කොට ශක්තිමත් කළ තම පුතුගේ අග පසග, පියා විසින් ම කඩා බිද දමා තිබේ. එහි මට පෙනෙන්නේ කඩා බිද වැටී ඇති පිය-පුතු සෙනෙහස යිත බැදීම යි. ලෝකයට හිමි ව ඇති අහිමි වීම යි. පෘථග්ජන මනස මධ්‍යසාරවලට නතු වූ විට සෙනෙහස ද බැදීම ද නොදැනෙයිත නොතකයි. එක්තරා කාලයක මධ්‍යසාරයට නතු වී සිටි තාත්තා මට සිහිවෙයි. නිරන්තරව එළැඹුණ අවුල්, වියවුල් සහ ආරවුල් එහි ප්‍රතිඵලය විය.

දරුවකුට තම ලෝකයේ බොහෝ විට වීරයා, ආරක්ෂකයා, නායකයා, මග පෙන්වන්නා තම පියා ය. එහෙත් එකී පියා මධ්‍යසාරයට නතු ව සිහියත් – අසිහියත් අතර තම නිවසට පැමිණෙන විට එම දරුවාගේ ලෝකය බිද වැ-ටෙයි. එහි අනාගත ප්‍රතිපල වර්තමානය විසින් තීරණය කරනු ලැඛෙයි.

මවිසින් කරනු ලැබිය යුතු පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා මෘත ශරීරාගාරයේ හොවන්නේ තාත්තාට වඩා අවුරුදු දහයකින් පමණ වයසින් බාල පුද්ගලයෙකුගේ දේහයකි. ඔහුගේ රෝග ඉතිහාසය පුරා ඇත්තේ ද තාත්තාගේ ම බදු රෝග ඉතිහාසයකිත කල් පැවති පෙනහලූ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහල් ගත කොට, ලැබිය හැකි සියලූ වෛද්‍ය ප්‍රතිකාර හමුවේ හෙතෙම මිය ගොසිනි. සැනෙකින් තාත්තා රෝහලේ නිද්‍රාවෙහි පසුවන’යුරු මසිතට නැගෙයි. එදා, මා ඉදිරිපිට හොවන මෘත දේහයෙහි මා දකි-න්නේ තාත්තාගේ ම රුව යිත එහෙයින් මා විච්ෙජ්දය කරමින් පරීක්ෂා කිරීමට යන්නේ මගේ තාත්තාගේ දේහය දැ යි මසිත ප්‍රශ්න කරයි. මා සිතිය යුත්තේ zපුතකුZ ලෙස නොව zවෘත්තිකයෙකුZ ලෙසට බැව් එවිට මගේ උගත්කම මගේ හැගීම් බර හදවතට කියයි. එහෙයින් වෘත්තිකයෙකු ලෙස මම මගේ කාර්යයට පිවිසෙමි.

මරණයට පත් වූ අයගේ බිරිද සහ පුතණුවන් විසින් මෘත දේහය හදුනාගනු ලැබේ. අද අළුයම ද ඔවුන් සමග දොඩමළු වූ ඔහු යළි නොඅරින්නට ම වැසූ මුවින් ඔවුන්ගෙන් සමුගෙන නික්ම ගොසිනි. ආයාසයෙන් රදවා ගන්නට උත්සාහ ගත්තද ඔවුන්ගේ නෙත් වලින් කදුළු බිදු කඩා වැටෙයි. ඒ කදුළු බිදුවල උණුසුම කවදාටත් වඩා අද මට දැනෙයි. ‍

දේහ විච්ෙජ්දය ඇරඹෙයි. මෘත දේහයෙහි මා දකින්නේ සදාකාලික නිද්‍රාවෙහි පිළිඹිබුවයිත මරණය යි. නින්ද යනු මිනිසෙකුගේ අර්ධ මරණය යි. අර්ධ මරණයට පත් වූවකු නින්දෙන් අවදි වෙයි, අවදි වී සංයෝගයේ සජීවීත්වය යළි යළි විදියි. එහෙත් මරණය එසේ නොවේ. එය යමකු වියෝගයේ දොරටු හැර යළි අවදි නොවන්නට ම නින්දට යාමකි.
පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව මරණයට හේතුව පෙණහළුවල නිධන්ගත ස්වසන අවහිරතා රෝගී තත්ත්වයයි. මවිසින් එකී මරණයට හේතුව ලේඛනය කරනු ලබද්දී එකී ලේඛනයෙහි තාත්තාගේ නම ද ලියැවෙනු මසිතෙහි දකිනු ලැඛෙයි. වහාම එසිතෙන් මෑත් වන ම මම තාත්තා ඉක්මනින් ම මා සමග යළි නිවසට යනු ඇතැ යි සිතමි.

ලබන කලාපය බලන්න

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>