Contact us now +61(0) 433 638 610

Articles

“පිං පොං මේසය” දරුවෙකුට දිය හැකි හොඳම තෑග්ගකි !

Posted in කාලීන by on August 17, 2013

දරුවෙකු වෙනුවෙන් තෑග්ගක් මිළට ගැනීම, කෙතරම් අපහසු කටයුත්තක්ද? පරිගණක, දුරකථන, වීඩියෝ ක්‍රීඩා යන මෙකී නොකී සියල්ල අද වෙළෙඳ පොළට නිකුත් වන වේගයෙන්ම හෙට කල් ඉකුත් වන්නේය.දැරුවෙකු වෙනුවෙන් දිය හැකි හොඳම තෑග්ග කුමක්දැයිතව දුරටත් ඔබ වද වෙන්නේ නම්, නවීන මෙවලම් අබිබවා, පරණ පුරුදු තෑගි දෙස විමසිලිමත් වීම වටී.පැයක දෙකක සීමිත තෘප්තියක් ලබා දෙන පරිගණක , ස්මාර්ට් දුරකථන සහ වීඩියෝ ක්‍රීඩා වෙනුවට “පිංපොං මේසයක” සදාකාලික වටිනාකම ඉස්මතුවන්නේ එතැන්දීය.

මේ නවීන ලෝකය තුළ තවමත් “පිංපොං මේසය” වෙනුවෙන් ඉඩක් ඇත.ක්‍රීඩා භාණ්ඩ අළෙවි සැලෙකින් හෝ බහු වෙළෙඳ මධ්‍යස්ථානයකින් හෝ ඉතා පහසුවෙන් ඔබට “පිංපොං මේසයක්” සොයා ගත හැකිය.සරළවම කියනවා නම්; ඊට හේතුව “පිංපොං මේසය” සතුට හා සැහැල්ලුව සැපයීමය.

“පිංපොං” ක්‍රීඩාව ඉගෙන ගැනීම පහසුය.එහි දක්ෂයෙක් වීම අපහසුය.මේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා භාණ්ඩ, ඕනෑම කෙනෙකුට ලෙහෙසියන් දරා ගත හැකි මිළකට පහසුවෙන් ලබා ගත හැකි වන්නේය.එහි තවත් විශේෂත්වයක් ඇත.අනෙක් නවීන උපකරණ වල මෙන්, වරින් වර අමතර කොටස් මාරු කිරීම, බැටරි යොදා නැවත පණ ගැන්වීම වැනි අමතර නඩත්තු රාජකාරි කිසිවක් “පිංපොං මේසයකට” උවමනා නැත.

කෙසේ නමුත්, “පිංපොං මේසයක්” මිළදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු තිබේ.පළමුවැන්න එහි ප්‍රමාණය හා විශාලත්වය පිළිබඳවය.”පිංපොං මේසයේ” ප්‍රමාණය ඔබේ නිවසට දරා ගත හැකි මට්ටමේ විය යුතුය. මේවා විවිධ ප්‍රමාණවලින් සහ විශාලත්වයන්ගෙන් ලබා ගත හැකි අතර ඔබේ උවමනාවට සරිලන පරිදි එය තෝරා ගැනීම වටී.ඔබ එය මිළට ගන්නේ පළමු වරට නම්; කුඩා ප්‍රමාණයේ “පිංපොං මේසයකට” යොමුවීම හොඳය.

දෙවැන්න, එහි නිමාව හා කල්පැවැත්ම පිළිබඳවය.ඔබේ ආලින්දය හා ගෘහභාණ්ඩ වලටම ගැලපෙන නිමාවකින් යුතු “පිංපොං මේස” දැන් ඔබට ලබා ගත හැකිය.එය කල්පවතින අමුද්‍රව්‍ය යොදා මනාව නිමවා ඇත්දැයි සැක හැර දැන ගැනීම ඔබ සතු වගකීමකි.”පිංපොං මේස”, එකිනෙකට වෙනස් හැඩයන්ගෙන් සහ එකිනෙකට වෙනස් අංගෝපාංග වලින්ද සමන්විතය.ඇතැම් මේස පිංපොං ක්‍රීඩාවට අමතරව වෙනත් ක්‍රීඩා සඳහාද යොදා ගත හැකිය. දැන් වෙළෙඳ පොලේ පවතින “පිංපොං මේස” ඉතා සුළු වෙනස්කමක් මඟින් “එයාර් හොකී” ක්රීඩාවේ නිරතවීම සඳහාද භාවිත කළ හැකිය.

ඔබේ නිවසට “පිංපොං මේසයක්” එක්කර ගැනීමෙන් දීර්ඝකාලීන සතුටක් ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.අපි “හොඳම දේ දැරුවන්ට” දෙන්නෝ වෙමු.නවීන සෙල්ලම් බඩුවක් ඔහුගේ අතට දී ඔහුටත් ඔබටත් නොපෙනෙන ලෝකයක ඔහුව තනි කරලීමට දැන් උවමනා නැත.ඔබේ නිවසට, ඔබේ අතැති මුදලට,ඔබේ දරුවාගේ රුචියට වඩාත්ම හොඳින් ගැලපෙන “පිංපොං මේසය” තෝරා ගැනීමට ඔබ කටයුතු කරන්න.මේ තෑග්ග තෝරා ගැනීම පිළිබඳව ඔබ දෙවරක් සිතිය යුතු නැත.නමුත් නිවසේ එදිනෙදා වැඩ කටයුතු වලට කාලය වෙන් කර ගැනීම පිළිබඳව ඔබට වද වෙන්නට නම් සිදුවේවි! ඒ ඔබේ නිවසේ “පිංපොං මේසය” මත පිංපොං ක්‍රීඩාව පටන් ගැනීමත් සමඟය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>