Contact us now +61(0) 433 638 610

Articles

Quotes

Posted in Uncategorized by on February 6, 2013

ford

ලොව අඥානයෝ දෙදෙනෙකි. ඉන් එක් අයෙක් කෝටිපතියෙකි. ඔහු සිතන්නේ මුදල් මතින් නියම බලය ලද හැකි බවය. අනෙකා අතේ සතේ නැති ප‍්‍රතිසංස්කරණවාදියෙකි. ඔහු සිතන්නේ එක් පංතියක් අත ඇති මුදල් ගෙන තවත් පංතියකට ලබා දී ලොව පවතින සියලූ ප‍්‍රශ්න සමනය කළ හැකි බවය. ඔවුන් දෙදෙනාම ගමන් කරන්නේ වැරදි පාරවලය. එසේම ඔවුන් සිය ස්වයං මුළාව නිසාම ලොව සිටින දක්ෂයෝ දාං ලෑල්ලෙන් ඉවත් කරමින් සිටිති. අපේ කාලයේ ජීවත් වන ඉතාමත් සාර්ථක මුදල් උපයන්නෝ මිනිස් ප‍්‍රජාවේ සුභසාධනය උදෙසා තඹ දොයිතුවක දෙයක්වත් කර නොමැත. එසේම සූදු කී‍්‍රඩාවේ නිරත මිනිහෙක් ලෝකයාගේ සමෘද්ධිය වෙනුවෙන් කර ඇත්තේ මොනවාද ?

වැඩි මහන්සියකින් තොරව තමතමන්ට හැකි පමණටත්, දක්ෂතාවේ පමණටත් වැඩ කිරීමෙන් හැමදෙනාටම ලෝකයට සෑහෙන සම්පත් දායකත්වයක් ලබා දීමට හැකියාව ඇත්තේය. ලොව අවශ්‍යතාවන් සපුරාලීමට නොහැකිව ඇත්තේ නිෂ්පාදන ඌණතාවය නිසාය. අනෙක් අතට නිෂ්පාදන ඌණතාවයක් ඇති වන්නේ නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද යන්න සහ එය කළ යුත්තේ කෙසේද යන්න ගැන නියම දැනුමක් නොමැති නිසාය.

හෙන්රි ෆෝඞ්

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>