Contact us now +61(0) 433 638 610

Tag Archives: කාලීන

ගරිල්ලා මාර්කටින්

Posted in ආකල්ප,කාලීන,ජීවිතය,සාහිත්‍ය by admin on June 10, 2014

g-marketing

- රන්දික විජේසිංහ

විකිණෙම්වා රැකෙම්වා…….

විකිණෙම්වා මියෙම්වා………

මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙහි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංධ්වනිය හා සංගතවූ තේමා ගීතයයි. එයම මෙම නිර්මාණයෙහි ඇති ගැඹුර පිළිබඳ පේ‍්‍රක්ශකයාට ඉගි කරන බව අපට සිතේ. මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ සමාජ දේශපාලනික භූමිකාව පිළිබඳ විචාරයක් නොවේ. එය වෙනම සංවාදයට බඳුන් කළ යුත්තකි. එම නිසා මෙය නිර්මා-ණකරුවාගෙන් වියුක්තව නිර්මාණය ගැන කරන විචාරයක් බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමු. මනුෂ්‍ය සබඳතා, මනුෂ්‍ය ස්වභාවය හා මනෝ රෝග වැනි තලයන්හි සිට ගෝලීය ධනවාදය සමාජ ව්‍යූහයන් හා මිනිස් දේශපාලන සබඳතා කෙරෙහි ඇති කොට ඇති බලපෑම වැනි අතිශය ගැඹුරු තල දක්වා විහිදෙන මෙම නිර්මාණය කියවීමෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන මඳක් සොයා බලමු. read more

no comments.

සුනාමිය ආවේය – ෆීනික්ස් නාවේය

Posted in කාලීන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on December 13, 2012

tsunami 2004 galle face

2004 දෙසැම්බර් 26 දින ඇතිවූ සුනාමිය සියලූ ශී‍්‍ර ලාංකිකයන්ගේ මතකය කැළණි තිස්ස රජු දවස දක්වා ගෙන ගියේය. ඓතිහාසික කථා පුවතක් වුවද එදා ඇතිවන්නට ඇත්තේද සුනාමියක්ම වන්නට ඇත. එකල අප උගත්තේ මුහුද ගොඩ ගැලීම ගැන නොව කැළණි තිස්ස රජු රහතන් වහන්සේ නමක තෙල් කටාරමක දමා මරණයට පත් කිරීම නිසා දෙවියන් කෝප වීමේ ආදීනව ගැනය. read more

no comments.