Contact us now +61(0) 433 638 610

Tag Archives: Arts

තොටුපලේ භික්ෂූව

Posted in ජීවිතය,සාහිත්‍ය by admin on September 14, 2014

thotupole-bhikshuwa

- ඉසුරු ප්‍රසංග

තොටුපලේ භික්ෂූව
කුමක්ද හිමියනි
ඔලොගුවෙහි
වෙහෙසින් නොවෙද අතවැසි
රිදුම් දෙද ඔබේ දෑස
තොටියා සොයන
මීදුම් විදින උදෑසන
read more

% comment.

ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ

Posted in සාහිත්‍ය by admin on

ala-hithak

- ගීතදේව

අස්වනු නෙළා ගත් පසුව එහි අග‍්‍ර ඵලය ලෙස අලූත් සහල් මිටක් ශී‍්‍ර මහා බෝධියට හෝ දළදා වහන්සේට පිදීම පුරාණයේ පටන් අද දක්වාම නුවර කලාවියේ ගොවි ජනයා විසින් ඉටු කරනු ලබන චාරිත‍්‍රය කි. එකල ලාංකික ගැමියාත්, කෘෂිකාර්මික දිවි පෙවෙතත් එකිනෙකින් වෙන් කළ නොහැකි විය. මඩ සෝදගත් කළ ගොවියා රජකමටත් සුදුසු බව කීවේ රොබර්ට් නොක්ස් ය. ඒ පාලකයෙකු සතු බුද්ධිය, අවස්ථානෝචිත ප‍්‍රඥාව, නොසැලෙ නබව ආදී වූ ගුණාංග වලින් එකල ගොවියාද පොහොසත්ව සිටින්නට ඇති නිසා වන්නට පුළුවන. read more

no comments.

හෙට දවසට අපට කළ හැකි දෙයක් නැත

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on August 4, 2014

දහනම වන සියවසේ මුල් කාලයේදී පමණ ලංකාවට ආනයනය කෙරුණු ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රය එකල ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ කතා කරන මැෂිම ලෙසයි. නාගරික ධනවත් සමාජයේ සුවිශේෂී ගෘහ භාණ්ඩයක් බවට පත්ව තිබුණු මෙම යන්ත‍්‍රය සිංහල ගීත ගායකයන්, සංගීතඥයන් සහ රසිකයන් අතර සම්බන්‍ධයක් ඇති කල මුල්ම අතරමැදියා විය.

නූර්ති හා නාඩගම් නරඹමින් දෘෂ්‍ය රසවින්දනයත් ශ‍්‍රව්‍ය රසවින්දනයත් ලබමින් සිටි රසිකයන් ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙන් මෙම නූර්ති හා නාඩගම් ගී රස වින්දනයට පටන් ගන්නවාත් සමගම දෘශ්‍ය රසවින්දනයෙන් ඈත් වී ගියේය. මෙම ග‍්‍රැමෆෝන් තැටිවල ඉල්ලූම ඉහළ යෑම සිදුවුණ අතර නව වෙළඳපළක් බිහිවීමේ ප‍්‍රවණතාවයද ඇතිවිය.
read more

no comments.

පාන් කිරිත්තා

Posted in ආකල්ප,ජීවිතය,සාහිත්‍ය by admin on July 9, 2014

pan-kiriththa

-ගීත දේව

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ අපූරු ගීත රචකයා විසින් ශී‍්‍ර ලාංකීය ගීත සාහිත්‍යට දායාද කෙරූ ගී පදමාලාවන්ගේ අගය ගැන පසුගිය වසර විසිපහ පුරාවටම අපි කොතෙක් නම් කතා කරන්නට ඇත් ද ? තවත් දශක ගණනාවක් ඉදිරියටත් මේ සොඳුරු මිනිසා උපනූපන් රසික හදවත්හි සදා නොමැකෙන ළකුණක්ව ජීවත්වනු ඇත.
read more

no comments.

සිය වසකට පෙර නැගී ආ – සරත් සඳ

Posted in Art,ඉතිහාසය,සාහිත්‍ය by admin on June 8, 2014

sarachchandra1

- රංග ප්‍රසාද් පෙරේරා

මා මේ සටහන ලියනුයේ 2014 මැයි මස 26 වැනිදාය. අද මට මේ සටහන ලිවීමට සිදුව ඇත්තේ අදින් වසර සියයකට පෙරාතුව මෙලොවට පහලවූ පුද්ගලයකු නිසාය. නිතිපතා ලොව බොහෝ අය ඉපදෙත ි. මියයති. එසේ වුවද 1914 ජුනි මස තුන් වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ ගම්මානයේ දී උපන් මේ වෙසෙස් මිනිසා තවත් එක් මිනිසකු ලෙස ඉපිද මියයාම වෙනුවට ලෝකයට බොහෝ දේ ඉතිරි කර නික්ම ගියේය. ඔහුගේ පියා චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වාය. හේ තැපැල් ස්ථානාධිපතිවරයෙකි. මව ලිසියා මොරගොඩය. ඔවුන් කලාවට සංගීතයට නැඹුරුවක් තිබූ පවුලක් වුවද තම පුත්‍රයා කලාව, ශාස්ත්‍රය ඔස්සේ ඒසා දුර ගමනක් යනු ඇතැයි ඔවුන් එදා නොසිතන්නට ඇත. එහෙත් එම පුත්‍රයා ගිය දුර කොතෙක්දයත්, මිනිස් සංහතිය නොනැසී පැවතුණහොත් වසර සියයකට නොව තව වසර දහසකට පසුව පවා ඔහු ගැන මෙවන් දේ ලිවීමට මතු පරම්පරාවන්ටද සිදුවනු නොඅනුමානය.
read more

no comments.