Contact us now +61(0) 433 638 610

Tag Archives: Arts

මාර්ටින් වික‍්‍රමසිංහ අවුරුදු දහතුනේදී කළ වික‍්‍රමය

Posted in සාහිත්‍ය by admin on August 17, 2013

martin wickramasinghe

– නුවරඑළියේ හේමපාල
හෙළයේ මහා ලේඛකයා වූ මාර්ටින් වික‍්‍රමසිංහ විසින් ලියන ලද ග‍්‍රන්ථ පෙළගැස් වූ කල මුලටම ඇත්තේ ‘බාලෝපදේශය’ ග‍්‍රන්ථයය. ‘බාලොපදේශය’ ලියැවුණේ, 1903 දීය. ‘බාලොපදේශය’ නම් ග‍්‍රන්ථයක් මාර්ටින් වික‍්‍රමසිංහ ලියා ඇතැයි දන්නා වැඩි දෙනෙක්, එය ලියවුණේ ලේඛකයාගේ ජීවිත කාලය අතරතුර එළැඹි කිනම් වකවානුවකදැයි නොදනිති.
‘බාලොපදේශය’ ලියවුණේ 1903 අවුරුද්ද වෙද්දී, මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛනයට පය නොතැබූවෙකි. එය ඔහු මහා ලේඛකයකු තබා ලේඛකයකු ලෙසින්වත් හැදින්වීමක් නොලද, කාලයක එය ලියා තිබුණේය. ‘බාලොපදේශය’ ලියවුණු 1903 වර්ෂය වෙද්දී, මාර්ටින් වික‍්‍රමසිංහ ගෙවමින් තිබුණේ වයස අවුරුදු දහතුනක් තරම් ළාබාල වයසකි.
read more

no comments.

භාවනා සක්මනයි මේ

Posted in සාහිත්‍ය by Geetha Deva [ ගීත දේව ] on August 10, 2013

bhawana-sakmana

පෙරහැරේ සිරි වඩන තෙද වන්ත පා ගමන

සද්දන්ත කුල මෙමට අභිමනක් නොවන්නේ
දෙතිස් වද දුන්නෙ මට මිනිසුන්ට මෙත් වඩන
භාවනා සක්මනයි මේ පෙරහැරේ කරන්නේ

බඹදත්ට බිසවුන්ගෙ දොළට දළ දන් දුන්න
සද්දන්ත පරපුරට උපන් බිම කළ අහිමි
සංසාර දුර වඩන පවු කරන මිනිසුන්ට
පෙරහැරේ මම ගයමි කුංඡුනද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ
read more

no comments.

ගී කැණි මඬළ – මරණයේ භාවනාව

Posted in Art,සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on June 8, 2013

maranaye-bhawanawa

(සිත්තම – සාමන්ත තැන්නගේ)

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
මේ පාලූ යාමයේ
පරඬැලා පත් මත
සර සර හඬින්
මරණයේ පා සලන
ස්වරයේ නද අසමි
read more

no comments.

ඉකෙබනා – ජපන් මල් සැකසුම් කලාව

Posted in Art,Nature by admin on February 17, 2013

- අචිනි ඉනෝකා

ඉකෙබනා – ජපන් මල් සැකසුම් කලාව ජපන් සංස්කෘතිය තුල ඉතා වැදගත් තැනක් ගනී. මෙම කලාව බොහෝ පෞරාණික වටිනාකමකින් යුක්ත වන බැවින් ජපන් ජාතිකයෝ එය ඉතා ගෞරවයෙන් යුතුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යති.

ඉකෙබනා මල් කලාවේ මුල් ආරම්භය බෞද්ධාගම ජපානයට හඳුන්වා දීම දක්වා දිවයයි. එම නිසාම එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනකට හිමිකම් කියයි. මෙම ජපන් මල් සැකසීමේ කලාව බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ආරම්භ කරන ලදි. read more

no comments.

I Try to Waken and Greet the World Once Again

Posted in Art,සාහිත්‍ය by admin on February 11, 2013

Sumudu Samarawickrama – Poem review

In a pine tree,
A few yards away from my windowsill,
A brilliant blue jay is springing up and down, up and down,
On a branch.
I laugh, as I see him abandon himself
To entire delight, for he knows as well as I do
That the branch will not break.

read more

no comments.