Contact us now +61(0) 433 638 610

Tag Archives: Buddhism

දළදා මාලිගාවේ පත්තිරිප්පුව

Posted in ආගමික,ඉතිහාසය by admin on September 3, 2013

paththirippuwa

- නුවරඑළියේ හේමපාල | Photo by M. Milanga

කන්ද උඩරට සෙන්කඩගල පුරවරය නයනාභිරමණීය ලෙස සකස් කිරීමේ ගෞරවය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතු වේ. ලංකේශ්වර ශ්‍රීමත් හෙන්රි විලියම් ග්‍රෙගරි සදහන් කරන අන්දමට මහනුවර දැකුම්කළු නගරයක් බවට පත් කිරීමට රජතුමා පෙළඹී ඇත්තේ එතුමාට ස්වභාවධර්මයාගේ රස විදීමේ තියුණු රසකාමී නැණැසක් තිබූ හෙයිනි.

දකුණු ඉන්දියාවේ තන්ජෝරයේ නායක්කාර්වංශික රජතුමා සිරගත වී සිටියදී පවා සිය අන්තේවාසික කලාකරුවන්ගේ නිපැයුම් අගය කරමින් හා සංගීතය රස විදිමින් කාලය ගත කළ බැව් එතුමාගේ සුවදුක් විමසූ දොස්තර හෙන්රි මාර්ෂල් පවසා ඇත. මෙබදු කලා කුසලතාවයකින් පිරිපුන් රජතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙහි හා වාස්තු විද්යාවෙහි ද දස්කම් විදහා පාමින් පත්තිරිප්පුව, නුවර වැව හා නුවර වැව මැද පිහිටි කුණ්ඩශාලාව යනාදිය තැනීමෙහිලා ශිල්පීන් මෙහෙයවූහ. read more

no comments.

අනුබුදු දකිමි

Posted in ආකල්ප,ආගමික by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on June 7, 2013

mihinthala

ඉපදීම සහ මරණය අතර අප ගතකරන ජීවිතයේ දිශානතිය නීර්ණය කරන ප‍්‍රධාන සාධක දෙකක් වන්නේ ඉගෙනීම සහ ඇදහීම ය. ළමා කාලය යනු අනාගතයේ ජීවත්වීම අරඹයා වැදගත් වන කරුණු ඉගෙනීම වෙනුවෙන් පුහුණුව ලබන අවධිය ය. ක‍්‍රම ක‍්‍රමයෙන් වයස්ගත වන විට නිවැරදි යැයි අප විසින් හඳුනාගනු ලබන යම් යම් කරුණු කාරණා ඇදහීම් බවට පත් කරගන්නේ ය. ලොව පුරා විහිදී ඇති නොයෙක් ඇදහීම් වලිනුත් ඊට අමතරව එක් එක් පුද්ගලයා තම තමන් විසින් ගොඩ නගා ගන්නා ඇදහීම් වලත් නිර්මාණ බවට තමන්වම පත්කර ගන්නේ ය. ඉතිහාසගත රාමුවෙන් පිටතට පැමිණ මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සහ ඒ නිසා ලංකාවේ සිදු වූ සමාජීය සහ අධ්‍යාත්මික පරිවර්තනය විමසා බලන කළ ඒ තුළැම සිට එය විමසා බලනවාට වඩා වපසරියක් පෙනෙන්නට පටන් ගනිතැයි අපි අදහස් කරමු.
read more

no comments.

මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමූ පුද්ගලයෙක්

Posted in ආගමික by admin on March 15, 2013

pic-1303-08

-හසිත ගුණසිංහ | ඡායාරූප – සාමන්ත

මිනිස් සිරුරේ තිබෙන නව ද්වාරයකින් වැගිරෙන ද්‍රව්‍යයන්ගෙන් දුගඳ හමන මිනිස් සිරුරේ දුගඳ වසාගන්නට බොහෝ දෙනා විවිධ අයුරෙන් වෑයම් කරති. විශේෂයෙන්ම මුඛයෙන් දුගඳක් වහනය වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුවට පත් වන අතර රෝගී තත්වයක් මත හෝ වෙනයම් හේතූන් මත එවැන්නක් සිදුවිය හැකිය. එසේ වුවත් උපන් මොහොතේ පටන් තමන්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමූ පුද්ගලයෙක් පිළිබඳ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ හමුවෙයි. read more

no comments.

කුල්ල සූත‍්‍රය

Posted in ආගමික,කාලීන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on December 16, 2012

img3

කිසියම් කෙනෙකුට තමන්ගේම මවක හා පියෙකුගේ සෙනෙහස වෙනත් මවකගෙන් හා පියෙකුගෙන් ලැබෙනවා නම් එය කෙතරම් භාග්‍යයක්ද ? ජීවිතයේ විශේෂ-යෙන් නව යොවුන් තරුණ වයසේදී එබඳු උතුම් මව් වරුන් සහ පියවරුන් කිහිප දෙනෙකුගේම ආශ‍්‍රය ලැබීම මා කළ පිනක් යැයි මට සිතේ. මෙහි පහත දැන්වෙන සිද්ධිය සිදුවන විටද මා නැවතී සිටියේ එබඳු යුවළක් සම`ගය. අද ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැතත් ඔවුනගේ සෙනෙහස මට ලැබුණේ එබඳු සෙනෙහසක් මා හට අවැසිවම තිබූ යුගයකය. ඒ නිසාම ඔවූහු සදහටම ම’හදෙහි රැුදී සිටිති.
read more

no comments.