Contact us now +61(0) 433 638 610

Tag Archives: Children

මට වැරදුන තැන් – යමන් බණ්ඩො වෙසක් බලන්ඩ

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on May 23, 2014

wesak thorana

අපේ අප්පච්චීට කරන්නට බැරි වැඩ දෙකක් තිබුණි. එකක් සරුංගල් හැදීම ය. අනෙක වෙසක් කූඩු හැදීම ය. පුංචි මගේ වදෙන් බේරෙන්න බැරි තැන දිනක් අප්පච්චී මට සරුංගලයක් හදා දුන්නා මතක ය. එය ඉරටු කූරු දෙකක් මැදින් බැඳ සෑදූ පැතළි සරුංගලයකි. සරුංගලයක් තනිවම සදා ගැනීමට බැරි වුනත් එය උඩ යාමට නම් බොක්කක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. කොතෙක් පැහැදිළි කළත් අප්පච්චිට සරුංගලයට බොක්කක් දැමීමට නොහැකි විය. මගෙන් බේරෙන්නම බැරි තැන ඔහු සරුංගලයේ ඉදිරි කොණේ නූලක් බැද එය පසුපස කොණට අල්ලා බැඳ සෑදූ බොක්ක ගැන මම නම් කිසිසේත්ම සතුටු නොවිමි. සියල්ලටම වඩා අප්පච්චී සරුංගලයේ නූල බැන්දේ ඉදිරි කෙළවරෙනි. සරුංගලයේ නූල බැඳිය යුත්තේ මැදින් බව මම ඔහුට පැහැදිළි කර දුන්නෙමි. එසේ කිරීමේදී සව් කොළ ඉරී යා හැකි බැවින් එම අදහසට ඔහු එක හෙළාම විරුද්ධවිය. read more

no comments.

Story of a true refugee

Posted in කාලීන,ජීවිතය by admin on May 18, 2014

true refugee

– by Dilini Eriyawala

It was another first day of another semester. The cold dry winter had made the whole state lazy and slow. We were expecting late attendance of students as the public transport services were not at their best either. I waited for the seats of the lecture room to be occupied by at least twenty five students. There was a handsome young boy sitting all by himself. According to my past experience and living in a multicultural state of Australia, I could guess that this young man was from Sudan. He might be from Kenya too. At a glance I realised that his mind was not in this world. read more

no comments.

සිඟිති සුරංගනාවිගෙ දින පොතෙන් පිටුවක්…

Posted in ජීවිතය by admin on August 17, 2013

සිඟිති සුරංගනාවිටත් නානාප‍්‍රකාර මව්වරු, පියවරු දකින්න ලැබෙනවා. ඒ මව්පියන්ගෙ දරුවනුත් එක එක ආකාරයි. දරුවන් හැදීම වැඞීමත් විවිධයි. විටෙක සුන්දරයි. විටෙක අමුතුයි. විටෙක කටුකයි. සිඟිති සුරංගනාවි දන්න එක අප්පච්චි කෙනෙක් ඉන්නවා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක බල කණුවක්. අම්ම නම් බොහොම තැන්පත් සාම්ප‍්‍රදායික අම්ම කෙනෙක්. මේ විප්ලවීය අප්පච්චි දරුවන් සම්බන්ධව ක‍්‍රියා කරන්නෙත් අමුතුම තාලෙට. නිදහස උපරිම දීල තියෙනවා. වැරදි පෙන්නල දෙනවා මිස හරි වැරුද්ද තෝර ගන්න උදව් කරනවා මිස අණපණත් පනවන්නෙ නැහැ. සැරවැරත් නැහැ. දඬුවමුත් නැහැ.
read more

no comments.

හැමදාම

Posted in ජීවිතය by admin on June 8, 2013

goldfish

-මලිති විජේසේකර

‘‘පුතා මාමෙක් තරම් ලොකු වුනහමත් අම්මා පුතාගේ අම්මාද ?’’

කතන්දර පොත් කියවලා ඉවරවෙලා, පිරිත් කියලා ඉවරවෙලා නිදාගන්න කලින් ඉතුරුවුන වෙලාවේ පුතා මගෙන් ඇහුවා. අර්ජුන නම් කියන්නේ මේකට ‘දවසේ පැනය’ කියලා. දවසේ පැනයේ බරපතලකම අනුව පුතාගේ නිදාගැනිල්ල තව පැය එකහමාරක් වුනත් එහාට යන්න පුළුවන්. සමහරදාට එකට ඈඳුණු ප‍්‍රශ්න විසිපහක් තිහක් තියෙනවා. ඒත් ඒ පුංචි හිතට ඇතිවෙන ගැටළුවලට තේරෙන තරමින් පිළිතුරු දෙන්න මම හැමදාම උත්සාහ කරනවා. read more

no comments.

දරුවන් ඔබ බඳු කරන්න නොසිතන්.

Posted in ආකල්ප by admin on

දරුවන් ඔබ හා සිටියත්
ඔබට අයිති නැත.
ඔබ ගෙන් උපන්නත්
ඔබෙන් ඉපිද නැත.
ඔබගේ සිතිවිලි කෙසේ
ඔවුනට දෙන්න ද ?
නිජ වූ සිතිවිලි
ඔවුනට ඇති කල.
හැකිනම් දෙනු මැන
සෙනෙහස ඔබගේ
කළමැන දරුවන් අනුකරණය
දරුවන් ඔබ බඳු
කරන්න නොසිතන්
(ඛලීල් ජිබ්රාන්)

read more

no comments.