Contact us now +61(0) 433 638 610

Tag Archives: Children

අම්මේ තාත්තේ මේ ගැනත් හිතන්න.

Posted in ජීවිතය by admin on June 7, 2013

- රුවන්දි දසනායක

එය අප විහාරස්ථානයේ මාසික සිල් වැඩ සටහන පැවැත්වූ දිනයකි. දහවල් දානයෙන් පසු ලද විවේකයේදී, උදෑසන සිට වකුටු කරගෙන සිටි මගේ දෙපාවල ලේ ගමනය යථා තත්ත්වයට පත්කර ගැනීමේ අරමුණෙන්, මම හුන් තැනින් නැගිට ශාලාවෙන් පිටතට පැමිණියෙමි.
ශාලාවෙන් පිටත සුළු වේලාවක් සක්මනෙහි යෙදුන මා කිසිවෙකුගේ නෙත් පහරකට ලක්ව ඇති බව ඉවෙන් මෙන් දැනිණ. හිස ඔසවා බැලූ මට එක්තරා දැරියක් මදෙස බලා සිටිනු පෙනින. මමද එක එල්ලේ ඇය දෙස බැලීමි. අපේ නෙත් හමු විය. දැරියගේ දෙතොළට මද සිනහවක් නැගිනි. ඇගේ මුහුණේ කිසියම් හුරුපුරුදු බවක් මට දැනිනි. නමුත් ඇය කාගේ කවුරුන්දැයි කීමට මම නොදත්තෙමි. මේ දැරිය සමග කතා කරන්නැයි මගේ සිත මට දැඩිව කියයි.
read more

no comments.

සිඟිති සුරංගනාවිගෙ දින පොතෙන් පිටුවක්…

Posted in ජීවිතය by admin on March 17, 2013

මේ දවස්වල සිඟිති සුරංගනාවිට ළතැවිලි බොහොමයි… අහිංසක දරුවන්ට වෙන දුක් ගැහැට නිමක් නැහැ. අඩු වයසින්ම මැදපෙරදිග වහල් මෙහෙයට යැවුණු රිසානා දියණියගෙ හිස ගසා දැමුණා. අකලට පරවුණ ඒ සවුදි දරු පැටිය වගේම, රිසානාත් මිනිස්කම් ගිලිහුණු වැඩිහිටි සමාජයේ වරදින් අකලට පරවුණු මල් කැකුළු. දේශපාලකයෙක්ගෙ ගොදුරක් උණ දැරියක් සිය දිවි නසාගෙන. උසස්පෙළ අසමත් වූ හිත් වේදනාවෙන් සිසුවෙක් සිය දිවි නසාගෙන. පාසලේ තීන්ත ගාන්න අතමිට නැති කමට පොල් ගෙඩි කිහිපයක් අනවසරයෙන් ගත් දැරියක් රිමාන්ඞ් භාරයට. ධර්මද්වීපයකැයි උදම් අනන ලංකාවේ දරුවන්ට අත් වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමේ කටුක රාවයයි මේ.
read more

no comments.

සිඟිති සුරංගනා දින පොතින් පිටුවක් – සිඟිති සුරංගනාවි

Posted in සාහිත්‍ය by admin on February 17, 2013

පුංචි හිත් මල් පෙති වගේ.. හරිම මුදු මෙළෙකයි… ඇත්තටම නම් මල් පෙතිවලටත් වඩා මුදුයි. සංවේදීයි. සමහරවිට පුංචි ඇස්වලින් කඳුළු කඩා වැටෙයි. නැත්නම් එයාල දුකින් පැත්තකට වෙලා ඉඳියි. කන්නෙ බොන්නෙ නැතිව ඉඳියි. බුම්මගෙන ඉඳියි. ප‍්‍රචණ්ඩ වෙන්නත් ඉඩ තියෙනවා. මේ මොන ආකාර ප‍්‍රතික‍්‍රියාවක් වුණත් වැඩිහිටි අපට නොකියා කියන්නෙ ‘‘අනේ මගේ පුංචි හිතට මේ දේවල් දරා ගන්න බෑ’’ කියන පණිවිඩයයි. මේ සියුමැලි මල්පෙති නොරිදෙන්න, නොතැලෙන්න රැුක බලා ගන්න වැඩිහිටි අපි කොයි තරම් නම් වගකීමෙන් කටයුතු කළ යුතුද? ඔන්න බලන්නකො සිඟිති සුරංගනාවිගෙ දින පොතේ මේ පිටුව… read more

no comments.

දරුවෝ නැති අම්මාලා

Posted in කාලීන by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on February 10, 2013

නිරන්තරයෙන්ම ‘‘අම්මා – අම්මා’’ කියමින් මා පසුපස ඒම මගේ කුඩා දැරියන් දෙදෙනාගේ සිරිතකි. කියන්නට යමක් ඇතිවත් නැතුවත්, ඔවුහු අම්මා කියමින් ඇ‍ඟේ දැවටෙති. වැඩක් පළක් කරගන්නට තියා මට තනියම යමක් හිතන්නටවත් ඉස්පාසුවක් නැත. ‘‘ඒක එහෙම වුනේ කොහොමද ?, මේක මෙහෙම වෙන්නේ කොහොමද ?’’ වැනි දහසක් ප‍්‍රශ්න ඔවුන්ට ඇත. read more

2 comments.

සිඟිති සුරංගනා දින පොතින් පිටුවක්

Posted in ආගමික,සාහිත්‍ය by admin on December 18, 2012

img1

නත්තල් කාලෙත් අත ළඟටම ඇවිදින්… නත්තල කියන්නෙ පුංචි හිත්වල පැතුම් පිපෙන කාලෙ. බලාපොරොත්තු පොදි ගැහෙන කාලෙ… ලස්සන නත්තල් ගහක් හදන්න, පුංචි ගවලෙනක් හදන්න, නත්තල් සුබපැතුම් යවන්න… රසම රස කැවිලි කන්න… නෑගම් යන්න… පුංචි අය හරිම ආසයි. පිණි මුවන් ඇදන් යන හිම යානෙක නැගල ඇවිදින් නත්තල් සීයා තෑග්ගක් ගෙනත් දෙයි කියලත් පුංචි අය පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා. ඉතින් මේ කාලෙට සිඟිති සුරංගනාවිටත් වැඩ බහුල කාලයක්. ඇයි පුංචි ළමයි සතුටින් ඉන්නව වගේම එයාලට දුක හිතෙන වැඩත් හරියට සිද්ධ වෙනවනේ… මේ කතාවත් ඒ වගේ නත්තල් කාලෙක වුණූ දෙයක්.. read more

no comments.