Contact us now +61(0) 433 638 610

Tag Archives: Columns

පච්ච කොටනු ලැබේ ….

Posted in ආකල්ප,කාලීන,සාහිත්‍ය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on June 12, 2014

tatoo

[Illustration by Saamantha Tennege]

චාරිත‍්‍ර පුද පූජාවන් කෙරෙහි පමණක් සැළකිලිමත් වූ එක්තරා වයස්ගත භික්ෂුවක් පන්සලේ තිබුණු වටිනා ලී මුවා පිළිමයකට නිතර දෙවේලේ පුද පූජාවන් පැවැත් වී ය. දිනක් උදෑසන පොරවකින් ගසකට කොටන හඬ ඇසී පිටතට පැමිණි නායක ස්වාමීන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ඉතා ආදර භක්තියෙන් සුරකින ලී මුවා ප‍්‍රතිමාව පොරවකින් සැහැ දමමින් සිටි කුඩා සාමනේර හිමි නමකි.
ඉතා කලබලයට පත් නායක ස්වාමීන් වහන්සේ වහා සාමණේර හිමිනම කරා පැමිණ ‘‘අය්යෝ පොඩි තැන මොකක්ද මේ කරන අපරාධය ?’’ කියා ඇසූහ.
‘‘මම මේ බුදු හාමුදුරුවෝ හොයනවා.’’
‘‘ ඕකේ කොහේද බුදුහාමුදුරුවෝ ?’’ නායක ස්වාමීන් වහන්සේ විශ්මයෙන් ඇසූහ.
‘‘එහෙනම් මම මේ පිළිමය කැපුවම මොකද වෙන්නේ.’’
සිත විනිවිද දකින්නට (කර්තෘ ඃ ලියුම්කරු 2002)
read more

no comments.

අනේ අපි කවදාක …….. ?

Posted in කාලීන,දේශපාලන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on July 3, 2013

mata-weraduna-then

කිසියම් කෙනෙකු හෝ දෙයක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් අප තුළ විවිධ අදහස් හා මතිමතාන්තර ඇති වීමට බලපාන සාධක අභ්‍යන්තර හා බාහිර යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි යැයි අපි සිතමු. අභ්‍යන්තර කරුණු යනු කිසියම් සිදුවීමක් අරඹයා අප විසින් එළැඹෙන උපකල්පන හා කරණු ලබන තර්ක විතර්කයන් ය. බාහිර සාධක යනු අපගේ චින්තනය, හැසිරීම් සහ ආකල්ප කෙරෙහි බලපෑ අපෙන් පරිභාහිර වූ සාධකය. එහෙත් පසුගිය සිදුවීම් හා අවස්ථාවන් ගැන සලකා බැලීමේදී එම අභ්‍යන්තර හා බාහිර සාධක යන ද්විත්වයම නිවැරදි නොවූ අවස්ථා වැඩි බව අපගේ පුද්ගලික අත්දැකීම ය. මීට හේතුව කුමක් විය හැකි ද ?

read more

no comments.

සිඟිති සුරංගනා දින පොතින් පිටුවක්

Posted in ආගමික,සාහිත්‍ය by admin on December 18, 2012

img1

නත්තල් කාලෙත් අත ළඟටම ඇවිදින්… නත්තල කියන්නෙ පුංචි හිත්වල පැතුම් පිපෙන කාලෙ. බලාපොරොත්තු පොදි ගැහෙන කාලෙ… ලස්සන නත්තල් ගහක් හදන්න, පුංචි ගවලෙනක් හදන්න, නත්තල් සුබපැතුම් යවන්න… රසම රස කැවිලි කන්න… නෑගම් යන්න… පුංචි අය හරිම ආසයි. පිණි මුවන් ඇදන් යන හිම යානෙක නැගල ඇවිදින් නත්තල් සීයා තෑග්ගක් ගෙනත් දෙයි කියලත් පුංචි අය පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා. ඉතින් මේ කාලෙට සිඟිති සුරංගනාවිටත් වැඩ බහුල කාලයක්. ඇයි පුංචි ළමයි සතුටින් ඉන්නව වගේම එයාලට දුක හිතෙන වැඩත් හරියට සිද්ධ වෙනවනේ… මේ කතාවත් ඒ වගේ නත්තල් කාලෙක වුණූ දෙයක්.. read more

no comments.

මෙල්බර්න් ලොක්කාගේ කෙටි සටහන්

Posted in Uncategorized by admin on December 13, 2012

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් එන්න ළඟයි. මට මේ දවස් වල හම්බ වෙන ඈයින් ගෙන් වැඩි හරියක් ගෙවිලා යන අවුරුද්ද ගැන කතා කරන්නේ තරමක සිත් තැවුළකින්. ටිකක් විවේක පාඩු තිබුණු වෙලාවක මම ආළින්දයේ හාන්සි පුටුවේ ඇළවිලා මේ ගැන කල්පනා කොරණ්ඩ ගත්තා. ඉස් ඉස්සෙල්ලාම හිතන්න ගත්තේ මේ අවුරුද්ද ගැන මට සතුටු වෙන්න පුළුවන්ද කියලයි. ඉතිං එකින් එක මම කල්පනා කළා පහුගිය අවුරුද්දේ මම කොරන්න හිතාගෙන හිටපු දේවල් ගැන. සංචාරයක් යන්න, දරු මුණුපුරොත් එක්ක එකට කාලය ගත කොරන්ට, කොම්පියුටරේ ටයිප් කොරන්ට ඉගෙන ගන්ට, පොත් කියවන්ට වගේම මගේ දැනුම දියුණු කොර ගන්ටත් පුළුවන් වුනා නේද කියලා හිතනකොට මට දැනුනේ තන්තෝසයක් ආයුබෝවංඩ. read more

no comments.