Contact us now +61(0) 433 638 610

Tag Archives: Editorial

සංස්කාරක සටහන [ Editorial 2014-08 ]

Posted in කාලීන by admin on August 4, 2014

සිංහ හමුදාවක නායකයා බැටළුවෙක් වීම ගැන මම බිය නොවෙමි. මා බිය වන්නේ බැටළු හමුදාවක නායකයා සිංහයෙකු වූවොත් ය – මහා ඇලෙක්සැන්ඩර් රජු

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ඉහත කියමන උපුටා දක්වමින් අප සළකා බලන්නේ දිග්විජය තම ජීවිතය කරගත් මහා ඇලෙක්සැන්ඩර් රජුට සුදු හුණු ගෑම නොවන බව කරුණාවෙන් සළකන්න. අප මෙහිදී සළකා බලන්නේ මේ කියමන තුළ ගැබ්වැ ඇති දාර්ශනික සත්‍යතාව ගැන ය.
read more

no comments.

සංස්කාරක සටහන | Editorial [ 5th June 2014 ]

Posted in ආකල්ප,කාලීන by admin on June 5, 2014

කැඩපත ස්ථීර ලේඛක ලේඛිකාවන් අතරින් වයසින් ලාබාලම ලේඛකයා වන්නේ රන්දික විජේසිංහය. ඔහුගේ සිනමා විචාරය හරහා ඔහු කැඩපත පාඨකයින්ව නොදුටූ විරූ ඉතා අපූරු ඉසව්වන් කරා කැඳවා ගෙන යයි. මෙවර ඔහු කතා කරන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ ගැන ය. ගරිල්ලා මාර්කටින් යන වචනය අපට මුලින්ම හමුවන්නේ ජේ කොනාර්ඩ් ලැවින්සන් විසින් 1984 දී රචිත ‘Guerrilla Advertising’ යන ග්‍රන්ථයෙනි. ගරිල්ලා මාකටින් යනු එහි මතුපිටින් සහ ඇතුළතින් ඉතා ගැඹුරින් විග්‍රහ කළ හැකි ව්‍යාපාරික ක්‍රමවේදයකි. ඉතා කෙටියෙන් එය ‘උපරිම ප්‍රතිඵලයක් ළගා කරදෙන ඉතා ලාභදායී දැන්වීම් ප්‍රචාරාත්මක උපක්‍රමයක්’ ලෙස විග්‍රහ කළ හැකිය. read more

no comments.

කතුවැකිය | Editorial [ Sep 2013 ]

Posted in ආකල්ප,කාලීන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on September 3, 2013

මට මගේ සීයා ගැන එතරම් අවබෝධයක් නැත. ඒත් මම වඩාත් විමසිලිමත් වන්නේ ඔහුගේ මුණුපුරා කෙබඳු කෙනෙක් විය හැකිද යන කාරණය ගැනය

- ඒබ්රහම් ලින්කන්

දෙදෙනෙකකු මුණ ගැසුනු විට අවිනිශ්චිත අනාගතය ගැන විස්සෝප වීම අද දවසේ නිතර දෙවේලේ අප අත් දකින සාමාන්‍ය දෙයකි. මදක් අතීතයට ගිය විට අපේ වැඩිහිටියෝ විස්සෝප වූයේ අපේ වර්තමානය ගැන නොවේ ද ? තවත් ටිකක් ඈතට ගියොත් අපේ වැඩිහිටියන්ගේ වැඩිහිටියන් විස්සෝප වූයේ ඔවුන්ගේ අනාගතය ගැනය. එනම් අපේ වැඩිහිටියන්ගේ අතීතය ගැන ය. read more

no comments.

සංස්කාරක සටහන Editorial [ Aug 2013 ]

Posted in ආකල්ප,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on August 10, 2013

ඔබ සමගියෙන් යමක් හිතයිද, කියයිද එසේම කරයිද එතැන ඇත්තේ සතුටයි. මහත්මා ගාන්ධි
අද රටක හෝ පුද්ගලයෙකුගේ දියුණුව මනිනු ලබන්නේ බොහෝ විට රටක් හෝ පුද්ගලයෙකු ගොඩ ගසාගෙන ඇති ධනයෙනි. නැතිනම් ඔවුන් පතුරුවන ආධිපත්‍යයෙනි. ධනයත් බලයත් තමන් සන්තක කර ගැනීමට ඉතා කුඩා ව්‍යාපාරිකයාගේ සිට මහා විසාල ධන කුවේරයා දක්වා ඇතැම් විට අනුගමනය කරනු ලබන්නේ සාදාචාරාත්මක පිළිවෙතක් ද ? මේ ප‍්‍රශ්නය හුදී ජන යහපත වෙනුවෙන් ගොඩනැගුණු සමිති සමාගම් වල පටන් පුන්‍යාතන තුළින් පවා විද්‍යාමාන වීම කොතරම් ඛේදජනකද ? ජනතා සේවයත් ප‍්‍රතිරූප ගොඩ නගා ගැනීමත් එකක් නොව දෙකකි. එසේම ප‍්‍රතිරූප ගොඩ නගා ගැනීමට කරන ජනතා සේවයත්, කරන ජනතා සේවය නිසා නිරායාසයෙන් ගොඩ නැගෙන ප‍්‍රතිරූපයත් යනුද එකක් නොව දෙකකි. මේ බව වටහා ගැනීමට මහත්මා ගාන්ධි චරිතාපදානය ඉතා කදිම තෝතැන්නක් බැව් අපගේ වැටහීමය.

read more

no comments.

සංස්කාරක සටහන  Editorial [ June 2013 ]

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on June 6, 2013

හිරු බැස යන හැන්දෑවක වෙරළ තීරයකට ගසාගෙන ආ තාරකා මාළුවෝ දස දහස් ගණනක් නෙත ගැටුණු එක්තරා මිනිසෙක් ඒ තාරකා මාළුවන් එකා බැගින් අල්ලා නැවතත් මුහුද දෙසට විසිකරමින් සිටියේය. මේ කි‍්‍රයාව දුටු තවත් මිනිසෙක් ඔහු කරා පැමිණ ‘‘වෙරළට ගහගෙන ආ දස දහස් ගණනක් මාළුවෝ ගැන හිතනකොට ඔබට එච්චර වෙනසක් කරන්න බැහැ කියලා තේරුම් ගන්න බැරි ද ?’’ කියා ඇසුවේ ය.
තාරකා මාළුවන්ට අභය දානය දෙමින් සිටි මිනිසා ආගන්තුක මිනිසාගේ ප‍්‍රශ්න කිරීම් නිසා කලබලයට පත් නොවී තවත් තාරකා මාළුවෙක් අතට ගෙන මුහුදට විසි කරන ගමන් ‘‘ඔන්න මම ඒ සතාට වෙනසක් කළා’’ කියා කීවේ ය. read more

no comments.