Contact us now +61(0) 433 638 610

Tag Archives: Editorial

සංස්කාරක සටහන | Editorial [April 2013]

Posted in කාලීන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on April 12, 2013

තවත් අලූත් අවුරුදු සමයක් උදා වෙමින් පවතින්නේය. නමින් අලූත් අවුරුද්ද වුවද, බොහෝ විට අලූත් අවුරුදු කාලය තුළ අප විසින් කරනු ලබන්නේ පරණ දේම ය. එසේ නම් එය කෙසේ අලූත් අවුරුද්දක් වන්නේ ද ?

මිනිසාගේ සාමාන්‍ය ස්වභාවය අමතක වීම ය නොහොත් අමතක කර දැමීම ය. අපට බොහෝ විට අමතක වන්නේ යහපත් දේ ය. අලූත් අවුරුදු සමයේ කෙරෙන චාරිත‍්‍ර තුළ ගැබ්ව ඇත්තේ තමාගේත්, සමාජයේත් යහපතට හේතු වන ගුණාංග ය. එබැවින් අලූත් අවුරුද්දකදී අපට අමතකව ගිය පරණ චාරිත‍්‍ර හා වාරිත‍්‍ර ගැන නැවත මතකයට ගැනීම සැබවින්ම ප‍්‍රඥා ගෝචර වන්නේ ය. read more

no comments.

සංස්කාරක සටහන | Editorial

Posted in කාලීන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on February 6, 2013

විප‍්‍රවාසී ජීවිත ගත කරන අපගේ මුල් ඇත්තේ ලංකාවේය. එහෙත් අප දූ දරුවන්ගේ මුල් ඇත්තේ මෙහිය. එනම් ඕස්ටේ‍්‍රලියාවේය. මේ කි‍්‍රයාවලිය තුළ අපට නොපෙනන රික්තයක් ඇති බව අපගේ වැටහීමය. දරුවෝ වැඩිවියට පත් වීමත් සමග ඔවුනට තම දෙමාපියන්ගේ අක් මුල් ප‍්‍රශ්නාර්ථයක් වන්නේය. අපගේ ඇට මස් ලේ වලට කිඳා බැසි ලාංකීය ගති සිරිත් ගැන දැරුවන් තුළ විශ්මයාර්ථයන් ඇති වන්නේ ඔවුන් තරුණ වියට එළඹීමත් සමගය. read more

no comments.

කතුවැකිය | Editorial

Posted in ආගමික by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on December 11, 2012

අහසේ පියාසර කරන සියොතුන් දෙස බලන්න. ඔවුන් වපුරන්නේද, නෙළා ගන්නේද, ගබඩා කරන්නේද නැත.
- මතෙව් 6 : 26

ලෝක සාමය ගැන ලෝක ජනතාවට මතක් කර දෙන තවත් නත්තල් සමයක් උදාවෙමින් පවති. එවැනි අසිරිමත් සමයක බයිබලයේ සදහන් ඉහත කියමන ගැන මතුපිට අර්තයෙන් ඔබ්බට ගොස් සිතා බැලීම සුදුසු යැයි අපි කල්පනා කළෙමු. read more

no comments.