Contact us now +61(0) 433 638 610

Tag Archives: Fathers

ආදරණීය තාත්තා

Posted in සාහිත්‍ය by Somalatha Herath Menike [ සෝමලතා හේරත් මැණිකේ ] on December 11, 2012

මා රැකියාව කරන තැන රියදුරු මහතා හැමදාමත් කීවෙ හරි අපූරු කතාවක්. ඔහු වයසයි. ඔහුගේ අම්මවත්, තාත්තාවත් ජීවතුන් අතර නැහැ. වයසක වුණත් ඔහු හරිම ක්‍රියාශීලීයි. අපි ඉළන්දාරියා කියල විහිළු කරනවා. ඒ හැම වෙලාවකම ” මගෙ අම්මයි තාත්තයි හිටියනම් මට කියන්නේ පුතා කියල. එහෙම නම් මං තාම පුංචි පුතෙක්” කියා කියනවා. ඒ කතාව සරල සාමාන්යත වුණත් ඒ ඇතුලේ මහා ලොකු කතාන්තරයක් තියෙනවා. හැම තාත්තෙකුටම අම්මෙකුටම තමන්ගෙ දරුවා හැමදාමත් පුංචියි කියල තමයි හිතෙන්නේ. ඒ බැඳීම පුදුමාකාර සුන්දර බැඳීමක් වෙන්නෙ ඒ හින්දා. read more

no comments.