Contact us now +61(0) 433 638 610

Tag Archives: Inspirational

විසංවාදය

Posted in ජීවිතය by admin on August 17, 2013

කුහකකම අපේ මිතුරෙකි – විලියම් ඞීන් හොවෙල්ස්

ඔබ, ඇසුරු කරනා අය තුළත් ඔබ තුළත් ඇති කුහක හා විසංවාදී අදහස් ගැන සැලකිල්ලක් දක්වා ඇත් ද ? ඔබත් ද්විත්ව රංගනයක යෙදෙනවාද ? අන් අය ද්විත්ව රංගනයක යෙදෙන විට ඒ ගැනත් සැළකිලිමත් වන්න. මිනිසුන් කියන දේ කරන අයද යන්න ගැන විමසිලිමත් වන්න. ඔබ ප‍්‍රසිද්ධියේ දක්වන අදහස් වලට පටහැනි ආකාරයට සාමාන්‍ය ජීවිතයේදී කි‍්‍රයාත්මක වනවා ද ? එසේම ඔබගේ චර්යාවන්වල පවතින නොයේක් අඩුලූහුඬුකම් සාධාරණීකරණය කර ගැනීමට ඔබ දරන උත්සාහයන් ගැනත් පරීක්ෂාකාරී වන්න. ඔබ තුළම ඇතිවන වංචාකාරී අදහස් ගැන සැකහැර දැනගන්න. අන් අය තුළ පවතින වංචාකාරී අදහස් ගැනත් විමසිලිමත් වන්න. ඒ කෙසේ වෙතත් ඔබට ඔබ තුළ වංචාකාරයෙක් දැක ගැනීමට නොහැකි නම් කළ යුතුව ඇත්තේ නැවත නැවතත් විමසා බැලීම ය. read more

no comments.

ලස්සන කතාවක්

Posted in ජීවිතය by admin on

නැති බැරි අයට පරිත්‍යාග කිරීම නිසා ඒ අය සිය ගුණයකින් සතුටට පත් වන බවත්, තව තවත් අයට පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් ධෛර්යමත් වන බවත් මම දන්නවා. මගේම අත්දැකීමට අනුව හිසට වහළක් පවා නොමැති මිනිසෙක් දවසක් මට නිවසට යාමට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් අරන් දුන්නා. සාමාන්‍යයෙන් සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර පවල් දුම්රිය නැවතුම් පොළේ ඉඳන් විශ්ව විද්‍යාලයට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක ගාන ඩොලර් දෙකක්. මම නිතරම ඒ ගමණට අවශය කාසි රැගෙන යාමට අමතක කරන්නේ නැහැ. read more

no comments.

මට වැරදුණු තැන් -මම ඌට ගැසීම හා ඌට මම ගැසීම

Posted in ආකල්ප,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on

‘ජා’ යනු ජාතිකයකි. එකල ලංකාවේ ජා මිනිසුන් නිතර මුණ ගැසුනද පසුගිය වසර 20 ක කාලය තුළ මට කිසිඳු ජා ජාතිකයෙකු හමු වී නැත. මා ඇසුරු කළ බොහෝ ජා ජාතිකයෝ අතිශ්‍ය පි‍්‍රය මනාප අය වූහ. පාසලෙන් පිට කුඩා කළ මා වැඩිපුරම සෙල්ලම් කළේ මුස්ලිම් යහළුවන් සමග ය. ඒ අතර ජා යහළුවන් දෙදෙනෙකු ද වූහ. එහෙත් පසුගිය වසර 20 ක කාලය තුළ මුස්ලිම් මිතුරෙක් හා සෙල්ලම් කළ බවක් මට මතක නැත. හය වන ශ්‍රේණියේ සිට දහ වන ශ්‍රේණිය දක්වා අපේ පංතියේ සිංහලෙන් අධ්‍යාපනය හැදෑරූ මුස්ලිම් ළමුන් අඩු තරමින් 10 දෙනෙකුවත් සිටියහ. පළවන ශ්‍රේණියේ සිට අප හා උගත් අබුබකර් ගේ සිංහල අකුරු හා තරග කිරීමට අපේ පංතියේ මා ඇතුළු අන් කිසිවෙකුටත් නොහැකි විය. යුරෝපීය රටක ජීවත් වූවත් අද දක්වාම දුක සැප බෙදාගැනීමට තරම් කුළුපග මුස්ලිම් මිතුරියක දැන හඳුනාගෙන දැනට වසර තිහකට ආසන්නය. උසස් අධ්‍යාපනය ලබන කාලයේ මට හමු වූ ආදි ආනන්දියෙකු වූ කසීර් ගැනද යමක් කිව යුතුය. ඒ ඔහුගේ ගායන හැකියාව නිසාය. දේශන ආරම්භ වීමට කලිනුත්, විවේක කාලයන්හිත් අපි එක්ව ගායනා කළේ සිංහල ගීතය. වික්ටර් රත්නායකගේ ‘‘දෛව යෝගයකින් නොවේදෝ’’ ගීතයත්, සනත් නන්දසිරිගේ ‘‘එදා මෙදා තුර ගීතයත්’’ ඔහු ගායනා කළේ ඔහුගේ මුවින් නොව හද පතුළෙනි. read more

no comments.

සිඟිති සුරංගනාවිගෙ දින පොතෙන් පිටුවක්…

Posted in ජීවිතය by admin on

සිඟිති සුරංගනාවිටත් නානාප‍්‍රකාර මව්වරු, පියවරු දකින්න ලැබෙනවා. ඒ මව්පියන්ගෙ දරුවනුත් එක එක ආකාරයි. දරුවන් හැදීම වැඞීමත් විවිධයි. විටෙක සුන්දරයි. විටෙක අමුතුයි. විටෙක කටුකයි. සිඟිති සුරංගනාවි දන්න එක අප්පච්චි කෙනෙක් ඉන්නවා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක බල කණුවක්. අම්ම නම් බොහොම තැන්පත් සාම්ප‍්‍රදායික අම්ම කෙනෙක්. මේ විප්ලවීය අප්පච්චි දරුවන් සම්බන්ධව ක‍්‍රියා කරන්නෙත් අමුතුම තාලෙට. නිදහස උපරිම දීල තියෙනවා. වැරදි පෙන්නල දෙනවා මිස හරි වැරුද්ද තෝර ගන්න උදව් කරනවා මිස අණපණත් පනවන්නෙ නැහැ. සැරවැරත් නැහැ. දඬුවමුත් නැහැ.
read more

no comments.

ලෙන්ටිල් ඈස් එනිතිං

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on July 18, 2013

shanaka

ලෙන්ටිල් ඈස් එනිතිං අවන්හල ගැන දැන ගන්නට ලැබුණේ චරිත දිසානායක මිතුරාගෙනි. ඒ නම අපූරු වැඩක් බව තේරුම් ගියේ එතැනට ගිය පසුවයි.

සෙන්ට් හිල්ඩා හි පිහිටි මේ අවන්හල හිමිකරු ශානක ෆනෑන්ඩු ශී‍්‍ර ලාංකිකයෙකි. මේසයක් පුරා ඇති බත් මාළු පිණිවලින් කැමති පමණ බෙදාගෙන කා බී සතුටු තරමේ මුදලක් ගෙවීමට හැකි වීමයි මෙහි ඇති විශේෂත්වය. නිර්මාංශ ආහාර පමණක් ඉදෙන මේ අවන්හලේ ශී‍්‍ර ලාංකික කෑම බීම මෙන්ම ඉන්දියානු හෝ දකුණු අපි‍්‍රකානු වෑංජනත් පිසෙයි.
අත ඇති පමණට මුදල් ගෙවා යා හැකි වුවත් මෙය සමාජ සේවා ආයතනයක් නොවේ. වැඩපළ කරන කෝකියන්ට, අවන්හල් සේවකයන්ට වැටුප් ගෙවන්නටත්, හාල් එළවළු මිලට ගන්නටත්, ගොඩනැගිලි කුලී සහ ජල විදුලි බිල්පත් ගෙවන්නටත් ආදායමෙන් වැඩි කොටසක් වියදම් වෙයි. ශානක ඒ සියලූ වියදම් පියවා ගන්නේ ’සල්ලි පෙට්ටියේ’ උදව්වෙනි.
read more

no comments.