Contact us now +61(0) 433 638 610

Tag Archives: Life

සංස්කාරක සටහන | Editorial [ 5th June 2014 ]

Posted in ආකල්ප,කාලීන by admin on June 5, 2014

කැඩපත ස්ථීර ලේඛක ලේඛිකාවන් අතරින් වයසින් ලාබාලම ලේඛකයා වන්නේ රන්දික විජේසිංහය. ඔහුගේ සිනමා විචාරය හරහා ඔහු කැඩපත පාඨකයින්ව නොදුටූ විරූ ඉතා අපූරු ඉසව්වන් කරා කැඳවා ගෙන යයි. මෙවර ඔහු කතා කරන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ ගැන ය. ගරිල්ලා මාර්කටින් යන වචනය අපට මුලින්ම හමුවන්නේ ජේ කොනාර්ඩ් ලැවින්සන් විසින් 1984 දී රචිත ‘Guerrilla Advertising’ යන ග්‍රන්ථයෙනි. ගරිල්ලා මාකටින් යනු එහි මතුපිටින් සහ ඇතුළතින් ඉතා ගැඹුරින් විග්‍රහ කළ හැකි ව්‍යාපාරික ක්‍රමවේදයකි. ඉතා කෙටියෙන් එය ‘උපරිම ප්‍රතිඵලයක් ළගා කරදෙන ඉතා ලාභදායී දැන්වීම් ප්‍රචාරාත්මක උපක්‍රමයක්’ ලෙස විග්‍රහ කළ හැකිය. read more

no comments.

කොළඹ කාක්කෝ සහ මෙල්බෝර්න් කාක්කෝ

Posted in කාලීන,ජීවිතය by admin on June 4, 2014

kakko

- මුනිදාස වංශපුර

නරියන්ගේ චාටු බස් වලට රැවටුනු කපුටන් ගැනත්, කපටිකම් වලට හසු නොවන කොළඹ කාක්කන් ගැනත්, අහිංසකයින් ගසා කන මිනී කාක්කන් ගැනත් අපි නොයෙක්විට අසා ඇත්තෙමු. ඒ අතර “වැලගෙඩියක් දැක්කම කොයි කපුටත් එකයි” කියාද කතාවක් ඇත. එහෙත් ඕස්‍‍ට්‍රේලියාවේ කපුටන් ගැන නම් ඒ කතාව සත්‍යයක් නොවේ. බැලු බැල්මට එක වගේ පෙනුනත් මෙහි සිටින ‘කපුටන්’ එකිනෙකාට වෙනස්ය. read more

no comments.

මට වැරදුන තැන් – යමන් බණ්ඩො වෙසක් බලන්ඩ

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on May 23, 2014

wesak thorana

අපේ අප්පච්චීට කරන්නට බැරි වැඩ දෙකක් තිබුණි. එකක් සරුංගල් හැදීම ය. අනෙක වෙසක් කූඩු හැදීම ය. පුංචි මගේ වදෙන් බේරෙන්න බැරි තැන දිනක් අප්පච්චී මට සරුංගලයක් හදා දුන්නා මතක ය. එය ඉරටු කූරු දෙකක් මැදින් බැඳ සෑදූ පැතළි සරුංගලයකි. සරුංගලයක් තනිවම සදා ගැනීමට බැරි වුනත් එය උඩ යාමට නම් බොක්කක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. කොතෙක් පැහැදිළි කළත් අප්පච්චිට සරුංගලයට බොක්කක් දැමීමට නොහැකි විය. මගෙන් බේරෙන්නම බැරි තැන ඔහු සරුංගලයේ ඉදිරි කොණේ නූලක් බැද එය පසුපස කොණට අල්ලා බැඳ සෑදූ බොක්ක ගැන මම නම් කිසිසේත්ම සතුටු නොවිමි. සියල්ලටම වඩා අප්පච්චී සරුංගලයේ නූල බැන්දේ ඉදිරි කෙළවරෙනි. සරුංගලයේ නූල බැඳිය යුත්තේ මැදින් බව මම ඔහුට පැහැදිළි කර දුන්නෙමි. එසේ කිරීමේදී සව් කොළ ඉරී යා හැකි බැවින් එම අදහසට ඔහු එක හෙළාම විරුද්ධවිය. read more

no comments.

Story of a true refugee

Posted in කාලීන,ජීවිතය by admin on May 18, 2014

true refugee

– by Dilini Eriyawala

It was another first day of another semester. The cold dry winter had made the whole state lazy and slow. We were expecting late attendance of students as the public transport services were not at their best either. I waited for the seats of the lecture room to be occupied by at least twenty five students. There was a handsome young boy sitting all by himself. According to my past experience and living in a multicultural state of Australia, I could guess that this young man was from Sudan. He might be from Kenya too. At a glance I realised that his mind was not in this world. read more

no comments.

ආත්මාර්ථය

Posted in ආකල්ප,ජීවිතය by admin on September 9, 2013

- තිමිර විනිවිද

ආත්මාර්ථය නැතිනම් තමා ගැන පමණක්ම සිතීම සියලූ සතුන්ගේ පොදු ලක්ෂණයක් නමුත් මිනිසුන් වශයෙන් අප තුළ ඇති මෙම ස්වභාවය තේරුම් ගැනීම හැම අතින්ම සතුටුදායක ප්‍රථීපල ළගා කර දෙයි. අන් අය තුළ පමණක් නොව ඔබ තුළැති ආත්මාර්ථකාමී ගති ලක්ෂණ ගැන විමසා බලන්න. ඔබ සතු එබඳු ලක්ෂණ සාධාරණීකරණය කර ගැනීමට ඔබ දරන උත්සාහය ගැන විමසිලිමත් වන්න. කිසි ලෙසකින්වත් සාධාරණ නොවූ ඔබේ එබඳු හැසිරීම් හඳුනා ගැනීමට කෙතරම් අසීරුද යන කාරණය ගැන සියුම්ව නිරීක්ෂණය කරන්න. ඒ සිත නිතරම තමන්ට මුහුණ දීමට නොහැකි කාරණා සගවා තබා ගන්නා නිසාය.
read more

no comments.