Contact us now +61(0) 433 638 610

Tag Archives: Medical

සුවඳ පද්ම

Posted in ජීවිතය,වෛද්‍ය විද්‍යා by admin on July 12, 2014

nelum

- මුනිදාස වංශපුර

අප දකින දහසකුත් මල් අතුරින් සුන්දරත්වයේ මෙන්ම පාරිශුද්ධත්වයේත්, උත්තරීතරභාවයේත් සංකේතය වන්නේ නෙළුම් මල යයි කිවහොත් එය අතිශයෝක්තියකැයි මම නොසිතමි. ගොහොරු මඩෙහි ඉපිද, ඉන් මිදී ඉහළ නැග මුළු ලොවම සුවඳවත් කරවන මෙම පුෂ්පයට බුදු සිරිතෙහි, බුදුදහමෙහි හා බොදු කලාශිල්පයන්හි දීද හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. අනුරපුර සමයේ නිමැවුනු සඳකඩ පහනටත්, පුන්කලසටත් පොළොන්නරුවේ ගලින් නිමැවුනු නෙළුම් පොකුණට සේම නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කුළුණුවලටත් නෙළුම් මලේ හැඩරුව එක්වුනේ, එදා සිටම එය අපේ හදවතට සමීපවූ බැවිනි. read more

no comments.

කුඩා දරුවෙකුගේ දතක් මුළින්ම ගැළවී ගියොත් අප කුමක් කළ යුතු ද ?

Posted in කාලීන,වෛද්‍ය විද්‍යා by admin on August 17, 2013

- දන්ත වෛද්‍ය නිලූමි ගුණවික‍්‍රම (Achernar Dental Care – Bundoora)

විවිධ හේතු නිසා පාසැල් යන වයසේ පසුවන කුඩා ළමුන්ගේ දත් කැඞී යාම අප නිතර දෙවේලේ අත් දකින දෙයකි. කුඩා ළමයෙක් වැටී කිරි දතක් ගැලවී ගියොත් ඔබ අනිවාර්්‍යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. නමුත් එවැනි අවස්ථාවකදී එවැනි දතක් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ළමයෙකුගේ ස්ථිර දතක් ගැලවී යාමේදී නම් අප අනුගමනය කරන්නේ වෙනස් කි‍්‍රයාමාර්ගයකි. read more

no comments.