Contact us now +61(0) 433 638 610

Tag Archives: People

සංවාද – ජයතිලක කම්මැල්ලවීර

Posted in සාහිත්‍ය by admin on July 10, 2014

kammellaweera

සංවාද සටහන – මාලන් බණ්ඩාර කපුවත්ත

නිර්මාණ දිවිය තම දිවියේ කේන්‍ද්‍රය කරගත් ජයතිලක කම්මැල්ලවීරයන් ලාංකේය සාහිත්‍ය පෝෂණයෙහිලා අපට ලැබුණු සුවිශේෂී ලේඛයෙකි. මානව දිවියේ ඉසියුම් සම්බන්ධතා හා චිත්තා්‍යභ්‍යන්තරික හැසිරීම් ඉතා සූක්‍ෂමාත්මතාවයෙන් යුතුව ඉදිරිපත් කිරීමේ මනා හැකියාව ඔහුගේ නිර්මාණ හරහා විශද කර පෙන්වයි.

බසේ සංක්‍ෂිප්ත ගුණය කෙරෙහි වැඩිමනත්ම අවධානය කරන කම්මැල්ලවීරයන් පාඨක පරිකල්පනය හරහා ඉතිරිය සපුරා ගැනීමට ඉඩ සලසමින් නිර්මාණකරයේ නියැලෙමින් සිටී. ‘සෝබා’ කෙටිකතා සංග‍්‍රහය එය මනාව සපත කර පෙන්වයි. සංකේත බාහුල්‍යයෙන් ‘චුම්බන කන්ද’ නම් නවකතාව සම්මාන ගණනාවකට පාත‍්‍ර විය. ඔහුගේ අලූත්ම නවකතාව ‘ප‍්‍රින්ස්’ වන අතර ‘ඇස්’ කෙටිකතා සංග‍්‍රහය වේ. read more

no comments.

පාන් කිරිත්තා

Posted in ආකල්ප,ජීවිතය,සාහිත්‍ය by admin on July 9, 2014

pan-kiriththa

-ගීත දේව

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ අපූරු ගීත රචකයා විසින් ශී‍්‍ර ලාංකීය ගීත සාහිත්‍යට දායාද කෙරූ ගී පදමාලාවන්ගේ අගය ගැන පසුගිය වසර විසිපහ පුරාවටම අපි කොතෙක් නම් කතා කරන්නට ඇත් ද ? තවත් දශක ගණනාවක් ඉදිරියටත් මේ සොඳුරු මිනිසා උපනූපන් රසික හදවත්හි සදා නොමැකෙන ළකුණක්ව ජීවත්වනු ඇත.
read more

no comments.

පච්ච කොටනු ලැබේ ….

Posted in ආකල්ප,කාලීන,සාහිත්‍ය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on June 12, 2014

tatoo

[Illustration by Saamantha Tennege]

චාරිත‍්‍ර පුද පූජාවන් කෙරෙහි පමණක් සැළකිලිමත් වූ එක්තරා වයස්ගත භික්ෂුවක් පන්සලේ තිබුණු වටිනා ලී මුවා පිළිමයකට නිතර දෙවේලේ පුද පූජාවන් පැවැත් වී ය. දිනක් උදෑසන පොරවකින් ගසකට කොටන හඬ ඇසී පිටතට පැමිණි නායක ස්වාමීන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ඉතා ආදර භක්තියෙන් සුරකින ලී මුවා ප‍්‍රතිමාව පොරවකින් සැහැ දමමින් සිටි කුඩා සාමනේර හිමි නමකි.
ඉතා කලබලයට පත් නායක ස්වාමීන් වහන්සේ වහා සාමණේර හිමිනම කරා පැමිණ ‘‘අය්යෝ පොඩි තැන මොකක්ද මේ කරන අපරාධය ?’’ කියා ඇසූහ.
‘‘මම මේ බුදු හාමුදුරුවෝ හොයනවා.’’
‘‘ ඕකේ කොහේද බුදුහාමුදුරුවෝ ?’’ නායක ස්වාමීන් වහන්සේ විශ්මයෙන් ඇසූහ.
‘‘එහෙනම් මම මේ පිළිමය කැපුවම මොකද වෙන්නේ.’’
සිත විනිවිද දකින්නට (කර්තෘ ඃ ලියුම්කරු 2002)
read more

no comments.

අශෝක අධිරාජ්‍යයා

Posted in ඉතිහාසය,ජීවිතය by admin on

ashoka

-පියුමි ප්‍රේමරත්න

එච්. ජී වේල්ස් මෙසේ කිය යි.

“ඉතිහාසය පුරාවට තමන්ව ‘උත්තමයාණන් වහන්සේ, නරෝත්තමයන් වහන්සේ, නරේන්ද්‍රයාණන් වහන්සේ’ ආදී ලෙස හඳුන්වා ගත් දහසකුත් රජවරු මෙන්ම අධිරාජ්‍යයෝද සිටිය හ. නමුත් ඔවුන්ගේ බැබලීම කෙටි කාල වකවානුවකට සීමා විය. නමුත් අශෝක අධිරාජ්‍යයා වර්තමානයේදීත්, අනාගතයේදීත් බැබලෙ න්නේ ප‍්‍රභාමත් තාරකාවක් පරිද්දෙනි.” read more

no comments.

ගරිල්ලා මාර්කටින්

Posted in ආකල්ප,කාලීන,ජීවිතය,සාහිත්‍ය by admin on June 10, 2014

g-marketing

- රන්දික විජේසිංහ

විකිණෙම්වා රැකෙම්වා…….

විකිණෙම්වා මියෙම්වා………

මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙහි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංධ්වනිය හා සංගතවූ තේමා ගීතයයි. එයම මෙම නිර්මාණයෙහි ඇති ගැඹුර පිළිබඳ පේ‍්‍රක්ශකයාට ඉගි කරන බව අපට සිතේ. මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ සමාජ දේශපාලනික භූමිකාව පිළිබඳ විචාරයක් නොවේ. එය වෙනම සංවාදයට බඳුන් කළ යුත්තකි. එම නිසා මෙය නිර්මා-ණකරුවාගෙන් වියුක්තව නිර්මාණය ගැන කරන විචාරයක් බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමු. මනුෂ්‍ය සබඳතා, මනුෂ්‍ය ස්වභාවය හා මනෝ රෝග වැනි තලයන්හි සිට ගෝලීය ධනවාදය සමාජ ව්‍යූහයන් හා මිනිස් දේශපාලන සබඳතා කෙරෙහි ඇති කොට ඇති බලපෑම වැනි අතිශය ගැඹුරු තල දක්වා විහිදෙන මෙම නිර්මාණය කියවීමෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන මඳක් සොයා බලමු. read more

no comments.