Contact us now +61(0) 433 638 610

Tag Archives: People

සිය වසකට පෙර නැගී ආ – සරත් සඳ

Posted in Art,ඉතිහාසය,සාහිත්‍ය by admin on June 8, 2014

sarachchandra1

- රංග ප්‍රසාද් පෙරේරා

මා මේ සටහන ලියනුයේ 2014 මැයි මස 26 වැනිදාය. අද මට මේ සටහන ලිවීමට සිදුව ඇත්තේ අදින් වසර සියයකට පෙරාතුව මෙලොවට පහලවූ පුද්ගලයකු නිසාය. නිතිපතා ලොව බොහෝ අය ඉපදෙත ි. මියයති. එසේ වුවද 1914 ජුනි මස තුන් වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ ගම්මානයේ දී උපන් මේ වෙසෙස් මිනිසා තවත් එක් මිනිසකු ලෙස ඉපිද මියයාම වෙනුවට ලෝකයට බොහෝ දේ ඉතිරි කර නික්ම ගියේය. ඔහුගේ පියා චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වාය. හේ තැපැල් ස්ථානාධිපතිවරයෙකි. මව ලිසියා මොරගොඩය. ඔවුන් කලාවට සංගීතයට නැඹුරුවක් තිබූ පවුලක් වුවද තම පුත්‍රයා කලාව, ශාස්ත්‍රය ඔස්සේ ඒසා දුර ගමනක් යනු ඇතැයි ඔවුන් එදා නොසිතන්නට ඇත. එහෙත් එම පුත්‍රයා ගිය දුර කොතෙක්දයත්, මිනිස් සංහතිය නොනැසී පැවතුණහොත් වසර සියයකට නොව තව වසර දහසකට පසුව පවා ඔහු ගැන මෙවන් දේ ලිවීමට මතු පරම්පරාවන්ටද සිදුවනු නොඅනුමානය.
read more

no comments.

මට වැරදුන තැන් – යමන් බණ්ඩො වෙසක් බලන්ඩ

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on May 23, 2014

wesak thorana

අපේ අප්පච්චීට කරන්නට බැරි වැඩ දෙකක් තිබුණි. එකක් සරුංගල් හැදීම ය. අනෙක වෙසක් කූඩු හැදීම ය. පුංචි මගේ වදෙන් බේරෙන්න බැරි තැන දිනක් අප්පච්චී මට සරුංගලයක් හදා දුන්නා මතක ය. එය ඉරටු කූරු දෙකක් මැදින් බැඳ සෑදූ පැතළි සරුංගලයකි. සරුංගලයක් තනිවම සදා ගැනීමට බැරි වුනත් එය උඩ යාමට නම් බොක්කක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. කොතෙක් පැහැදිළි කළත් අප්පච්චිට සරුංගලයට බොක්කක් දැමීමට නොහැකි විය. මගෙන් බේරෙන්නම බැරි තැන ඔහු සරුංගලයේ ඉදිරි කොණේ නූලක් බැද එය පසුපස කොණට අල්ලා බැඳ සෑදූ බොක්ක ගැන මම නම් කිසිසේත්ම සතුටු නොවිමි. සියල්ලටම වඩා අප්පච්චී සරුංගලයේ නූල බැන්දේ ඉදිරි කෙළවරෙනි. සරුංගලයේ නූල බැඳිය යුත්තේ මැදින් බව මම ඔහුට පැහැදිළි කර දුන්නෙමි. එසේ කිරීමේදී සව් කොළ ඉරී යා හැකි බැවින් එම අදහසට ඔහු එක හෙළාම විරුද්ධවිය. read more

no comments.

Story of a true refugee

Posted in කාලීන,ජීවිතය by admin on May 18, 2014

true refugee

– by Dilini Eriyawala

It was another first day of another semester. The cold dry winter had made the whole state lazy and slow. We were expecting late attendance of students as the public transport services were not at their best either. I waited for the seats of the lecture room to be occupied by at least twenty five students. There was a handsome young boy sitting all by himself. According to my past experience and living in a multicultural state of Australia, I could guess that this young man was from Sudan. He might be from Kenya too. At a glance I realised that his mind was not in this world. read more

no comments.

අප්පච්චි

Posted in ජීවිතය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on September 9, 2013

ලංකාවේ පිරිමින් සිය දරුවන්ට විවෘතව ආදරේ කරනු මා දැක ඇත්තේ කලාතුරකිනි. මවක සිය සෙනහස දරුවන් වෙත පාන්නේ නිතර ඔවුන් සිප වැළඳ ගැනීමෙනි. දරුවන් කුස තුළ හොවාගෙන ඔවුන් මෙලොවට බිහි කිරීමට මව දරන වෙහෙසම කිසිවක් නොදොඩාම පියවරු ද දරති. එනිසා ඔවුන්ගේ ආදරය ලොවට පෙනෙන්නේ අඩුවෙනි. මව් සෙනහස ගැන අපි නිතර කතා කරමු. එහෙත් පිය සෙනෙහස ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.

කිසිත් මුවෙන් නොබැණ, සිත් තුළ තම දරු සෙනෙහස සගවාගත් පියවරුන්හටයි “පියවරුන්ගේ දිනයේ” මේ උපහාරය… read more

no comments.

මරණයේ මං පෙතින් ජීවිතය දැකීම

Posted in ජීවිතය by admin on

- වෛද්‍ය ලලිත් විජේසිංහ, (සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි), මහ රෝහල, මහනුවර.

තාත්තා මිය ගියේය.

සහලේ නෑකමින්, ජානමය පිළිඹිබුවෙන්, සංස්කෘතික පදනමෙන් මා හට මෙලොව සමීපතම තිදෙනාගෙන් ප්‍රමුඛයා මගේ තාත්තාය. අම්මා හා සොහොයුරිය අනෙක් දෙදෙනායි.

මිනිසකුට, ලොව දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතරින් තම පියා සුවිශේෂි වෙයි. ඒ, පියා යනු තමන් හට ඡන්මය ලබා දුන් තැනැත්තා වන හෙයිනි. කෙනෙකුට තමාගේ පියා යනු ලොව එකම එක තැනැත්තකු වන හෙයිනි.

“අත්දැකීම් පෞද්ගලික වූව එය ලෝකයට යහපතක් වන පරිදි සමාජයට දිය හැකි නම් එය සුදුසු පරිදි සමාජ ගත කළ යුතුය.” ඒ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් අප සමග නිරන්තරයෙන් පවසන්නකි. මෙම ලිපිය පෙළ ගැසෙන්නේ එම උපදේශය මාසිත් හි රදවා ගෙනයත බුද්ධිය ද හදවත ද එක සේ ලෝකය දෙසට දල්වාගෙන යත එම ආලෝකයෙහි ලියැවෙන මෙවදන් ලොවට කිසියම් හෝ යහපතක් සදහා පදනම වේවා යැ යි හගිමිනි. read more

no comments.