Contact us now +61(0) 433 638 610

Tag Archives: Politics

Sri Lanka needs to change its monetary unit

Posted in කාලීන by admin on May 19, 2014

coins

By Edward Theophilus Wanigasekera

Historical evidence of Sri Lanka unambiguously indicates that she had been used monetary units in different names in the past before the current monetary unit, Rupee introduced into the country. The fascinating coins triumphal arch installed in Bank of Ceylon Head Quarters in Colombo displays the models of different monetary units had been administered in Sri Lanka in the history. A controversial view on currency printing in Sri Lanka has already expressed by a Sri Lanka’s academic that counterfeit coins of foreign currencies were printed in Sri Lanka before 2000 years ago. read more

no comments.

අනේ අපි කවදාක …….. ?

Posted in කාලීන,දේශපාලන by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on July 3, 2013

mata-weraduna-then

කිසියම් කෙනෙකු හෝ දෙයක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් අප තුළ විවිධ අදහස් හා මතිමතාන්තර ඇති වීමට බලපාන සාධක අභ්‍යන්තර හා බාහිර යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි යැයි අපි සිතමු. අභ්‍යන්තර කරුණු යනු කිසියම් සිදුවීමක් අරඹයා අප විසින් එළැඹෙන උපකල්පන හා කරණු ලබන තර්ක විතර්කයන් ය. බාහිර සාධක යනු අපගේ චින්තනය, හැසිරීම් සහ ආකල්ප කෙරෙහි බලපෑ අපෙන් පරිභාහිර වූ සාධකය. එහෙත් පසුගිය සිදුවීම් හා අවස්ථාවන් ගැන සලකා බැලීමේදී එම අභ්‍යන්තර හා බාහිර සාධක යන ද්විත්වයම නිවැරදි නොවූ අවස්ථා වැඩි බව අපගේ පුද්ගලික අත්දැකීම ය. මීට හේතුව කුමක් විය හැකි ද ?

read more

no comments.

පාන් නැත්නම් කේක්!!!

Posted in ජීවිතය,දේශපාලන,සාහිත්‍ය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on June 10, 2013

pan-neththan

අතීත කතාව

යොවුන් දැරිය වටපිටාව දෙස බැලුවේ කුතුහලයෙනි. ගිම්හානයේ උනත්, ඇයට හිරු එලියේ රස්නයක් දැනුනේ නැති තරම්ය. මී මැස්සෙක් මලකින් පැණි බීවේය. ඒ මේ අත පාවී යන සමනලුන් ඇගේ දෙතොලට එක්ක කලේ සිනාවකි. ‘අනේ මටත් මේ වගේ සමනලියක් වෙලා ඈතට ඈතට පියාඹලා යන්ට ඇත්නම්’ ඈ සිතුවාය. ඒත් මව දමා කෙසේ නම් යන්ටද? ඈ තම නලලට වැටුනු කෙස් රොදක් සකස් කලාය.

‘මේ මගුල කෙරෙන්ටම ඕනි, අපි හැමෝම අතරේ සාමයක් පවත්වාගෙන යන්ට ඕනි නම්’ අම්මා කියද්දී ඇය උන්නේ අම්මාගේ පිටුපසට මුවාවෙලාය. ‘කුමරිය තාම පොඩි වැඩී නේද ‘ ඇසුවේ කවුදැයි ඇයට මතක නැත්තේය. ‘නිසි වයස එනකල් ඇයව එහේ තියාගත්තාවේ’ අම්මා ඊට පිලිතුරු දුන්නාය. read more

no comments.

ආඳපානේ සිටාණෝ

Posted in දේශපාලන by admin on March 16, 2013

- එස් පියසේන [ඉන්දියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්]

අකුරැස්ස ප‍්‍රදේශයේ විජේසිංහ පරපුර පාරම්පරිකවම ඉඩම් හිමි ධනවතුන් වූහ. ඒ පවුලේ සමාජිකයන් හා සාමාජිකාවන් විවාහ වූයේද ප‍්‍රභූ පවුල්වල සාමාජික සාමාජිකාවන් සමගය. අපේ කතානායක වන සරත් විජේසිංහයන් ආඳපාන වත්තේ හිමිකරැ වූයේ එකදාස් නවසිය තිහ දශකයේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වූයේ සේදවත්තේ විජේවර්ධන පවුලේ වෝල්ටර් විජේවර්ධන මහතා සමගය. වෝල්ටර් විජේවර්ධන ලේක් හවුස් නිර්මාතෘ ඞී. ආර් විජේවර්ධන මහතාගේ බාල සොහොයුරාය. ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ ඇවැස්ස මාමාය. ආන්දෝලාත්මක උපාලි විජේවර්ධන මහතාගේ පියාය. read more

no comments.