Contact us now +61(0) 433 638 610

Tag Archives: Quotes

ලස්සන අදහස්

Posted in කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on September 3, 2013

විමුක්තිය තනි තනිව

සොයා ගත යුතුය - ඕෂෝ

මම විප්ලවය ගැන දේශනා කරන්නේ නැහැ. ඇත්තටම මම විප්ලවයට ඉඳුරාම විරුද්ධ කෙනෙක්. මම කතා කරන වචන අයිති වෙන්නේ අනාගතයට. වර්තමානයේ බුද්ධිමත්ව කටයුතු කරන හැමෝම විප්ලවවාදියෝ හැටියටයි මම දකින්නේ. මොකක්ද මේකේ තියෙන වෙනස ?

විමුක්තිය කියන්නේ තනි තනිව ලබා ගතයුතු දෙයක්. මහ සෙනගක් එකතු කරගෙන කරන්න දෙයක් එතන නැහැ. ඒ වගේම දේශපාලනය, බලය වගේම ප්‍රචණ්ඩත්වයට වුනත් විමුක්තිය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. විමුක්තිය කියන්නේ ඔබේ සිතීමේ ක්‍රමය, ඔබේ නිහඬත්වය සහ ඔබ ඔබ සමගම කටයුතු කර ලබා ගත යුතු දෙයක්. ඒක අධ්‍යාත්මික විපර්යාසයක්. read more

no comments.

Quotes

Posted in Uncategorized by admin on February 6, 2013

ford

ලොව අඥානයෝ දෙදෙනෙකි. ඉන් එක් අයෙක් කෝටිපතියෙකි. ඔහු සිතන්නේ මුදල් මතින් නියම බලය ලද හැකි බවය. අනෙකා අතේ සතේ නැති ප‍්‍රතිසංස්කරණවාදියෙකි. ඔහු සිතන්නේ එක් පංතියක් අත ඇති මුදල් ගෙන තවත් පංතියකට ලබා දී ලොව පවතින සියලූ ප‍්‍රශ්න සමනය කළ හැකි බවය. ඔවුන් දෙදෙනාම ගමන් කරන්නේ වැරදි පාරවලය. එසේම ඔවුන් සිය ස්වයං මුළාව නිසාම ලොව සිටින දක්ෂයෝ දාං ලෑල්ලෙන් ඉවත් කරමින් සිටිති. අපේ කාලයේ ජීවත් වන ඉතාමත් සාර්ථක මුදල් උපයන්නෝ මිනිස් ප‍්‍රජාවේ සුභසාධනය උදෙසා තඹ දොයිතුවක දෙයක්වත් කර නොමැත. එසේම සූදු කී‍්‍රඩාවේ නිරත මිනිහෙක් ලෝකයාගේ සමෘද්ධිය වෙනුවෙන් කර ඇත්තේ මොනවාද ? read more

no comments.

ලස්සන අදහස් | Beautiful Thoughts

Posted in Uncategorized by admin on December 13, 2012

ජීවිතය පන්දු පහක් අහසට විසිකරමින් කරන ක්‍රීඩාවක් යැයි අපි මදකට සිතමු. ඔබට ඒ පන්දු පහ – රැකියාව, පවුල, ශරීර සෞඛ්‍ය, යහළු මිත‍්‍රාදීන් සහ ඔබේ අධ්‍යාත්මය යනුවෙන් නම් කළ හැකිය. දැන් ඒ පන්දු පහම ඇත්තේ අහසේය.
-බ්‍රයන් ඩයිසන්
(කොකා කෝලා සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී)

read more

no comments.