Contact us now +61(0) 433 638 610

Tag Archives: Reviews

තොටුපලේ භික්ෂූව

Posted in ජීවිතය,සාහිත්‍ය by admin on September 14, 2014

thotupole-bhikshuwa

- ඉසුරු ප්‍රසංග

තොටුපලේ භික්ෂූව
කුමක්ද හිමියනි
ඔලොගුවෙහි
වෙහෙසින් නොවෙද අතවැසි
රිදුම් දෙද ඔබේ දෑස
තොටියා සොයන
මීදුම් විදින උදෑසන
read more

% comment.

ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ

Posted in සාහිත්‍ය by admin on

ala-hithak

- ගීතදේව

අස්වනු නෙළා ගත් පසුව එහි අග‍්‍ර ඵලය ලෙස අලූත් සහල් මිටක් ශී‍්‍ර මහා බෝධියට හෝ දළදා වහන්සේට පිදීම පුරාණයේ පටන් අද දක්වාම නුවර කලාවියේ ගොවි ජනයා විසින් ඉටු කරනු ලබන චාරිත‍්‍රය කි. එකල ලාංකික ගැමියාත්, කෘෂිකාර්මික දිවි පෙවෙතත් එකිනෙකින් වෙන් කළ නොහැකි විය. මඩ සෝදගත් කළ ගොවියා රජකමටත් සුදුසු බව කීවේ රොබර්ට් නොක්ස් ය. ඒ පාලකයෙකු සතු බුද්ධිය, අවස්ථානෝචිත ප‍්‍රඥාව, නොසැලෙ නබව ආදී වූ ගුණාංග වලින් එකල ගොවියාද පොහොසත්ව සිටින්නට ඇති නිසා වන්නට පුළුවන. read more

no comments.

විසිවැනි සියවස උපන් පබාවතියේ

Posted in සාහිත්‍ය by admin on August 6, 2014

-ගීතදේව

අසම්මත පේ‍්‍රමයක යුක්තියුක්ත බව හෝ බිඳුනු පේ‍්‍රමයක විප‍්‍රයෝගී දුක තරම් ගීත රචනාවකට සුදුසු තවත් නිමිත්තක් ඇත් ද ? එහෙත්, නාගයෙකු ගස් දෙබලකින් රිංගා ගොස් පරණ සැව ගලවා ඉවත හරින්නාක් මෙන් එකී ගතානුගතිකත්වයෙන් මිදී, සම්මත පේ‍්‍රමයේ සදාතනික නැවුම් අපූර්වත්වය නැවත නැවතත් විඳ ගැනීමට අසන්නාව යොමු කරවන අතිශය ළයාන්විත ගීතයකි, චන්ද්‍රසේනරන්ගේ විසින් හැත්තෑව දශකයේ මුල් භාගයේ රචනා කළ ‘‘ජීවිතේ තුරුණු වසන්තේ’’. මේ ගීතයේ පදමාලාව නිරායාසයෙන්ම කෙනෙකුගේ සිතක් නිවා සනසන්නේ ය. වික්ටර් රත්නායකයන් පදමාලාවට උචිත ලෙස ගීතයට මුසුකළ සංගීතයත්, සුමධුර සුගායනයත් රසික හදවත් ඇද බැඳගෙන දැහැන්ගත කරවන්නට තරම් සමත් ය. read more

no comments.

හෙට දවසට අපට කළ හැකි දෙයක් නැත

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on August 4, 2014

දහනම වන සියවසේ මුල් කාලයේදී පමණ ලංකාවට ආනයනය කෙරුණු ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රය එකල ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ කතා කරන මැෂිම ලෙසයි. නාගරික ධනවත් සමාජයේ සුවිශේෂී ගෘහ භාණ්ඩයක් බවට පත්ව තිබුණු මෙම යන්ත‍්‍රය සිංහල ගීත ගායකයන්, සංගීතඥයන් සහ රසිකයන් අතර සම්බන්‍ධයක් ඇති කල මුල්ම අතරමැදියා විය.

නූර්ති හා නාඩගම් නරඹමින් දෘෂ්‍ය රසවින්දනයත් ශ‍්‍රව්‍ය රසවින්දනයත් ලබමින් සිටි රසිකයන් ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙන් මෙම නූර්ති හා නාඩගම් ගී රස වින්දනයට පටන් ගන්නවාත් සමගම දෘශ්‍ය රසවින්දනයෙන් ඈත් වී ගියේය. මෙම ග‍්‍රැමෆෝන් තැටිවල ඉල්ලූම ඉහළ යෑම සිදුවුණ අතර නව වෙළඳපළක් බිහිවීමේ ප‍්‍රවණතාවයද ඇතිවිය.
read more

no comments.

ගරිල්ලා මාර්කටින්

Posted in ආකල්ප,කාලීන,ජීවිතය,සාහිත්‍ය by admin on June 10, 2014

g-marketing

- රන්දික විජේසිංහ

විකිණෙම්වා රැකෙම්වා…….

විකිණෙම්වා මියෙම්වා………

මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙහි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංධ්වනිය හා සංගතවූ තේමා ගීතයයි. එයම මෙම නිර්මාණයෙහි ඇති ගැඹුර පිළිබඳ පේ‍්‍රක්ශකයාට ඉගි කරන බව අපට සිතේ. මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ සමාජ දේශපාලනික භූමිකාව පිළිබඳ විචාරයක් නොවේ. එය වෙනම සංවාදයට බඳුන් කළ යුත්තකි. එම නිසා මෙය නිර්මා-ණකරුවාගෙන් වියුක්තව නිර්මාණය ගැන කරන විචාරයක් බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමු. මනුෂ්‍ය සබඳතා, මනුෂ්‍ය ස්වභාවය හා මනෝ රෝග වැනි තලයන්හි සිට ගෝලීය ධනවාදය සමාජ ව්‍යූහයන් හා මිනිස් දේශපාලන සබඳතා කෙරෙහි ඇති කොට ඇති බලපෑම වැනි අතිශය ගැඹුරු තල දක්වා විහිදෙන මෙම නිර්මාණය කියවීමෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන මඳක් සොයා බලමු. read more

no comments.