Contact us now +61(0) 433 638 610

Tag Archives: Reviews

ජන කවියක අහුපෑවත – මට තනි නැත නුඹ නාඩන් උල ලේනී

Posted in සාහිත්‍ය by Dayapala Jayaneththi [ දයාපාල ජයනෙත්ති ] on September 3, 2013

වර්තමානයේ මෙන්ම මෝටර් රථවාහන නොතිබුණ පැරණි කාලයේ ගමන් බිමන් සහ භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගනු ලැබුවේ ගවයන් බැදි කරත්තය. කඩමණ්ඩියක පිහිටි ප්‍රදේශයක පවා කරත්තයක්, තිරික්කලයක් යාමට හැකි පාරවල් තිබුණේ සුළු ප්‍රමාණයකි. කදුකර හා හෙල් බෑවුම් ඇති ප්‍රදේශවල අඩි පාරවල් ඔස්සේ පයින් ගමන් බිමන් යාමට පුරුදු වී සිටි ජනතාව භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් උපයෝගී කොටගෙනය. තවලම යනු එක් ගවයකුගේ පිට මත දෙපසට වන සේ සාක්කු යෙදූ ගෝනි එලා එම සාක්කු පිරෙන සේ භාණ්ඩ පුරවා ගෙන ගමින් ගමට වෙළදපළටත් වෙළදපළෙන් ගමටත් එම ගවයා දක්කා ගෙන යමින් සිදුකරනු ලබන ප්‍රවාහනයට යි.

පිටිසර බද පිහිටි දුෂ්කර ගම්මානවල සිට රැගෙන යනු ලබන ඇතැම් තවලමක් ගමනාන්තයට යාමට දින ගණනාවක් ගතවන අවස්ථා ඇත. මෙසේ විවිධ ගම් ප්‍රදේශවලින් පැමිණෙන තවලම් අතර මගදී වාඩිලාගෙන වෙහෙස මහන්සි හැර යළිත් ගමනාරම්භ කිරීම සිරිතකි. ඇතැමුන් ගොනුගේ බර හෑල්ලූ කොට ඌට තණකොළ කවා තමනුත් උයාපිහා ගෙන කා බී ගිය අවස්ථා ගැනද තොරතුරු පවතී. එපරිදි තවලම් කීපයක් එක් වී වාඩිලාගෙන සිටි ස්ථාන පිළිබද සලකුණ දැනුදු ශේෂව තිබේ. තවලම, තවලම්පිටිය, තවලම්තැන්න, තවලම්තොට ඉන් කිහිපයකි. read more

no comments.

භාවනා සක්මනයි මේ

Posted in සාහිත්‍ය by Geetha Deva [ ගීත දේව ] on August 10, 2013

bhawana-sakmana

පෙරහැරේ සිරි වඩන තෙද වන්ත පා ගමන

සද්දන්ත කුල මෙමට අභිමනක් නොවන්නේ
දෙතිස් වද දුන්නෙ මට මිනිසුන්ට මෙත් වඩන
භාවනා සක්මනයි මේ පෙරහැරේ කරන්නේ

බඹදත්ට බිසවුන්ගෙ දොළට දළ දන් දුන්න
සද්දන්ත පරපුරට උපන් බිම කළ අහිමි
සංසාර දුර වඩන පවු කරන මිනිසුන්ට
පෙරහැරේ මම ගයමි කුංඡුනද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ
read more

no comments.

ගී කැණි මඬළ – මරණයේ භාවනාව

Posted in Art,සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on June 8, 2013

maranaye-bhawanawa

(සිත්තම – සාමන්ත තැන්නගේ)

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
මේ පාලූ යාමයේ
පරඬැලා පත් මත
සර සර හඬින්
මරණයේ පා සලන
ස්වරයේ නද අසමි
read more

no comments.

කාංචනා සඳමාලිගේ ”සඳ කැළුම්” කුළුදුල් ගීත තැටිය

Posted in සාහිත්‍ය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on March 26, 2013

නූතන තාක්ෂණය නිසා අද සංයුක්ත ගී තැටියක් එළි දැක්වීම එදා තරම්ම දුෂ්කර කාර්යයක් නොවන බව පෙනෙන්නට තිබෙන කරුණකි. දුෂ්කර වන්නේ කෙනෙකුගේ විඳීම, අවබෝ්ධය සහ ප‍්‍රඥාව අවදි කරවන සාරගර්භ නිර්මාණයන් බිහිකිරීමය. කලාතුරකින් අපට අසන්නට ලැබෙන හරවත් ගීතාවලියක් ඇතුළත් සාරගර්භ සංයුක්ත තැටියක් ලෙස කාංචනා සඳමාලිගේ ”සඳ කැළුම්” කුළුදුල් ගීත තැටිය හඳුන්වා දිය හැකිය. ඉතා සූක්ෂම පදමාලා තෝරා ගැනීම නිසාම ඇගේ නිර්මාණාවලිය තවත් එක් ගීත ඇල්බමයකට වඩා වෙනස් වේ. මෙහි ගී පද මාලා සහ සංගීතය ගවේෂණය සහ අධය්‍යනය යන කාරණා වලින් ඔප වැටී ඇති බැව් වටහා ගැනීමට ටියුඩර් අමරසේනයන්ගේ ‘කිරි කඩ හේළේ’ සහ රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ කලාපේ ‘රන් මකුළු දේනුව’ යන ගේය පද මනා පිටිවහලකි. read more

no comments.

අඳුරු කුටිය තුළ

Posted in සාහිත්‍ය by Tudor Amarasena [ ටියුඩර් අමරසේන ] on March 17, 2013

අඳුරු කුටිය තුළ දොරගුලූ ලාගෙන
ගයන ගීතිකා… යදින යාතිකා
දෙවියන් හට නෑසේ…
පොළව කොටන තැන.. පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ….
බලන් කඩතුරා හැර දෑසේ…..
read more

no comments.