Contact us now +61(0) 433 638 610

Tag Archives: Short Stories

ලස්සන කතාවක්

Posted in ආකල්ප,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on September 3, 2013

— එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ

එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.

ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. read more

no comments.

භාවනාව

Posted in සාහිත්‍ය by admin on August 17, 2013

Bawanawa_Dilini eeriyawala

- දිලිනි ඊරියවල

‘‘අද බබාල දවසම ගෙදරද නංගි ?’’

‘‘අනේ නෑ යසෝමක්කෙ, අදත් අමරෙ ගෙදර ඉඳල බබාලව ටියුෂන් පන්ති ගෙනියන්නම් කිව්ව.’’

පි‍්‍රයංගනී දකුණතින් උතුරු සළුව සකසා ගත්ත. පත්කඬේ එලාගෙන බෝ මැඩ සිලි සිලිය විඳිමින් සතුටු සාමීචියක යෙදුන පි‍්‍රයංගනීගෙ උකුළ මත පිරුවාණා පොත් වහන්න්සෙ උදාසීනව පෙරළිලා ඉන්නව. යසෝමගෙ වම් අතේ ඇගිලි අතරින් නව ගුණ වැල ඔහේ ඈනුම් අරිනව.

ටාං ටාං ටාං read more

no comments.

ලස්සන කතාවක්

Posted in ජීවිතය by admin on

නැති බැරි අයට පරිත්‍යාග කිරීම නිසා ඒ අය සිය ගුණයකින් සතුටට පත් වන බවත්, තව තවත් අයට පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් ධෛර්යමත් වන බවත් මම දන්නවා. මගේම අත්දැකීමට අනුව හිසට වහළක් පවා නොමැති මිනිසෙක් දවසක් මට නිවසට යාමට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් අරන් දුන්නා. සාමාන්‍යයෙන් සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර පවල් දුම්රිය නැවතුම් පොළේ ඉඳන් විශ්ව විද්‍යාලයට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක ගාන ඩොලර් දෙකක්. මම නිතරම ඒ ගමණට අවශය කාසි රැගෙන යාමට අමතක කරන්නේ නැහැ. read more

no comments.

ඊට පස්සේ පැවති ඉබ්බා සහ හාවා අතර තරගයේ ප‍්‍රතිඵලය

Posted in සාහිත්‍ය,හසරැලි by admin on

ඉබ්බා සහ හාවා අතර පැවති තරගයෙන් ඉබ්බා දිනුවාට පස්සේ අනිත් සත්තු ඉබ්බාට ඔහුගේ ධාවන වේගය වැඩි කරගැනීමට නොයෙක් විදිහෙ උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒත් මේ එක්කෙනෙක්වත් තරගයේදී හැබෑවටම වුණු දේ දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ගෙන් කොටසක් හිටියෙ තරගය පටන්ගන්න තැන. අනෙක් කොටස හිටියෙ තරගය අවසන් වන තැන. හාවා වේගයෙන් ඈතට දුවගෙන යන හැටියි පළමු කොටස දැක්කෙ. අනිත් කොටස දැක්කෙ ඉබ්බා ගාටමින් දිනුම් කණුව පසුකරද්දී හාවා අසුරු සැණින් ආ බවත් විතරයි. ඉබ්බා වේගයෙන් දුවනවා කවුරුවත් දැක්කෙ නැතුවට කොතනකදී හරි ඉබ්බා වේගයෙන් දුවපු බව ඔවුන් විශ්වාස කළා. තරගයේ මුලදී ඉබ්බා වැඩි වේගයකින් ඇවිත් හාවා පසු කරල සැළකිය යුතු පරතරයක් තබාගෙන ඉන්පස්සෙ වේගය අඩුකරන්නට ඇති බව ඔවුන් විශ්වාස කළා. තරගයේ දිනීම ගැන තිබුණු හොඳම හා එකම පැහැදිලි කිරීමත් එය විතරයි. කැළේ සත්තු ඔරලෝසු පාවිච්චි කරන්නෙ නැති නිසා තරගෙට කොච්චර වෙලාවක් ගියාද කියලත් කවුරුත්ම දැන හිටියෙ නෑ. read more

no comments.

අද ලස්සන දවසක්. ඒත්…..

Posted in ආකල්ප,ජීවිතය,සාහිත්‍ය by admin on July 3, 2013

kachaya

Short Online Film that won the 2008 Cannes Online Competition: Historia de un Letreo (The Story of a Sign)
Director : Alonso Alvarez Barreda
Running Time : 04:50
Year : 2007
Country : Mexico/ U.S.A
Category : Short film

එක් දිනක් වයෝවෘධ අන්ධ මිනිසෙක් නගරයේ මිනිසුන් ගැවසෙන තැනක සිඟමන් යදිමින් සිටී. පසෙකින් දිස් වන්නේ පුවරුවක් සහ බෙලෙක් ටින් එකකි. පුවරුවේ දැක්වෙන්නේ ‘‘මා අන්ධ මිනිසෙකි. මට උදව් කරන්න’’ යනුවෙනි. බෙලෙක් ටින් එකේ ඇත්තේ කාසි එක දෙකකි. මහ මග යන දෙනොදාහක් දෙනා අතරින් එකෙක් දෙන්නෙක් ඉඳ හිට ඔහු දෙසට කාසියක් දෙකක් විසි කරන්නේ ය. ඒ ද ඕනෑවට එපාවටය. ඒ අතර හොඳින් ඇඳ පැළඳ ගෙන මහ මග ගමන් කරන එක් තරුණ මිනිසෙකුගේ ඇසට ඉහත කී අන්ධ මිනිසා හසු වේ. ඔහු යන ගමන නවතා නැවතත් හැරී විත් අන්ධ පුද්ගලයාව හොඳින් විමසයි. තරමක් කල්පනාකාරීව අන්ධ මිනිසා අසල ඇති පුවරුව අතට ගන්නා ඔහු එය අනෙක් පසට හරවා යමක් ලියා තමා යමින් සිටි ගමන යයි.
read more

no comments.