Contact us now +61(0) 433 638 610

Tag Archives: Short Stories

පුරාතන ලංකාවේ මුල් වැසියෝ – රාක්ෂයෝ

Posted in Uncategorized by admin on June 8, 2013

rakshasa

-හේමමාලා හේරත් (H Parker ගේ Ancient Ceylon ග‍්‍රන්ථය ආශ‍්‍රයෙනි.)

මුල්ම ආර්ය ආක‍්‍රමණිකයන් ඉන්දියාවට පැමිණෙද්දී , ඔවුන් ගෙන ආ මිත්‍යා මත රැසකි. ඒ අතර මිනිසාට වින කරන බිහිසුණු සතුන් කොටස්ද විය. මේ අතර රාක්ෂයින් ලෙස හැඳුන්වුනු කොටසට ලැබුණේ සුවිශේෂි තැනකි. මෙවුන් ක‍්‍රියාකාරී වූයේ රාත‍්‍රී අඳුරත් සමගය. ඔවුන් තම නියම ස්වරූපයෙන් පෙනී නොසිටියද, මුල් පදිංචිකරුවන්ගේ කරදර සියල්ලටම මුල්වූයේ, රාක්ෂයින්ගේ ක‍්‍රියාකලාපය බව ආර්යයෝ විශ්වාස කළහ. රාත‍්‍රී කාලයේ ඇසෙන ඕනෑම ගුප්ත හඬකින්, විශේෂයෙන් බස්සකුගේ නාදයකින් පවා කියැවුනේ, ගම්මානයේ හෝ අසල්වැසි කූඩාරමක සිටි අයෙකුට කිසියම් ඇබැද්දියක් සිදු වූ බවය. එහෙත් හිරු උදාවත් සමග මේ බිහිසුණු සත්ව කොටස් ඝන කැලෑ තුළට වැදී, සැගවී ගියෝය. ආර්යයන්ගේ සතුරන් වූ ගෝත‍්‍රික ආදිවාසීන්, ඔවුන්හට පහර දීමට පෙළඹුණේ, මේ රාක්ෂයන් නිසා බව ඔවුහු විශ්වාස කළෝය. මේ නිසා, හිරු, ගිනි දෙවිවරුනට සහ අහස, කුණාටු ආදී සියල්ලටම අධිපතිවූ ඉන්ද්‍ර දෙවියන්හට නිතර නිතර පාහේ පුද පූජා පැවැත්විණි. හින්දු වේද ග‍්‍රන්ථවල ඔවුන් විනාශ කිරීම සඳහා වෙනම ගාථා සඳහන්ව ඇත. වේද ග‍්‍රන්ථවල එන ගාථා අනුව, රාක්ෂයන් මායාකරුවන් ලෙසද, ඔවුන් මිනිසුන්ගේ මනසට අරක්ගන්නා බවද, ඔවුනට ආරූඨවන බවද, එමෙන්ම ඔවුනට ඕනෑම කරදරයක් කළහැකි කොටසක් බවද පෙනීයයි. read more

no comments.

නෙත් අඳ මුත්

Posted in ජීවිතය,සාහිත්‍ය by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on June 7, 2013

anda-sira

මට හදිසියෙන්ම වගේ සිරිසේනව මතක් වුනා. සිරිසේන පිළියන්දල ප‍්‍රධාන බස්නැවතුම් පොලේ අනුන්ට අතපාලා කීයක් හරි හොයාගත්තු අන්ධ මනුස්සයෙක්. පිළියන්දල හරහා මොන පැත්තකට යන බස් එකක වුනත් නැංග ඕනම කෙනෙකුට සිරිසේනව අමතක වෙන්න විදියක් නෑ.

සිරිසේන , එහෙම නැත්නම් ගමේ කවුරුත් කතා කරන ‘‘අන්ධ සිරා’’ නිතරම ඇන්දේ සුදුපාට අත්කොට බැනියමක් හා සරමක්. බැනියම සුදුපාට අනාට ඒක කළුපාටයි බස් නැවතුම හරහා යන බස්වල දුම වැදිලම ඒක කළුපාට වෙලා. ඉදලා හිටලා අත්කොට කාකි කමීසයක් අදිනවා. බස්නැවතුම් පොලෙන් ඒ මේ අත යන බස්වල නගින අයට සිරිසේන කලේ අපූරු සේවයක්.
read more

no comments.

පොඩ්ඩිගේ රඟපෑම

Posted in සාහිත්‍ය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on April 12, 2013

මේ දවස්වල පොඞ්ඩිගේ වැඬේ, ඉඩක් ලැබුනු හැටියේ ටෙලිඩ‍්‍රාමා බලන එකය. ලංකාවේ මොහොතකට හරි ජීවත් වෙන්ට ලැබෙන්නේ ඒ වෙලාවට ය. ඒ වගේම ලංකාවේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන රටාවත් මේවායින් තේරුම් ගත හැක. පේන විදියට හැම තැනකම වෙන්නේ එක්කෝ පෝසත් කොල්ලෙක්, දුප්පත් කෙල්ලෙක් එක්ක යාළුවෙන එකය. නැත්නම් දුප්පත් කොල්ලෙක්, පෝසත් කෙල්ලෙක් එක්ක යාළුවෙන එකය. ගෙවල්වලින් එන කරදර, රස්සා නැතිව තියෙන ප‍්‍රශ්න, සමාජ දූෂණ, වගේ දේවල්ය. කෙටියෙන් කීවොත් එකම දේවල්ය. දුප්පත් පවුලක උනත් කෙල්ලන් ඉන්නේ, ලස්සනට ඇඳලා, මේක් – අප් කාරිය දාලාය. මේවා දැක්කාම ඉතින් පොඞ්ඩිටත් හිතුණේ, රඟපාලා බලන්ට තියනවා නම් කොච්චර හොඳද කියලාය. read more

no comments.

අත්හල පියාපත

Posted in සාහිත්‍ය by admin on March 26, 2013

pic-1303-06

- වත්සලා උපමාලි ලේකම්ගේ

“මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න …. වෙන වැඩ නැද්ද මෙතන.”

දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද , පාසල් දරුවන් කන්දේ ඉහළ සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එබීමට පොරකයි.

ගුරුතුමිය ගේ වචන පයිසෙකට මායිම් නොකළ කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬල මුව වසා ගත් ඇඟිලි අතරින් පැන විත් රැව් දේ. read more

no comments.

කෙටි කතාව

Posted in ආගමික,සාහිත්‍ය by Tharangani Resika [ තරංගනී රෙසිකා ] on December 18, 2012

පවිත‍්‍රා තාමත් එළියට වෙලා මොකද කරන්නේ…. පල්ලි යන්න ලෑස්ති වෙන්නෙ නැද්ද?’’

අම්මා කෑ ගැසුවේ දෙවෙනි වතාවටය. පවිත‍්‍රා නිසොල්මනේ උන්නාය. නත්තල් ගී රාවයක් ඈත නිවසකින් නික්මී පවිත‍්‍රා වටා සැරිසරන්නට විය. උඳුවප් හුළඟ හීතලය. නමුදු හිතේ ඇවිලෙන ගින්න නිවන්නට ඒ හුළඟට හයියක් නැත. පල්ලියට ගොස් ජේසුගේ මුහුණ බලන්නේ කෙසේද? ජේසු අම්මාට මුහුණ දෙන්නේ කෙසේද? ඊටත් වඩා ගෙට ගොස් අම්මාගේ, තාත්තාගේ මුහුණ බලන්නේ කෙසේද? පවිත‍්‍රා හීල්ලූවාය. read more

no comments.