Contact us now +61(0) 433 638 610

Tag Archives: Women

ඔව් මට ඒඞ්ස්… ඒත්

Posted in කාලීන,ජීවිතය by [ සාමන්ත තැන්නගේ ] Saamantha Tennege on July 9, 2013

1862_44779996955_2814_n

ඇගේ නම පි‍්‍රන්ස් මංගලිකාය. කෙනෙකුට තම ජීවිත කාලය තුළදී ඇසීමට හැකි අතිශය වේදනාකාරී පුවත ඇගේ කණ වැටුණේ වසර 2001 ජූලි දෙවෙනිදා ය. ඒ ඇගේ සැමියා හට එච්. අයි. වී ආසාධනය වී ඇති පුවත කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් පවසා සිටි විටය.

‘‘හැමදේම එක පිට එක කඩා වැටුණා වගේ දැනුනට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. වෛද්‍යවරු අපේ හිත හදලා කරන්න ඕන උපදෙස් දුන්නා. කිසිවෙකුට මේ ගැන නොකියා සැමියා රැක බලා ගත යුතු ආකාරය ඔවුන් අපට කියා දුන්නත් හැම දේම කණපිට හැරුණේ එදා ? අපි ගමට එනකොට. රෝහලේ වැඩ කරපු සුළු සේවකයෙක් අපි ගමට එන්න කලින් මේ විස්තරය ගම හැම තැනම ප‍්‍රචාරය කරලා. මිනිස්සු අපේ ගෙදරට ගල් ගැහුවා. අපේ දරුවෝ දෙන්නා පාසල් ගියාම අනික් ළමයිගේ දෙමාපියෝ ඇවිත් ඒ අයව ගෙවල් වලට එක්ක ගියා. පංතියේ ඉතුරු වුණේ අපේ ළමයි දෙන්නා විතරයි. මේ දේවල් විඳගන්න බැරිව හිතේ දුක වැඩි කමට මහත්තයා සිය දිවි හානි කරගත්තා.’’
read more

no comments.

මයුරිගෙ කතාව

Posted in කාලීන by Priyananda Wijesundara [ ප්‍රියානන්ද විජේසුන්දර ] on March 11, 2013

ශීලා ජීවත් වූනේ ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ නම්සාර් කියන ප‍්‍රදේශයේ. වෘත්තියෙන් බොම්බායේ ආයතනයක ගණකාධිකාරීවරියක්. වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් එංගලන්තයේ ජීවත් වෙනවා. ශීලාගේ මවත් ඔවුන් සමග එංගලන්තයේ ජීවත් උනා. ශීලාගේ සැමියා ජග්දීශ්. ඔහු තමාගේම ව්‍යාපාරයක් ජීවිත වෘත්තිය කරගෙන සිටියා. ශීලාටත්, සැමියාටත් දියණියන් දෙදෙනෙකු සිටියා. වැඩිමහල් දියණිය ජයශ‍්‍රී. දෙවැන්නිය මයුරී. ජග්දීශ් ටිකෙන් ටික බීමට ඇබ්බැහි වෙලා. අන්තිමට හොඳම බේබද්දෙක් උනා. read more

no comments.

දරුවෝ නැති අම්මාලා

Posted in කාලීන by Priyanka Kahawanugoda [ ප්‍රියංකා කහවණුගොඩ ] on February 10, 2013

නිරන්තරයෙන්ම ‘‘අම්මා – අම්මා’’ කියමින් මා පසුපස ඒම මගේ කුඩා දැරියන් දෙදෙනාගේ සිරිතකි. කියන්නට යමක් ඇතිවත් නැතුවත්, ඔවුහු අම්මා කියමින් ඇ‍ඟේ දැවටෙති. වැඩක් පළක් කරගන්නට තියා මට තනියම යමක් හිතන්නටවත් ඉස්පාසුවක් නැත. ‘‘ඒක එහෙම වුනේ කොහොමද ?, මේක මෙහෙම වෙන්නේ කොහොමද ?’’ වැනි දහසක් ප‍්‍රශ්න ඔවුන්ට ඇත. read more

2 comments.

අප‍්‍රකට සිංහල වීරවරියෝ

Posted in සාහිත්‍ය by Sanjeewani Samaraweera [ සංජීවනී සමරවීර ] on February 6, 2013

රට කුඩා වුවද වසර දහස් ගණනාවක් පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන්නට තරම් ශී‍්‍ර ලාංකිකයෝ පොහොසත් වෙති. ඉතිහාසය පුරාවටම ඇත්තේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ගැන ලියැවුන කතාන්තරය. ජාතියේ හිතසුව පිණිස තම දිවි දෙවැනි කොට කටයුතු කළ අභීත විරුවන් ගැන අදටත් අප කතා කරන්නේ ආඩම්බරය මුසු වූ හැගීමකිනි. එසේ වීරයන් ගැන කතා කළද අපේ ගෞරවාදරයට පාත‍්‍ර විය යුතු වීරවරියන්ද බොහෝ ගණනක් ශී‍්‍ර ලාංකික වංශයට උරුම වී ඇත. නමුත් මේ වීර චරිත කෙරෙහි සැලකිය යුතු අවධානයක් මෙතෙක් යොමුව ඇති බවක් පෙනෙන්නට නැත. read more

no comments.